රාජ්‍ය සේවය තුළ අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් හඳුනාගැනීම සඳහා අමාත්‍යාංශ උපදේශක කමිටුව යටතේ සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනුකමිටුවක් පත් කර තිබේ.
අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභාව මෙම තීරණය ගෙන ඇත.
නියෝජ්‍ය අමාත්‍ය පී.රුවන් සෙනරත්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම අනු කමිටුවේ සාමාජිකයින් වන චන්දන සූරියආරච්චි, අජන්තා ගම්මැද්දගේ, ධර්මප්‍රිය දිසානායක, දිනිඳු සමන්, ගීතා හේරත්, ලාල් ප්‍රේමනාත්, සහ මුහම්මද් ෆයිසාල් ඇතුථ පිරිසක් එම කමිටුවට පත් වෙති.
පත්වීම්, විභාග පැවැත්වීම, විශ්‍රාම ගැන්වීම් සහ රාජ්‍ය සේවයේ පුරප්පාඩු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් අමාත්‍ය උපදේශන කාරක සභාවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය යෝජනා හඳුනාගැනීම සහ පරීක්ෂණ පැවැත්වීම අනුකමිටුවට පැවරී ඇත.







