රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න නියෝග කළාය.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ ඔහු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
අදාළ අවස්ථාවේ අධිකරණයයේ අවධානයට ලක්වී ඇත්තේ රාජිත සේනාරත්න මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ වරරෙන්තුකරුවෙක් වී සිටීමය.
අදාළ කරුණු සැළකිල්ලට ගත් මහාධිකරණය, තම අධිකරණය හමුවේ ඇති නඩුවට ඉදිරි දිනයක් නියම කරමින් රාජිත සේනාරත්න බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කළ රාජිත සේනාරත්න මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.







