බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා මුහුදු තීරයේ කෙරෙන ඉන්දීය ධීවරයන්ගේ ධීවර කොල්ලයට වැට බඳින්න…

ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳ ඇරඹි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව වටයේ දී ශ්‍රී ලාංකික දූත පිරිස යළිත් ඉන්දියාවෙන් ඉල්ලයි...

by editor
දෙසැම්බර් 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා මුහුදු තීරයේ ධීවර සම්පත ඉන්දීය ධීවරයන් විසින් දඩයම් කිරීමේ ගැටලුව පිළිබදව වහාම අවධානය යොමු කරන ලෙස  ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව වෙත යලිත් නිල වශයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම කර තිබුනේ  මන්නාරම් බොක්ක, පෝක් සමුද්‍ර සන්ධිය ධීවර කටයුතු සම්බන්ධ ද්විපාර්ශවික කරුණු සාකච්ඡාව සඳහා     කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික සකාච්ඡා මාලාවක මුල්ම අදියර වූ රජ්‍යය දෙකේ රාජ්‍ය නිලධාරීන් විසින් ඊයේ පවත්වන ලද සාකච්ඡාවේ දීය.

මෙම සාකච්ඡාව අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලැබුවේය.

මෙහිදී ශ්‍රි ලංකා දූතපිරිස මෙහෙයවන ලද්දේ ධීවර අමාත්‍යාංශ ලේකම්වරිය වූ ආර්.එම්.අයි රත්නායක  විසිනි. ධීවර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා නාවික හමුදාවේ හා ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක බලකායේ ඉහළ මට්ටමේ නිළධාරීන් මෙම දූත පිරිසට අයත් විය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ඉන්දීය   පිරිසට නායකත්වය දුන්නේ ධීවර හා සත්ව පාලන හා කිරි නිශ්පාදන අමාත්‍යාංශයේ ධීවර දෙපාර්තමේන්තුවේ ලේකම් ආචාර්ය රජීව් හණ්ජන්   විසිනි. ඉන්දීය දූත පිරිස ධීවර හා සත්ව පාලන හා කිරි නිශ්පාදන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යයේ ධීවර අමාත්‍යාංශය හා පාන්ඩිච්චේරි ප්‍රාන්ත රාජ්‍යය, ඉන්දියානු නාවික හමුදාව හා ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් ඇතුළත් විය.

ශ්‍රී ලාංකික දූත කණ්ඩායමෙන් පිරිසක්…

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන දහස් සංඛාත ධීවරයින්ගේ ජීවනෝපාය අහිමි වීම සහ ඔවුන්ගේ ධීවර උපකරන වලට ඉන්දීය ධීවරයින් විසින් හිතාමතා සිදු වු හානිය පිළිබදව ශ්‍රී ලංකා දූතපිරිස දැඩි ලෙස මෙහිදී  කරුණු ඉදිරිපත් කරන තිබිණි. දෙ

මෙම තත්වය විසඳීම සඳහා දැඩි පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පාර්ශවය ඉන්දියානු පාර්ශවයෙන් ඉල්ලා සිටියේය. ගැඹුරු මුහුදේ මසුන් මැරීම ඇතුළු වෙනත් විකල්ප ජීවනෝපාය සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශවල ධීවරයින් දිරිමත් කිරීමත්   ඉන්දියානු මධ්‍යම රජය හා අදාල ප්‍රාන්ත රාජ්‍යයන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳව  විස්තරයක් ඉන්දීය නියෝජිත කණ්ඩායම විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදි.

දෙරටේ නීතිය බලාත්මක කිරීම බලධාරීන් අතර ඒකාබද්ධ මුර සංචාර හා දුරකථන ඇමතුම් ක්‍රියාත්මක කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ඉල්ලා සිටි අතර එයට ඉන්දියානු නියෝජිත පිරිස එකඟ විය.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී මෑතකදී අත්අඩංගුවට ගත් ඉන්දියානු ධීවරයින් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේදී  ශ්‍රී ලංකා නීති බලධාරීන් ඉතා ඉක්මනින් එම නිදහස් කිරීම සහතික කරන ලෙස ඉන්දීය නියෝජිත පිරිස ලංකා රජයෙන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකා දූත පිරිස 2018 අංක 01 දරන විදේශීය ධීවර බෝට්ටු පනතේ විධි විධාන පැහැදිලි කළහ.

නීතිමය ක්‍රියාපටිපාටිය අවසන් වු වහාම අත්අඩංගුවට ගත් ධීවරයින් ආපසු  ඉන්දියාවට යැවීමට කටයුතු කිරීමට ශ්‍රී ලංකා දුත පරිස සහතික වූහ.    ඔවුන් අත්අඩංගුවේ සිටින කාලය තුළ පහසුකම් පිළිබඳවද කටයුතු කරන බවට ඔවුන් පොරොන්දු විය.

ශ්‍රී ලංකා ධීවරයින් අරාබි මුහුදට ගොස් ආපසු පැමිණීම සඳහා ඉන්දියානු රජයේ වී.එම්.එස්. හරහා ආරක්ෂිත මාර්ගයක් ලබා ගැනීමට   ඉන්දියානු රජයේ සහාය ඉල්ලු අතර ඒ සඳහා ඉදිරි කාලයේදී සලකා බැලීමට එකඟ විය.

සංවාදය දිගටම කරගෙන යාම සඳහා දෙරටේම අමාත්‍ය මට්ටමෙ රැස්වීමක් කැදවීමටත් දෙපාර්ශවයම එකඟ වුහ. මෙම සාකච්ඡාව සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ඍජුව මැදිහත් වු අතර මේ සම්බන්ධයෙන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද උනන්දුවකින් කටයුතු කළේය. .

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් දෙකට ගන්න පුළුවන් කොවිඩ් එන්නත ආණ්ඩුව වැඩි ගාණට චිනෙන් සහ රුසියාවෙන් ගන්න හදනවා

Next Post

සිනමා ශාලා සඳහා හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්  

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.