බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිෂාඩ්ගේ නිවසේ දැරිය දූෂණය වූයේ කා අතින්දැයි සොයන්න පොලිස් කණ්ඩායමක් ඩයගම යයි

by Lanka Sara Editor
ජූලි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී පිළිස්සිමකට ලක්වීමෙන් පසුව මියගිය මෙහෙකාරියගේ මරණය පිළිබඳව විමර්ෂණ සිදුකරන පොලිස් කණ්ඩායම් ඇය දූෂණයට ලක්වූයේ කා අතින්ද යන්න සෙවීම පිළිබඳව මූලික අවධානය යොමු කොට ඇති බව වාර්තා වේ. ඇය ගිනි තබා ගෙන ඇති බවට සැලකීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි මේ වනවිට ලැබී ඇති බැවින් පොලිසිය ඇය බාල වයස්කාරියක ලෙස දූෂණයට ලක්වූයේද යන්න පිළිබඳව විමර්ෂණවල අවධානය යොමුව ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට විශේෂ විමර්ෂණ කණ්ඩායමක් ඇය ජීවත් වූ ඩයගම ප්‍රදේශයට ගොස් ඇත. පොලිස් විමර්ෂණවලින් මෙතෙක් හෙළිව ඇති කරුණුවලට අනුව ඇය බැලීම සඳහා ඇයගේ සොහොයුරා බවට කියන තරුණයා වරක් කොළඹ පැමිණියද ඇය බලන්නට අවස්ථාවක් ලබා නොදුන් බවට ප්‍රකාශ කළද ඔහු එලෙස පැමිණ නොමැති බව අනාවරණය වී ඇත. ඒ සම්බන්ධයෙන් තරුණියගේ මවගෙන් ගන්නා ලද ප්‍රකාශවලින් ද තහවුරු වී ඇත්තේ ඇගේ සහෝදරයා වරක් ඇයව බලන්න කොළඹ එන්නම් යැයි දුරකථනයෙන් කථාකරන විට ඇය පවසා ඇත්තේ ඔයා තනියම ආවොත් මාව බලන්න තියා ගෙටවත් ගන්නේ නැති වෙයි. ඒ නිසා අම්මා එක්ක එන්න යැයි කියා ප්‍රකාශ කළ බවය. ඒ අනුව සහෝදරයා ඇයව බලන්න කොළඹ පැමිණ නොමැති බව තහවුරු වී ඇත.

පොලිස් අරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙම සොහොයුරා දැරියගේ මවගේ මුල් විවාහයේ සහෝදරයෙකි. එම මුල් විවාහයේ සැමියාද සිරුරට ගිනි තබා ගැනීමෙන් මියගොස් ඇත. මිය ගිය දැරිය මවගේ දෙවැනි විවාහයේ දරුවෙකි. මවගේ මුල් විවාහයේ සහෝදරයා අවුරුදු 16 සම්පූර්ණ වන තුරු සිට ඇත්තේ මග්ගොන පිහිටි ළමා රැදවුම් මධ්‍යස්ථානයක බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත. දැරිය අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ දමිළ විද්‍යාලයයක ඉගෙනුම ලබා ඇති අතර හයේ හෝ හතේ පංතියෙන් පසු ඔවුන් ඩයගම පදිංචියට ගොස් ඇත.
රිෂාඩ්ගේ නිවසේ තිබුණු, මෙහෙකාරිය ගිනි තබාගැනීමට භාවිත කළ භූමිතෙල් බෝතලය ගෙනාවේ කවුද යන්නද සැකයට තුඩු දී තිබුණු අතර මේ වනවිට හෙළිව ඇත්තේ එය මීට වසර එක හමාරකට පමණ පෙර හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ මව විසින් එම නිවසට ගෙන එන ලද්දක් බවය. ඇයගේ පාදයේ පැවැති ආසාදනයකට අත් බෙහෙතක් ලෙස භූමිතෙල් මුසු කිරීම සඳහා මෙසේ එම තෙල් නිවසට ගෙනවිත් තිබේ.

කෙසේ වුවද ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි. තරුණියට කිසිදු පහරදීමක් සිදුව නැති බවට අධිකරණ වෛද්‍යවරයා තහවුරු කර ඇති අතර ඇය පිළිස්සුම් තුවාල සහිතව ගෙනා මුල් අවස්ථාවේදී තමන් විසින් සිරුරට ගිනි තබා ගත් බවට වෛද්‍යවරයා වෙත පවසා ඇති බවද පොලිසිය විසින් අනාවරණය කරගනු ලැබ ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්මාර්ට් කැබ් රථ ආනයනයකදී රජයට රුපියල් බිලියන 03ක පාඩුවක්

Next Post

ඉන්දියාවේ කළු දිලීර ආසාදනය වූවන් 4300ක් මරුට

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.