රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම හුදෙකලා සිදුවීමක් නොව ප්රජාතන්ත්රවාදී දේශපාලනය සඳහා ප්‍රබල අභියෝගයක් එල්ල කළ ක්රිියාවක් බවත් එම අභියෝගයට මුහුණ දීම සඳහා විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක් කර වැඩපිළිවෙළක් ගොඩනැගීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
එම වැඩපිළිවෙළ දිගු කාලීන හා කෙටි කාලීන වශයෙන් ක්‍රියාවට නන්වන බව කී සජිත් ප්‍රේමදාස ඒ සඳහා ප්‍රධානත්වය දෙන බව ද කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් හමුවේ අද (25) කොළඹදී පැවති රැස්වීමක දී ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම තුළ මතුව ඇති දේශපාලනික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින්ගේ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද පැවැත්විණ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුලු දේශපාලන පක්ෂවල ප්‍රබලයින් මෙම සාකච්ඡාව සඳහා එක්විය.
ඒ අනුව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මේ සඳහා එක්ව සිටියහ.
රනිල් වික්‍රමසිංහ මහතා නඩු කටයුත්ත මෙන්ම ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව විපක්ෂය එකමුතුව දිගින් දිගටම ක්‍රියාත්මක වීමේ වැදගත්කම අවධාරණය කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරි කටයුතු සඳහා පක්ෂ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමටද එහිදී පියවර ගත්තේය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් 27 වනදා යළිත් විපක්ෂ නායක කාර්යාලයේදී රැස්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද එහිදී තීරණය කරනු ලැබීය.
විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් වන ජී. එල්.පීරිස්, මහින්ද අමරවීර, නිමල් සිරිපාද සිල්වා, රංජිත් මද්දූමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, තිස්ස අත්තනායක, නීතිඥ තලතා අතුකෝරල, රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, වජිර අබේවර්ධනඩීවී චානක, රවී කරුනානායක, ෆයිසර් මුස්තාපා, පී. දිගම්බරම්, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, මුජුබර් රහුමාන්, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, ජේසි අලවතුවල ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ







