රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඊයේ (26) දිනයේ අධිකරණයෙහි පෙනී සිටි නීතිඥයින් ඔහුව නැති කර දැමූ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පැවසුවේය.
අද දින (27) නුවරදී පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අවසානයේ දී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ තරම් විශාල ලෙඩ ප්‍රමාණයක් සහිතව දේශපාලනය කරමින් පසුගිය ජනාධිපතිවරණයටත් ඔහු ඉදිරිපත් වීම සම්බන්ධවත් දැන් ගැටලුවක් මතු වී තිබෙන බවය.
මෙච්චර ලෙඩ කන්දක් තියාගෙන නේ ඉඳලා තියෙන්නේ… දැන් මේ අධිකරණයට ඉදිරිපත් වෙලා තියන කරුණු අනුව මනුස්සයට වෙන්නේ දිගටම රෙස්ට් කරන්න…” ලාල් කාන්ත කීවේය.







