අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කර ඇතත් කථා කිරීමෙ හේතුවෙන් හිරේ විලංගුවේත වැටුන රන්ජන් රාමානයක වැනි කෙනෙක් මාලිමාවට සුබ පැතීම තම ගමනට ලැබුණු ශක්තියක් සේ මාලිමාව සලකන බව මාලිමාවේ ජාතික විධායක සභික විජිත හේරත් පවසයි.
ඊයේ (19) කඩවත දී මධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජිත හේරත් මෙසේ ද පැවසුවේය.
“රන්ජන් රාමනායක මේ රටේ දූෂණයට විරුද්ධව තනිවම සටන් කළ කෙනෙක්. තනිවම මේ සටන කරන්න බෑ කියන එකත් ඒ භාවිතාවෙන් ඔප්පු වුනා. ඒ හින්දා තමයි දැවැන්ත ව්‍යාපාරයක් මහජන බලයක් අවශ්‍ය වන්නේ.”
“රන්ජන් රාමනායක මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් දූෂණයට එරෙහිව අපට සුබ පතන එක ගැන අපි ආඩම්බර වෙනවා. අපි සතුටු වෙනවා. ඒක අපට තවත් ශක්තියක් කියලා අපි සලකනවා.”
“එතුමට අසාධාරණයක් වුනා. එතුමා හොරෙක් නෙමෙයි. එතුමා වංචාකාරයෙක් නෙමෙයි. හොරකම් කරලා වංචා කරලා හිරගෙයි ගිය කෙනෙක් නෙමෙයි. ඇත්ත කතා කරලා හිර ගෙදරට ගිය කෙනෙක්.”
“එවැනි කෙනෙකුට සාධාරණයක් යුක්තියක් ඉටුකරන්න වගකීමක් අපට තියනවා. අපි බලමු ජනාධිපති ඡන්දෙන් පස්සේ ඒ අසාධාරණයට ලක් වුන අයට සාධාරණය ඉටු කරන්න අපි සූදානම්. විජිත හේරත් පැවසුවේය.”







