අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාමඤ්ඤ මහා නිකායේ නව මහානායක ධුරයට අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ පත් වෙති..

by editor
නොවැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 අතිපූජ්‍ය නාපන පේමසිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩුවූ එම ධූරයට  මීරිගම මිණිඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය අනුනායක මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ පත්වූහ.

උන්වහන්සේ එම පාර්ශවයේ 14 වන මහනාහිමියන්ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක ධූරයේ 2020 සැප්තැම්බර් 25 දින සිට කටයුතු කරමින් සිටි මකුලෑවේ විමලාභිධාන මහනාහිමියෝ එම පාර්ශවයේ අධිකරණ සංඝනායක,සංඥා ලේඛකාධිකාරී ඇතුළු පදවි රැසක් හොබවමින් රාමඤ්ඤ නිකායටත් සම්බුදු ශාසනයටත් උදාර සේවයක් කළ ධර්මධර, විනයධර සංඝ පීතෘ නමකි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂ කාරක සංඝ සභාව මහනුවර පල්ලේකැලේ මධ්‍යම පළාත් සභා ශ්‍රවානාගාරයේදී ඊයේ (22) රැස්ව මකුලෑවේ විමලාභිධාන මහනාහිමියන් මහනායක පදවියට ඒකමතිකව තෝරා පත්කර ගත්හ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උන්වහන්සේ වෙත ධර්ම කීර්ති ශ්‍රී සරණංකර, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද, සාහිත්‍ය කීර්ති ශ්‍රී පරියත්ති ධර, සිරිසරණංකරෝපසේන වංශාලංකාර, ශාසන සෝභන යන ගෞරව සම්මාන උපාධි රැසක්ද ප්‍රධානය කර ඇත. 2019 මාර්තු 20 දින මියන්මාර් රජය මගින් උන්වහන්සේට අග්ගමහ පණ්ඩිත උපාධිය පිරිනමා තිබේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ 14 වන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ලෙස පත්වූ විමලාභිධාන මහනාහමියන්  සම්භාවනීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පස්නමක් යටතේ තම නිකායට අමිල මෙහෙවරක් ඉටුකර තිබේ.   උන්වහන්සේ දෙස් විදෙස් සුපතල ත්‍රෛනිකායේම සම්භාවනාවට පාත්‍ර වූ මෙරට සඟ පරපුරේ පහළවූ  අග්‍රගන්‍ය වියත්  පඬිරුවනකි.

උන්වහන්සේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ 45 නැගෙනහිර කෝරළයේ ගල්ගමුව මකුලෑව  ගම්පියසේ 1948 ක් වූ අගොස්තු මස 25 දින එච්.එම් කිරිබණ්ඩා නමින් ජන්ම ලාභය ලැබූහ.

හේරත් මුදියන්සේලාගේ පුංචිරාළ හා ඉමිහාමි මුදියන්සේලාගේ කිරිමැණිකේ උන්වහන්සේගේ දෙමව්පියෝ වූහ. නිතලව ඤාණිස්සර පාසැලෙන් මූලික අධ්‍යාපනය ලැබ 1959 දී මිණිඔළුව විද්‍යාවාස පිරිවෙන්  විහාරස්ථානයට පැමිණ 1960 මාර්තු මස 24 දින ලෝලුවාගොඩ මහේන්ද්‍රාරාමාධිපතිව වැඩවිසූ දිශාපාලක වේවැල්දෙණියේ නන්දසිරි මහනාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද ස්වාමින්වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට පිළිපන්හ. උන්වහන්සේ 1969 ජූලි 22 දින කොළඹ තොටලඟ කල්‍යාණි නදී සීමාමාලකයේදී උපසම්පදාව ලැබූහ.

මූලික අධ්‍යාපනය වර්ෂ 1967 වසරේදී මහෝපාධ්‍යාය කුඹුක්වැවේ විජිතසේන නාහිමි මිණිඔළුව විද්‍යාවාස පිරිවෙණි විහාරාධිකාරී ශ්‍රාස්ත්‍රවේදී පිදුමේරතන නාහිමි සහ ශාස්ත්‍රවේදී ලෝලුවාගොඩ ඤාණරත්න නාහිමිවරු වෙතින් ලබාගත් උන්වහන්සේ ප්‍රාචීන, ප්‍රාරම්භය, මධ්‍යම ආදි විභාය වලින් සමත්ව වැඩිදුර අධ්‍යාපනය සඳහා 1971 දී අනුරාධපුර බුද්ධශ්‍රාවක පීඨයට ඇතුළත් වූහ.

මකුලෑවේ මහානාහියෝ 1974 වසරේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධියද 1976 බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ ත්‍රිපිටකවේදී උපාධියද 1976 දී පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ලබාගත්හ. උන්වහන්සේ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණේ සුමංගල ගුණානුස්මරණ සභාව මගින් පැවැත්වූ සද්ධම්මාචරිය සහ විනයාචරිය විභාග වලින් සමත්ව උපාධි හිමිකර ගත්හ. කැලණිය සරසවියට ඇතුළත්ව 1982 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද 1990 දී එම සරසවියේ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගත් උන්වහන්සේ 1983 දී මිණිඔළුව විද්‍යාවාස පිරිවෙණේ පරිවේණාධිපති ලෙස පත්වූහ .වර්ෂ 1983 සිට 2019 දක්වා එම පිරිවෙණේ කෘත්‍යාධිකාරී ලෙසද කටයුතු කළ මහනාහිමියෝ 2014 ජූනි 17 දින මිණිඔළුව පිරිවෙණේ මහ විහාරාධිපති ධූරයට පත්වූහ.

සිංගප්පූරුව, තායිලන්තය, ඉන්දුනීසියාව,ප කිස්තානය, කැනඩාව, ඉතාලිය, ඔස්ට්‍රියාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රැසක උන්වහන්සේ ධර්මදූත සේවාවේ නිරතව ඇති උන්වහන්සේ ඉන්දියාවේ සාංචි විහාරස්ථානයේ දීර්ඝ කාලයක් වැඩවාසය කර තිබේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ට පුටුව දෙන්න කැටගොඩ යළිත් සැරසෙයි

Next Post

ඇහැලියගොඩ කත රෝහලින් පැන්න හේතුව කියා හඬා වැටෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.