බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!

නිශ්චිත පුද්ගලයෙක්  පන්වන්න, ජනපති වීම වළක්වන්න  ලෝකෙ මොන රටකවත් ව්‍යවස්ථා සංශෝධන  කරන්නෙ නෑ...

by editor
මැයි 25, 2022
in පුවත්
Sagara-Kariyawasam

සාගර කාරියවසම්

Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ  ආර්ථික අර්බුදය විසඳිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ   ප්‍රකාශ කරයි.

The Morning පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටින්නේ  පාර්ලිමේන්තුවට ඇතුළුවීමට හෝ ජනාධිපති වීමට ඉඩ නොදීම සඳහා  නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙවැනි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කෙටුම්පත් නොකළ යුතු බවයි.

21 වැනි සංශෝධනයට සහය දැක්වීමට පෙර  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  යෝජිත ප්‍රතිසංස්කරණ අධ්‍යයනය කර විශ්ලේෂණය කළ යුතුව ඇති බව ඔහු එහිදී පැවසීය.

රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා නව රජයක් පිහිටුවීමට   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ   වෙත සිය සහය ලබාදුන් බව ප්‍රකාශ කළ ඔහු කියා සිටියේ ආර්ථික අර්බුදය තවමත් පවතින බවයි.

“පළමුව ආර්ථික අර්බුදය විසඳා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නිදහසේ පාරේ ගමන් කිරීමට සහ සිතීමට මානසික නිදහස ඇති පරිසරයක් නිර්මාණය කරන්න. එවිට අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන සාකච්ඡා කළ හැකියි,” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

21 වැනි සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය තීරණය වන්නේ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීම හෝ රජයේ නිලතල දැරීම වළක්වන ප්‍රතිපාදන මතද යන්න පිළිබඳව කළ විමසීමකදී කාරියවසම් මන්ත්‍රීවරයා කියා සිටියේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිශ්චිත පුද්ගලයකු ඉලක්ක කර නිර්මාණය නොකළ යුතු බවය.

“ලෝකයේ  කිසිම රටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හදන්නේ නෑ කවුරුහරි පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න, එලවන්න, එහෙම නැත්නම් කෙනෙක් ජනාධිපති වෙන එක වළක්වන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කර තිබෙන්නේ රටේ අවශ්‍යතා අනුවයි,” ඔහු පැවසීය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඇතුළුවීමටත් රාජ්‍ය නිලතල දැරීමටත් ඉඩ සලසන අතර, එය 2021 දී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පැමිණීමට මග  පෑදුවේය.    යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙම වගන්තිය ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ කමිටුවක් මගිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් 21 වැනි සංශෝධනයේ මූලාරම්භය සහ එය විදේශ බලවේගයේ න්‍යාය පත්‍රයකට සේවය කරන්නේද යන්න පිළිබඳව සැක පහළ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බව තහවුරු කිරීම නොකළ   මන්ත්‍රීවරයා, “අපි 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අවසානයේ සහාය නොදක්වන බව  කියන්නෙ නෑ. අපට පළමුව අවශ්‍ය වන්නේ රට  වෙනුවෙන් නිවැරදි දේ කිරීමට   සාකච්ඡා කළ හැකි සුදුසු පරිසරයක්.“

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳුදා (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය ඊයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයින් වෙත යවා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!

Next Post

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.