බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජපක්ෂලාට ආවැඩූ චීනය සහ ශ්‍රි ලංකාවේ බල හුවමාරුව!

by editor
ජූලි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය පත්වීමෙන් පසු එක් වරක්වත් චීනයට නොගියද ඊට කලින් 13 වතාවක් චීනයට ගිය බව ඔහු වරක් පැවසුවේය. එයින් පෙනෙන්නේ ඔහුට චීනයත් සමඟ තිබූ ඇඟෑලුම්කමයි. සියධුර කාලය තුළ දී මුලින් චීන හිතවාදී දැක්මක් පවත්වාගෙන ගිය ඔහු ධුරයෙන් ඉවත්වීම දිවයින සහ එහි විශාලතම විදේශීය ආයෝජකයා වන චීනය අතර සබඳතාවලට කුමන ආකාරයේ බලපෑමක් එල්ල කරනු ඇතැයිද යන්න පිළිබඳව කලාපිය භූ-දේශපාලනය පිළිබඳව අධ්‍යයනය කරන විශේෂඥයන්ගේ අවධානයට ලක්ව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය බදාදා අලුයම රහසින්ම රටින් පලාගිය පසු චීනය කිසිදු ක්ෂණික නිල ප්‍රකාශයක් ලබා දුන්නේ නැත. පසුගිය ඉරිදා කොළඹදී විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදීමෙන් පසුව, චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව “වර්තමාන දුෂ්කරතා ජයගෙන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට, ආර්ථිකය පුනර්ජීවනය කිරීමට සහ ඉක්මනින්ම ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට” බලාපොරොත්තු වන බව පමණකි.

පසුගිය දශකය පුරාම චීනය ශ්‍රී ලංකාව ට ආයෝජනය කළේ එහි ආර්ථික සහ භූ දේශපාලනික වාසි සහගත තත්ත්ව පිළිබඳව අපේක්ෂා සිතිනි. එයට චීන ජනාධිපතිවරයා විසින් දියත් කරන ලද එක් මාවතක් එක් තීරයක් දැක්ම යටතේද භාවිත කර ඇත්තේ තමන්ට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම සඳහාය. ඒවා හුදෙක්ම මූල්‍ය තීරණ පමණක්ම වේ. ඔවුන්ට තම ආයෝජනය මත ප්‍රතිලාභ සහතික කිරීමට අත්‍යවශ්‍යය. චීනයේ වර්තමාන නිහඬතාව පැහැදිලි කරගත හැක්කේ මෙම ආයෝජන පිළිබඳ ප්‍රශ්නාර්ථය මතිනි.

පසුගිය දශක එකහමාර තුළ චීනය ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන ගණනක් ආයෝජනය සිදුකර ඇත. බ්‍රිතාන්‍ය අධ්‍යයන ආයතනයක් වන චැතම් හවුස්හි දත්තවලට අනුව, චීනය 2006 සහ 2019 අතර කාලයේදී ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 12.1ක් ආයෝජනය කර තිබේ. විශේෂයෙන්ම, 2013 වසරේ සිට චීනය සිය එක් තීරයක් එක් මාවතක් වැඩසටහන (BRI) හරහා ශ්‍රී ලංකාව තුළ සිය පැවැත්ම සහ බලපෑම ක්‍රමයෙන් වැඩි කර ඇත. ශ්‍රී ලංකාව සමඟ චීනයේ සම්බන්ධකම් BRI වැඩසටහනට පෙර සිටම සිදු වන අතර, එය රට තුළ ඔවුන්ගේ පැවැත්ම සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කර තිබේ. නිදසුනක් ලෙස ණය බරින් මිරිකී තිබුණු හම්බන්තොට වරාය ව්‍යාපෘතිය පෙන්වාදිය හැකිය. චීනය දැන් එය ශ්‍රී ලංකාවෙන් වසර 99කට බදු ගෙන තිබේ. නැත්නම් මුළුමනින්ම පවරාගෙන ඇත.

2022 දී, ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් ණය ප්‍රමාණය ශ්‍රී ලංකාවේ විදේශ ණය වලින් සියයට 12 ක් ඉක්මවා තිබේ. දකුණු ආසියාවේ ශ්‍රී ලංකාව වැනි ආර්ථික වශයෙන් ගැටලුකාරී රටවලින් ඈත් වෙමින් චීනය මේ වන විට අග්නිදිග ආසියාව සහ අප්‍රිකාව වෙත සිය “උපායමාර්ගික අවධානය” යොමු කර ඇති බව තමාට හැඟෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්ම පසුගිය ජුනි මාසයේදී බ්ලූම්බර්ග් පුවත් සේවය වෙත වෙත පවසා තිබිණි. කෙසේවෙතත් මෙම යොමුව නොව, සැබවින්ම චීනයේ නිශ්ශබ්දතාවයට රාජපක්ෂවරුන් කෙරෙහි ඇති විරෝධාකල්ප මහජන හැඟීම ද හේතු වී තිබෙන බව හඳුනාගත හැකිය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පසුගිය මැයි මාසයේදී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම දෙපාර්ශවයේ ගනුදෙනු අතර සිමාවේ උච්චතම අවස්ථාව වන අතර, රාජපක්ෂවරුන් සමඟ සමීප සබඳතා තිබියදීත්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රශ්නයද මඟ හැරීමට තීරණය කළේය. එහි ප්‍රකාශක ෂාඕ ලිජියන් පැවසුවේ, “අපි ශ්‍රී ලංකාවේ නවතම වර්ධනයන් සටහන් කර ඇති අතර තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු.” යන්න පමණකි. ඒ අනුව පැහැදිලිවම පෙනී යන්නේ, චීනය ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවේශ ස්ථානය වන රාජපක්ෂලාගෙන් ශ්‍රී ලංකාව තුළ සිය අනන්‍යතාව ඉවත් කිරීම අරමුණු කර ඇති බවයි. චීනයට අඛණ්ඩව රට තුළ ව්‍යාපාර කිරීමට නැවත පැමිණීමට අවශ්‍ය බැවින්, ඔවුන් සමඟ වන සම්බන්ධය නැවැත්වීම චීනයට අවශ්‍ය වී ඇති බව පෙනේ.

එම නිසාම පසුගිය ජුනි මාසයේදී, ශ්‍රී ලංකාවට බීජිං වෙතින් ඉල්ලූ ඩොලර් බිලියන 1.5 ක ණය මාර්ගය සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර, පසුව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඉල්ලූ ඩොලර් බිලියන 1ක ණය මුදලද චීනය විසින් ප්‍රතික්ෂේප කෙරිණි. වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ, අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනට අත්‍යවශ්‍ය, චීනය විසින් මෙරටට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ ඉල්ලීම්වලටද චීනය ධනාත්මකව ප්‍රතිචාර නොදැක්වූ බව මෙහිදී සිහිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.
කෙසේ වෙතත් බීජිං හි මෙම උපාය මාර්ගික නිහඬතාව හුදු අහිංසක හැසිරීමක් බවට හඳුනා ගත යුතු නැත. චීනය ශ්‍රී ලංකාවේ පැන නැගුණු රාජපක්ෂ විරෝධී ජනමතයට අනුබල ලබා දෙමින් රටේ උද්ගත වත්මන් බරපතල ආර්ථික හා දේශපාලන අවුල පවත්වාගෙන යාමට යම් දායකත්වයක් ලබාදී ඇතැයි ඒ අනුව යමකුට තර්ක කළ හැකිය.

ඒ වෙනුවෙන් පසුගිය මාස 03ක කාලයේදී චීනයට අවශ්‍ය නම් රාජපක්ෂ කඳවුර රැකගැනීමට අවශ්‍ය අඩුම කුඩුම සම්පාදනය කිරීමේලා හොඳටම හැකියාව තිබිණි. එහෙත් රාජපක්ෂලා දුර්වල කරන කණ්ඩායම් සමග චීනය හැසිරුණු බව ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් තුළින් අපට දැක ගත හැකි විය. නිදසුනක් ලෙස රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිධුරයක් දරන ලද විමල් විරවංශ ඇතුළු කණ්ඩායම ආණ්ඩුවෙන් ස්වාධීන වීමට කටයුතු කළ අතර, අනතුරුව ක්‍රමයෙන් ගෝඨාභය විරෝධී සටන්පාඨ මුල්කරගනිමින් ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු කළහ. විරවංශ කණ්ඩායමේ ඉවත්වීම රාජපක්ෂ ආණ්ඩුවට සැලකිය යුතු බලපෑමක් එල්ල කළ අතර. එය ආණ්ඩුව බිඳවැටීමේ ප්‍රධාන ප්‍රහාරයක් විය.

ඔවුන් විසින් මෙහෙයවනු ලබන කණ්ඩායම්වල තවත් ඉලක්කයක් වන්නේ ඇමෙරිකානු විරෝධයයි. එසේම කලාපීය බල තුලනයේදී දැවැන්ත අභියෝගයක්ව ඇති ඉන්දියාව සම්බන්ධ ආයෝජන ව්‍යාපෘති ඇතුළු ඉන්දිය ක්‍රියාකරකම්වලටද මෙම කණ්ඩායම කෙරෙන් එල්ල වනුයේ විරෝධයකි. මන්නාරම පුනර්ජනනීය විදුලි බලාගාරය වෙනුවෙන් මෙන්ම, මෙරට ඉන්ධන සැපයුම යථාවත් කිරීම සඳහා ඉන්දීය තෙල් සමාගම මැදිහත්වීම වැනි ඉන්දීය ව්‍යාපෘති රැසකදීම ඇතැම් දේශපාලන කඳවුරුවල මැදිහත්වීම ඉදිරි පෙලින් දැකගත හැකිවූ අතර, එමගින් පැහැදිලිවම චීනයට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන සිය මැදිහත්වීම වඩාත් පහසුකරවා ඇත. මෙම ක්‍රියාකාරකම් මත ඇතැමකුට රටේ දේශපාලන අර්බුද නිර්මාණය කිරීමේදී විදේශයන් විසින් සිදු කරන තිරණාත්මක කාර්යයන් පිළිබඳව දළ අවබෝධයක් ලබා ගත හැකිය .

ශ්‍රි ලංකාව පත්ව ඇති බරපතල ආර්ථික විනාශයේ වරද කාගේදැයි ඔවහු හොඳින් දනිති. ඒ වගකීමේ කොටසක් චීනයටද වැදෙයි. එකම ප්‍රශ්නය චීනය තම භූමිකාව දියාරු කර නිදහස් වීමට උත්සාහ කිරීම ය.

Share69Tweet43
Previous Post

තනි ඡන්දයේ ඔබ ජනපති වෙන්න යෑම රට තවත් වියවුලකට ඇද දැමීමක් … FUTA රනිල්ට කියයි!

Next Post

පොහොට්ටුව රනිල්ට සහයෝගය දෙන බවට මහලේකම් සාගර කළේ අත්තනෝමතික ප්‍රකාශයක්… පසුපෙළ මන්ත්‍රීවරු…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.