බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රමේෂ් පතිරණත් කෙහෙළිය ගිය පාරේම ඖෂධ මගඩියක ද?. වගකිවයුතු පාර්ශව ගණනක් ප්‍රශ්න කරයි!

by editor
අගෝස්තු 28, 2024
in පුවත්
Ramesh-Pathirana
Share on FacebookShare on Twitter

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නොමැති ඖෂධ 37ක් ඉන්දීය සමාගම් දෙකකින් නිශ්ඡිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව හදිසි මිලදී ගැනීම් ලෙස ගෙන්වීමට කැබිනට් පත්‍රිකා දෙකක් මගින් අනුමැතිය ලබාගෙන සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ දරන බරපතල ආන්දෝලනාත්මක උත්සාහයක් සම්බන්ධව සමාජයේ වගකිවයුතු පාර්ශව ගණනාවක් තියුණු චෝදනා එල්ල කරමින් ඇත.

මේ පිළිබඳව අද (28) මාධ්‍ය හමුවක් කැඳවමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මේ වනවිට අලජ්ජී ඖෂධ ජවාරම හේතුවෙන් හිරේ විලංගුවේ වැටී ඉන්නා කෙහෙළිය රඹුක්වැල්ලගේ අඩි පාරේ යමින් වත්මන් සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ තමන් ඉන්නා දවස් කිහිපය තුළ මහ මැතිවරණයට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයා ගැනීම සඳහා ජඩ ජාවාරමක නිරත වී ඇතිදැයි සැකයක් මතුවන බවය.

ජාවාරමක ස්වරූපය ගත් මේ අතාර්කික ඖෂධ ගනුදෙනුව සම්බන්ධව ලිඛිතව සිය විරෝධය පලකරමින් ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් පවත්වාගෙන පැමිණි පිළිවෙත බිඳ දැමීමේ හේතුව ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කරන්නේ ශ්‍රි ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය අවධාරණය කර ඇත්තේ මෙම උත්සාහයට තමන් දැඩි ලෙස විරෝධය පල කරන බවය.

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලයේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව ඊයේ දිනැතිව යවා ඇති එම ලිපියෙන් සඳහන් වන්නේ මෙම ඖෂධ ගනුදෙනුවට අදාලව සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර ඇති බවය.

ඉන් එකකට අනුමැතිය ලැබී ඇති අතර ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නැති ඖෂධ 37ක් ඉන්දීය සමාගමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි එම ලිපියේ අනාවරණය කරයි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

එම ඖෂධ සැපයීම සඳහා දේශිය නියෝජිත ආයතන ලියාපදිංචි වී නොසිටීම අදාල අනුමැතිය සඳහා පාදක කරගෙන ඇතත් සුළු ඉල්ලුමක් පවතින එම ඖෂධ රජයේ රෝහල් සඳහා අවශ්‍ය වූ අවස්ථාවල පත්කළ නියෝජිත ආයතන විසින් මේතාක් සපයා ඇතැයි ද ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය යැවූ ලිපියේ සඳහන් වේ.

එහෙත් ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතින් විධි විධාන සපයා ඇති බව ද එම ලිපියෙන් පෙන්වා දී ඇත.

එසේ තිබිය දී අදාල ඖෂධ එක් සමාගමකින් මිලදී ගැනීමට තීරණය කිරීම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචි ක්‍රමවේදය නොසලකා හැරීමක් දැයි ශ්‍රි ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය ප්‍රශ්න කර තිබේ.

ඒ අතර අද මාධ්‍ය හමුවක් කැඳවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ හදිසි මිලදී ගැනීම ක්‍රියාවලියේ බිහිසුණුකම හෙළිදරවු කළේය.

“මේ අගෝස්තු 10 වැනිදා කැබිනට් පත්‍රිකාවේ ප්‍රධානම කරුණු කීපයක් තියනවා. එකක් තමයි මේකේ  ඖෂධ වර්ග 37ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව හදිසි මිලදී ගැනීම් කරන්න අනුමැතිය ඉල්ලලා තියනවා. ”

“මේ 37න් අමාත්‍යවරයා කියන විදිහට මේකේ ඖෂධ වර්ග 16ක් සඳහාවන සමාගම් එකක්වත් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වෙලා නෑ. තවත් ඖෂධ 21 සඳහා ටෙන්ඩර් කැඳෙව්වට පස්සේ ලංසු ඉදිරිපත් වෙලා නෑ. ඒ නිසා ඖෂධ වර්ග 37ක් හදිසි මිලදී ගැනිම් කරනවා කියලා අමාත්‍යවරයා කියනවා.”

“මෙච්චරකල් මේ හදිසි මිලදී ගැනීම් කියන ලේබලය යටතේ තමයි මේ සියලු වංචා දූෂණ සිද්ධ වුනේ. අද කෙහෙළිය හිරේ ඉන්නෙත් ඒ නිසා. වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා විදිහට ඉන්න රමේෂ් පතිරණ ඉන්න දවස් දෙක තුනේ මහ මැතිවරණයට සල්ලි හොයන්න මේවා කරනවද කියන බරපතල සැකයක් ඇවිත් තියනවා.”

“මේකේ බරපතලම එක තමයි මේ අය සම්පූර්ණයෙන්ම මේ කුමන්ත්‍රණය කරන්න යන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විනාශ කිරීම සඳහා වන කුමන්ත්‍රණයක. ඒ වගේම ලංකාවේ රෝහල්වලට ඖෂධ සැපයීමේ ඒකාධිකාරී බලයක් ඉන්දියාව සතු කිරීම සඳහාවන උත්සාහයක් මේක.”

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේත් රමේෂ් පතිරණ ඇමතිවරයා මේ නැවත යන්නේත් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ගිය පාරේමදැයි සැකයක් ඇතිවන බවය.

කෙසේ වෙතත් ඖෂධ නියාමන අධිකාරියේ නිශ්ඡිත ක්‍රමවේද ඉක්මවා ගොස් කැබිනට් අනුමැතියකින් මෙම ඖෂධ ගෙන්වීමට යන ආකාරය ගැන හෝ එවැනි කැබිනට් පත්‍රිකාවක් ගැන ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය  ආනන්ද විජේවික්‍රම දැනුම්වත් වී නැති බව අද නිව්ස් ෆස්ට් වාර්තා කළේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ එම අධිකාරියේ අනුමැතිය මත අන්තර්ජාතිික ටෙන්ඩර් කැඳවීමකින් පසු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව යටතේ ඖෂධ වර්ග 40ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අඬන්න ඕන කිරි එරෙන්න… IMF සමග සාකච්ඡා කර PAYE බද්ද සංශෝධනය කරන බව ජනපති කියයි!

Next Post

හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණයටත් දින නියම කරනවා… මැතිවරණ කොමිෂන් සභාව කියයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.