අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෙදි නැතිව දේශපාලකයින්ට කඩේ යන්නට පෙර  සියලුම රාජ්‍ය නිලධාරීන් අධ්‍යයනය කළ යුතු  “හර්ෂ ඉලුක්පිටිය “ ව්‍යසනය…

by editor
මැයි 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් එක්සත් රාජධානියේ පුරවැසි ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි විය. ඒ සමඟ සංචාරක වීසා මත 2014 දී  ඇය අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි දා සිට වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ ජීවත් වූ ආකාරය පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසීමට ආගමන විගමන බලධාරීන් සූදානම්වන බව වාර්තා වී ඇත.

ආගමන විගමන නිලධාරීන්ට තවත් අහවල් දෙයක්  නීතිපතිවරයාගෙන්  විමසන්නට ඇතිදැයි අපට වැටහෙන්නේ නැත. සංචාරක වීසා මත 2014 දී  ඩයනා ගමගේ  අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි දා සිට වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ ජීවත් වූ ආකාරය  ගැන මුල්ම අවබෝධය තිබිය යුත්තේ නීතිපතිවරයාට නොව, ආගමන විගමන පාලකවරයාටය.  ඒ තොරතුරු ඔහු නොදැන සිටියේ නැත. දැන් ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ඡය කර තීන්දුවක් ලබා දී ඇත.

ඩයනාට කළ යුතු දේ ගැන   නීතිපතිවරයා විමසීමට තවත් උත්සාහ කරන ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටියගෙන් මේ රටේ මිනිස්සුන්ට අහන්නට ඇත්තේ එක දෙයකි. “ ඉලුක්පිටිය…  ඔයා බබා ද?

ඉලුක්පිටියලා සිය වෘත්තීය භාවය පසෙක තබා රට ඉදිරියේ ගැසූ වංගුව අවබෝධ කරගන්නට ඩයනා ගමගේ සම්බන්ධ නඩුවේ සංක්ෂිප්තය තේරුම් ගත යුතුය.

දිවිත්ව පුරවැසි භාවය සහ විදේශ පුරවැසිකම

මීට පෙර රට කථා කළේ ද්විත්ව පුරවැසියන් ගැනය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සංස්ථාගත කරන විට ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති හෝ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා මැතිවරණවලට ඉදිරිපත් වීම තහනම් වූයේය.  එම සංශෝධනයත් සමග  ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ප්‍රවීන නිළියක මෙන්ම  දේශපාලඥයෙකු වූ ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය. ඇය ද්විත්ව පුරවැසි භාවය අත්හැර යළිත් තරග කර පාර්ලිමේන්තුවට පැමිණියාය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

2019 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සිදු විය. කෙසේ වෙතත්, ඔහුගේ රජය යටතේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේදී ද්විත්ව පුරවැසියන්ට නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට හැකි වන පරිදි මෙම ප්‍රතිපාදනය අවලංගු කරනු ලැබුවා පමණක් නොව ඇමරිකානු පුරවැසි භාවය ද සහිත ද්විත්ව පුරවැසියෙක් වූ බැසිල් රාජපක්ෂ  පාර්ලිමේන්තුවට නම් කළේය.  ඔහු රටේ මුදල් ඇමති බවට ද පත්වුනේය. අරගලයෙන් පසු සමාජයේ ඉල්ලීම මත සිදුවන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළිත් වරක් ද්විත්ව පුරවැසියන්ගේ පාර්ලිමේන්තු නියෝජනය  අවලංගු කළේය. බැසිල් පාර්ලිමේන්තුවෙන් ඉවත් වූයේය.

මේ වනවිට තවත් ද්විත්ව පුරවැසියන් දස දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන බව ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ මාධ්‍යයට හෙළි කළහ. මේ පුද්ගලයින් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකව තිබෙද්දී  ව්‍යවස්ථා විරෝධීවය. මේ වනවිට 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ද ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම නීති විරෝධී ය.  එහෙත් එසේ ඉන්න උන් තමන්ගේ අනීතික රැඳී සිටීම පිළිගෙන ඉවත් වන්නේ නැත.

මේ සම්බන්ධව මැතිවරණ කොමිසමෙන් විමසනවිට   මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසන්නේ අපේක්ෂකයින් මැතිවරණයට තරඟ කිරීම සඳහා නාමයෝජනා භාරදීමේදී ඔවුන්ගේ විදේශීය හෝ ද්විත්ව පුරවැසිභාවය පරීක්ෂා කළ නොහැකි බවය.

ඩයනා ගමගේ සම්බන්ධව ප්‍රශ්නය මීට වඩා සංකීර්ණය. එසේ සංකීර්ණ වීමට හේතුව     ද්විත්ව පුරවැසි භාවයවත් රහිත ඩයනා එංගලන්තයේ පුරවැසියෙක් වීමය. ශ්‍රී ලාංකිකයෙක් නොවන ඇය  වසර 10ක් තිස්සේ වලංගු වීසා බලපත්‍රයක් රහිතව රටේ රැඳී සිටීමය. එතැනින් නොනැවතී   පාර්ලිමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය ඇමතිවරියක ලෙස කටයුතු කර රාජ්‍ය තන්ත්‍රයේ බලය තමන්ගේ අභිමතය පරිදි යෙදවීමය.  නිති අණපත් සංශෝධනයේ දී ඡන්දය ප්‍රකාශ කරමින් ඊට දායක වීමය. ඒ සියල්ල අතර රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිතා කිරීමය.

විජාතික ඩයනා පාර්ලිමේන්තුවට පැමිණීමේ කුපාඩිකම පැහැදිලිව දැනගෙන රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇය රාජ්‍ය අමාත්‍ය ධූරයක සන්තර්පනය කර අවසන් මොහොත තෙක් ඇයව ආරක්ෂා කරගැනිම සඳහා කටයුතු කිරීමය.

ඩයනාගේ නඩුව

ඩයනාගේ ජඩකමේ නිරුවත හෙළි කරන්නේ දූෂණ කුඩු කර දමන්නට අයෝමය හස්ථ මවා පෙන්වන දේශපාලනය නොවේ. එම දේශපාලන බලවේග විසින් රටේ උත්තරීතරම තැන කෙලෙසන විදේශ පුරවැසි භාවය සහිත අසංවර පිල්ලිය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ  සමාජ මතය නියෝජනය කිරීම ප්‍රතික්ෂේප කරන්නේය. ඒ සඳහා ඉදිරිපත් වන්නේ එක් සිවිල් ක්‍රියාකාරිකයෙකි. ඔහු ඕෂල හේරත්ය.

විජාතික ඩයනාට එරෙහි මේ  නඩුකරය ඕෂල හේරත් විසින් ගොනු කරන්නේ මීට අවුරුදු හතරකට පෙරය. ඔහු මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව පැමිණිල්ලක් යොමු කරන්නේ වර්ෂ 2020 නොවැම්බර් මාසයේය. පැමිණිල්ල සම්බන්ධව විශේෂ ප්‍රගතියක් වාර්තා නොවන තැන ඕෂල හේරත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත එන්තරවාසියක් යවමින් මේ නඩුවේ කරුණු අධිකරණයට ගොනු නොවන ආකාරය ප්‍රශ්න  කරන්නේය.

කෙසේ වෙතත්     ඕෂල නඩුවක් ගොනුකිරීමට පෙර සිටම ඩයනා ගමගේ ගේ කුපාඩිකම සම්බන්ධව විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වා තිබිණි.  එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශ රාජ්‍ය නිලධාරීන්වන   පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අගමන විගමන පාලක,  උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ලේකම්වරු, මුදල් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීන් අට දෙනෙකුගෙන් පමණ යුතු  කණ්ඩායමකින් ප්‍රකාශ  සටහන් කරගෙන තිබිණි.

ඕෂල හේරත් යැවූ එන්තරවාසියෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා   බී වාර්තාවකින් අධිකරණයට  කරුණු ඉදිරිපත්  කරමින් හෙළි කර තිබුනේ ඩයනා ගමගේ හොර උප්පැන්න සහතික සකස් කරගනිමින්, ව්‍යාජ තොරතුරු ලබා දී හැඳුනුම්පත් ලබා ගනිමින්, ව්‍යාජ තොරතුරු සහිතව විදේශ ගමන් බලපත්‍ර සකස් කරමින් සිදුකළ අපරාධ වැලකි.  එහෙත් මේ බී වාර්තාවේ විශේෂයක් වූයේය.  ඒ සිවිල් නීතිය අවලමේ යැවූ ඩයනා ගමගේ දණ්ඩනීති සංග්‍රහය යටතේ  වරදක් කර ඇති බව ප්‍රකාශ කළත්  ඇය සැකකරුවෙක් හෝ වරදකරුවෙක් ලෙස නම් නොකිරීමය. ඇය අත් අඩංගුවට ගැනීමට  නිර්දේශ නොකිරීමය.

ඩයනා ගලවා ගැසූ බී වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු විශේෂ සිදුවීමක් විය. එනම්  එම විමර්ශනය කිරීමට මුල් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මකවන පරිදි පොලිස්පති ඩී.සී වික්‍රමරත්න විසින් ස්ථාන මාරු කිරීමය.

ව්‍යවස්ථාව අවලමේ යැවූ ජනපති 

යළිත් මෙම නඩුව කරලියට එන්නේ අරගලයෙන් පසු බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් පසුය. රනිල්  සියල්ල දැන දැනම  එතෙක් මන්ත්‍රීවරියකව සිටි මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට   රාජ්‍ය ඇමතිකමක් පිරිනමා අනතුරුව රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ද ලබා දීමට අවස්ථාව සලසන්නේය.

සියල්ලටම උඩින් ව්‍යවස්ථාව ඇති බව කියා ව්‍යවස්ථාවේ පිහිටෙන් රටේ ජනාධිපති වී ව්‍යවස්ථාව රැක ගැනීම සඳහා සුවිසයිඩ් කරගන්නට සැරසෙන රනිල් වික්‍රමසිංහ   රටේ ව්‍යවස්ථාව පමණක් නොව දේශපාලනයේ  මූලික  සදාචාරය ද අවලමේ යැව්වේ එසේය.

වර්ෂ 2022 දී  ඕෂල හේරත්   නැවත වරක් මහේස්ත්‍රාත් අධිකරණයේ මෝසමක් ගොනු කළේය. ඒ අනුව නැවත නඩුව කැඳවිනි. දීර්ඝ වශයෙන්   විමර්ශන සිද්ධ වෙද්දි  ඩයනා ගමගේ අත් අඩංගුවට ගන්නා ලෙස පැමිණිලි පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේ දී  සිදුවූයේ  ව්‍යවස්ථාවත් බාල්දුකර පාර්ලිමේන්තුව තුළ හැසිරෙන මෙම බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව අත් අඩංගුවට ගැනීමට නීතිපති විරුද්ධ වීමය.

එතනදි මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට  ඩයනා ගමගේට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යතාවයක් නැතැයි  පැහැදිලිවම හැඟී යන බවය.

ඇය සිදුකර ඇත්තේ ඉතාම පැහැදිලි සංඥය වැරදි බැවින් ඩයනා ගමගේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණ නියෝග අවශ්‍ය නැති බව මහේස්ත්‍රාත්වරයා පවසන්නේය.

නීතිය ක්‍රියාත්මක කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස නියෝග කර නඩුව පැත්තකින් තබන්නට මහේස්ත්‍රාත්  අධිකරණය කටයුතු කරන්නේය.

දැන් නඩුව ඉදිරියට යන්නේ නැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ඉල්ලයි. එම උපදෙස් එනතුරු කිසිවක් කරන්නට බැරි බව කියයි.  නීතිපති උපදෙස් නොදෙයි.  පැමිණිලිකාර පාර්ශවය ඩයනාව අත් අඩංගුවට ගැනීම සඳහා පුද්ගලික නඩුකරයක් ගොනු නොකර  අභියාචනාධිකරණයට යන්නට තින්දු කරන්නේ මේ වටපිටාවේදි ය. ඔවුන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නේ බ්‍රිතාන්‍ය පුරවැසි ඩයනාගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලමිනි.

ඉලුක්පිටිය අධිකරණයට කී බබා කතාව

අභියාචනාධිකරණයේ දි නඩුව විමසන විට ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට කැඳවනු ලැබුවේය. ඩයනා ගමගේට  2022 අග භාගයේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක්   නිකුත් කර තිබුනේ මේ ආගමන විගමන පාලක ය.

හර්ෂ ඉලුක්පිටිය ආගමන විගමන පාලකවරයා අධිකරණයට  දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේය. එහි දී ඔහු අධිකරණයට  කියන්නේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කරනු ලැබූ ඩයනා ගමගේ සහ බ්‍රිතාන්‍ය පුරවැසි වංචාකාරි ඩයනා ගමගේ එක් අයෙක් යැයි තමන් නොදන්නා බවය. මේ ගොබ්බ කතාව දිවුරුම් ප්‍රකාශයකින් කී හර්ෂ ඉලුක්පිටිය කළ මජර වැඩේ හෙළි වන්නේ ඉන් පසුවය.

හර්ෂ ඉලුක්පිටියට කලින් ආගමන විගමන පාලකවරයා ලෙස කටයුතු කළේ සරත් රූපසිරිය. සරත් රූපසිරිගේ වකවානුවේත් ඩයනා ගමගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම් කර තිබිණි. එහිදී ඔහු ඩයනා ගමගේ කූට ලේඛන සහිතව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කරගෙන, හැඳුනුම්පත් සකස් කරගෙන නීති විරෝධීව කටයුතු කරන විජාතික කාන්තාවක් බවත් ඇයට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක්  තමන්ට නිකුත් කළ නොහැකි බවත් ලිඛිතව ආරක්ෂක ලේකම්වරයාට දන්වා තිබිණි. එම ලිපිය ද ඇය සම්බන්ධව වූ ලිපිගොනුවේ තිබෙද්දී හර්ෂ ඉලුක්පිටිය ඩයනා ගමගේ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කළා පමණක් නොව, මේ ඩයනාත් ඒ ඩයනාත් එක ඩයනා කෙනෙක් දැයි තමන් නොදන්නා බවට අධිකරණයට දිවුරුම් පෙත්සමකින් දන්වා සිටියේය.

විජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක් බව දැන දැන ඩයනාට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කළ ඒ හර්ෂ ඉලුක්පිටිය දැන් ඩයනා 2014 සිට මේ දක්වා වලංගු වීසා බලපත්‍රයක් නැතිව රටේ ජිවත් වුන ආකාරය ගැන නීපතිගෙන් විමසන්නේය. අප මේ හිනාවෙන්නේ කොයි පැත්තෙන්දැයි කල්පනා කරන ගමන්ය.

ඉලුක්පිටියට එරෙහිව නඩු

මේ වනවිට හර්ෂ ඉලුක්පිටියට එරෙහිව ඕෂල හේරත් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.  එම පැමිණිල්ල හැදැරීමෙන් පසු අල්ලස් හෝ දූෂණ කොමිසම එහි බරපතලකම ගැන අවධාරණය කර එම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

එසේම තවත් සමාජ ක්‍රියාකාරියෙක් වූ දර්ශන හඳුන්ගොඩ ද හර්ෂ ඉලුක්පිටියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ. එහෙත්  ඉලුක්පිටියට  එරෙහිව  සීඅයිඩි විමර්ශන තවම අරඹා නැත. ඒ විමර්ශන දේශපාලන බලයෙන් වසා ගන්නට කරන උත්සාහ සීමා වනුයේ එක් දුරකට පමණක් බව ඩයනා ගමගේ පෙන්වා දී ඇති බව හර්ෂ ඉලුක්පිටිය දැන් තේරුම් ගත යුතුය.

ඩයනා ගමගේ ලා ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව  පමණක් නොව නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයින් ද ඇඹරුන ආකාරයට වැඩේ මේ ආකාරයෙන් පත්තු වනු ඇතැයි හර්ෂ ඉලුක්පිටියලා කල්පනා නොකරන්නට ඇත. මේ රටේ කවුරු කවුරුත් දැන් තේරුම් ගත යුත්තේ ජනතාව වෙනස් බවය.

අභියාචනාධිකරණය දූෂිතයා වරදකරු නොකරන විට, විත්තියේ  වාචික අමුණමින් දීර්ඝ නඩු තීන්දු ලියා ඉහළ අධිකරණයක දී පවා සාධාරණය ඉටු කරගැනීමට අසීරු  සංකීර්ණතා  ඇති කරන විට අධිකරණය කෙරෙහිම විශ්වාසය තබමින් සමාජය වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම ඉටුකිරීමේ අභිලාෂකාමී පුරවැසියන් දැන් මේ රටේ සිටින බවය.  රටේ දූෂිත මජරකමේ රූපණයක් ද සහිතව  බ්‍රිතාන්‍ය පුරවැසි කාන්තාවගේ අලජ්ජී හැසිරීම හෙළිකළ මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එහි ප්‍රතිඵලයක් බවය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබුණු පසුත් ඩයනාට නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපති උපදෙස් පතන නපුංසක රාජ්‍ය නිලධාරීන්ට දැන් අපට යෝජනා කිරීමට යමක් ඇත. ඒ අය පමණක් නොව, මේ රටේ සමස්ථ රාජ්‍ය සේවකයින් ඉදිරියේ දී පිපිරීමට නියමිත හර්ෂ ඉලුක්පිටිය ව්‍යසනය දෙස  විචාරශිලීව බලා සිට අධ්‍යයනය කළ යුුතු බවය.

තමන්ට කෙළවෙන විට තමන්ට නියෝග දුන් රනිල් වික්‍රමසිංහ ඔහු පසුපසින් ඇවිත් සිටගනු ඇතැයි හර්ෂ ඉලුක්පිටිය විශ්වාස කරන්නේ නම් ලංකා ඉතිහාසයේ ඉතිහාසගත මෝඩයා ඔහු ය. එහි දෙකක් නැත.  අනික් උන්ටත් ඒ ඇත්ත අවබෝධ වන්නට තමන්ට කෙළවෙන තුරු සිටිනවා නම්  ඒ ඇත්තන්ට කියන්නට ඇත්තේ ගෞරවයෙන් බුදු සරණයි කියා පමණ ය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජබ ඩයනලාගේ බූදලක් නොවන හැටි රන්ජිත් මද්දුම බණ්ඩාර ජී.එල් සමග ඇවිත් පැහැදිලි කරයි…

Next Post

චන්ද්‍රිකා සජිත් එක්ක එක්වීමට සැරසෙයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.