බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා රූ රැජණගේ සැකසහිත මරණය ගැන සොහොයුරා තොරතුරු සොයයි

by Lanka Sara Editor
ජූලි 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

1962 වසරේ ලංකා රූ රැජණ ලෙස නමක් දිනා පසුව බොලිවුඩ් චිත්‍රපට නිළියක ලෙසද කටයුතු කළ ජෙනිෆර් ඉන්ග්ලෙටන් මහත්මිය ගේ මරණය සැක සහිත බවත් අවසන් කාලයේ ඇය රැක බලාගත් පුද්ගලයා ඇයගේ සියලුම දේපළද සැක සහිත අන්තිම කැමති පත්‍රයකින් ලියා ගෙන ඇති බවත් පවසන ඔහුගේ සොහොයුරා මේ පිළිබඳව තමන් දන්නා කොරතුරු ඉදිරිපත් කරන ලෙස මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි.

මීට ටික කලකට පෙර ජෙනිෆර් ඉන්ග්ලේටන් මහත්මිය මිය යන විට ඇය 78 වියේ පසුවූවාය. වැන්දඹුවක වන ඉන්ග්ලෙටන් මහත්මිය මෙරට කිසිදු දූ දරුවකු හෝ ඥාතියකු නොමැතිව බොරැල්ල ප්‍රදේශයේ නිවසක තවත් පුද්ගලයකුගේ උපකාර මත ජීවත් වී ඇත.

මේ වනවිට එංගලන්තයේ පදිංචි මෙරටට පැමිණ සිටින ඔහුගේ සහෝදරයා වන ටොනි හෝක් මහතා පවසන්නේ ඇය මිය ගිය ආකාරය පිළිබඳව යම් සැකයක් මතු වන බවයි.

ඇය ජීවත් ව සිට ඇත්තේ ඇය සහභාගී වූ නර්තන පන්තියක දී මිතුරු වූ පුද්ගලයකු සමඟිනි. මෙම පුද්ගලයා ඇය රැක බලා ගත බව පැවසෙන අතර පසු කලෙක මෙම පුද්ගලයා කිසිදු ආකාරයකින් මෙම කාන්තාව සමඟ ඇයගේ සමීප ඥාතීන්ට සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දී නොමැති බව ඇයගේ සොයුරු ටෝනි පවසයි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පසුගිය වසරේදී ඇය රෝගාතුර වී රෝහල්ගත කොට ඇති අතර රෝහලින් පිටවී ගිය පසු ඇයට තම පවුලේ ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමඟ ගත කිරීමට ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය වුවද මෙම පුද්ගලයා ඇයට එම ගමන සඳහා ඉඩලබා දී නොමැත.

එසේම ඊට හේතු වන්නේ මෙම කාන්තාව රෝගාතුර වී රෝහල් ගත කොට සිට ඇති අතර එයින් නිවසට ගිය පසුව ඇයගේ ඥාතීන් කිසිවකුට ඇය සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දී නැත.

එසේම ඇයගේ ඥාතීන්ට අනුව ඇය අසනීප වන තෙක් ජෙනිෆර් මහත්මියට තම ජංගම දුරකථන භාවිත කිරීමට හෝ කිසිදු වෙනත් දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අවස්ථාවක් මෙම පුද්ගලයා විසින් ලබා දී නොමැති බවද සඳහන් වේ.

කෙසේ වුවද හෙළිව ඇති තොරතුරු අනුව අවසන් කැමැති පත්‍රයකින් ඇය සතු දේපළ මෙම පුද්ගලයා වෙත පවරා ඇති බවත් මෙම අවසන් කැමැති පත්‍රයේ කිසිදු ලිපිනයක් සඳහන් ‍නොවන පුද්ගලයන් පස් දෙනකු අත්සන් කොට ඇති බවත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් කටයුතු කරන නීතීඥ ඉයන් ප්‍රනාන්දු මහතා පවන්නේ ජෙනිෆර් ඉන්ග්ලෙටන් මහත්මියට අයත් නිශ්චල දේපළ සමබන්ධයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පවතින වාර්තාද අතුරුදන් වී ඇති බවය.

එබැවින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මේ වනවිට බොරැල්ල පොලිසියට පැමිණිලි කොට ඇති අතර යමකු අදාළ පුද්ගලයා සහ මෙම සිදුවීම පිළිබඳ ව යම් තොරතුරක් වෙතොත් 0722251749 හෝ 0112 432097 දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි නීතීඥ ඉයන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඹුරුපිටිය මූලික රෝහලේ සුව විරුවෝ මගට බසිති

Next Post

ගලධාරී මත්පෙති ජාවාරමත් හිරකූඩුව ඇතුළේ සිට කළ එකක්

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.