බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ ධනය හොරා කාපු හැටි ගැන ෆයිල් ටිකක තොරතුරු ටිකක් අනුර හෙළි කරයි…

by editor
මැයි 3, 2022
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

බැසිල් රාජපක්ෂගේ සියලුම නීති විරෝධී වත්කම් ඇත්තේ තිරු නඩේසන්ගේ නමින් බව පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ ප්‍රකාශ කරන්නැයි කියූ අභියෝගය පිළිගන්නා බවත් බැසිල්ගේ  නීති විරෝධී වත්කම් අතිශය බහුතරය ඇත්තේ නිරූපමා රාජපක්ෂගේ සැමිය වූ තිරු නඩේසන්ගේ නමින් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.

ඔහු මේ බව පැවසුවේ තමන් සතුව ඇති ෆයිල් එළියට දමන්නැයි අවඥාවෙන් කළ අභියෝගයට කල්පනාකාරී පිළිතුරක් සපයන බව පවසමින් රටේ සිදුවූ බරපතල දූෂණ කීපයකට සම්බන්ධ  සීමිත හෙළිදරවු කිරීම් කරමිනි.

සංස්ථාපිත දූෂණ වළලලක් රාජ්‍ය මට්ටමින් ස්ථාපිත වී ඇති රටක වංචනිකයාට තියන හොඳම අවස්ථාව තමන්ගේ වංචාවේ කොපමණ ප්‍රමාණයක් අනෙකා දන්නවාදැයි දැනගැනීම බව කී අනුර කුමාර දිසානායක ඉතාම ප්‍රවේශමෙන් තෝරාගත් ගනුදෙණු කීපයක නැවත මාධ්‍ය හමුවේ හෙළිදරව් කරන බව පැවසීය.

“අප ලඟ තිබෙන විශාල දූෂණ සිද්ධි සම්බන්ධව  සමහර දේවල්   දැනටමත් විමර්ශන ආයතනවලට පැමිණිලි කරලා තියනවා. සමහර ඒවා විමර්ශන ආයතන විසින් යටපත් කරන දේවල් තියනවා. සමහර දේවල් තියනවා නීතිපති දෙපාර්තමේන්තුවෙ. සමහර ඒවා තියෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවෙ හංගපු ලාච්චුවල. සමහර එවා තියනවා අධිකරණයේ විමසමින් තිබිය දී  තාක්ෂණික කාරණා මත ඉවත දමපුවා.“

  • ලෝකයේ කොතැනක හෝ දූෂණයක් හෙළිවුනොත් අපිත් ඉන්නවා.

“මූලික කරුණු දැක්වීම සඳහා කීපයක්  තෝරගත්තා. පදනමක් සහිතව තෝරා ගත්තේ. දැනට ලෝකයේ කොතැනක හෝ වංචා දූෂණ පිළිබඳ මාධ්‍ය වාර්තා කරන පරීක්ෂණයක් කරනවානම් මොකක් හරි එකක් ලංකාවෙත් අසුවෙනවා.  ඒවා ලන්ඩන් මහාධිකරණයේ දී හෝ එක්සත් ජනපදයේ මහාධිකරණයේ හෝ ඔස්ට්‍රේලියාවේ මාධය සංවිධාන විසින් හෝ  පැන්ඩෝරා හෝ මෙවැනි කිසි දේකින් හෙළිදරව්  කළ දේවල්.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

අප ස්තුතිවන්තවෙනවා අප විසින් හෙළිදරව් කළ දේ  ජාත්‍යාන්තර වශයෙන් ශක්තිමත් කර ස්ථිර කර තිබෙනවා.

අප ලඟ තිබෙන අප පැමිණි ලි දමා තිබෙන විටින්විට අප පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරන ලද එහෙත් කිසිවෙක්  පරීක්ෂණ ක්‍රියාවලියක් ඉදිරියට නොගිය ජාත්‍යාන්තරයෙන් ඉදිරිපත් වූ කරුණු කීපයක් යලිත්  රටට ඉදිරිපත් කරනවා.

  • ජාලිය වික්‍රමසූරියගේ කොමිස් ගැහිල්ල

ඇමරිකානු එක්සත් ජනපදයේ නඩුවක් ගියා එහි ශ්‍රී ලංකා තානාපති  ජාලිය වික්‍රමසූරිය පිළිබඳව.  ලංකාව වෙනුවෙන් තානාපති කාර්යාලයක් මිලදී ගැනීමේ දී ඔහු මුදල් වංචාවක් කළ බව. මේ ගැන අපි පැමිණිල්ලක් කරලා තිබුණා. නඩුවක් ගොනු කර තිබුණා. නඩුව විමසද්දි ඔහු ඇප ලබා පවුල පිටින් පැනලා ගියා.

ඒත් ඇමරිකානු අධිකරණය ඒ නඩුව ඇහුවා.  ජාලිය වික්‍රමසූරිය කියන්නේ මහින්දගෙ ඥාති සොයුරා. ඔහු සමබන්ධව ඇමරිකාවෙ ඇසෙන නඩුවේ අවසන් තීන්දුව මැයි මාසයේ  ඇමරිකා එක්සත් ජනපදයේ දී දෙන්න තිබෙනවා.

ඔහුට තිබුණු චෝදනාව ශ්‍රී ලංකා රජය විසින් තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් සඳහා ලබා දුන්න ඇමරිකානු ඩොලර් මිලිය 6.5ක මුදලින්  ඇමරිකානු ඩොලර් මිලියන 3.2ක මුදලක් කොමිස් ලෙස අයථා අයුරින් පාරිහරණය.  සියයට පනස් පහක් කොමිස් ගහලා. අද ඇමරිකානු එක්සත් ජනපද අධිකරණයේ දී එම කොමිස් මුදලක් ගත්ත බව ඔහු පිළි අරන් තියනවා.

  • තිරු නඩේසන්

තිරු නඩේසන්ගේ ඩොලර් මිලියන 160ක ආසන්න මුදලක් අයථා වත්කම් පිළිබඳව  පැන්ඩෝරා පත්‍රිකාවලින් එළියට ආවා. අපි පෙන්වා දෙනු ලැබුවා තිරු නඩේසන්ගේ නමින් තමයි බැසිල්ගේ දේපල ගොඩක් තිබෙන්නෙ කියලා. මට අභියෝග කළා පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් කියන්න කියලා. එළියෙ අවස්ථා ගණනක කිව්වා. අදත් කියනවා.

ඔයගොල්ල දන්නවා  ගිං – නිල්වලා ගනුදෙණුව

මැතිවරණයක් ප්‍රකාශ කළ අවස්ථාවලදි අත්‍යාවශ්‍ය වියදම් හැර අමාත්‍යාංශවල සියලු වියදම් නවත්වනවා. එසේ තිබිය දී වාරිමාර්ග අමාත්‍යාශ ලේකම් අයිවන් ද සිල්වා,…  ඒ වෙලාවෙ වාරිමාර්ග ඇමති නිමල් සිරිපාල ද සිල්වා… වර්ෂ  2014. 12. 08 දින මුදලක් නිකුත් කරනවා.  ඡන්දය 2015 ජනවාරි 08. නිකුත් කරන මුදල රුපියල්  මිලියන 1000ක්.  චීන සමාගමක් වෙත ලබා දෙන්නෙ.  2015 ජනවාරි 01 තවත් රුපියල් මිලියන 2009ක් එම සමාගමට නැවත ලබා දෙනවා. 2015.01.06… ඒ කියන්නෙ චන්දයට දින දෙකකට පෙර තවත්  මිලියන 1003ක් ලබා දෙනවා එම සමාගමට.  ඔක්කොම මුදල රුපියල් මිලියන 4100ක්.  එක පස්පිඩැල්ලක් කපල නෑ. මේ මුදල් ලබා දුන්නෙ චයිනා නැෂනල් මර්චන්ට් කියන සමාගමට.

ඒ සමාගමේ ඒ තියනවා හොංකොන්වල එකවුන්ට් එකක්. එම  එකවුන්ට් එකෙන් මුදල් වගයක්  නිකුත් කරනවා ටෘත් ඉන්ටර්නැෂනල් කියන සමාගමකට.  ඒකට විටින් විට නිදහස් කරලා තියනවා ඩොලර් මිලියන පහක්. එම එකවුන්ට් එකත් තියෙන්නෙ හොංකොංවල.

තවත් පැහැදිලි කරනවා නම්  වාරිමාර්ග  දෙපාරත්මේන්තුව විසින් චීන සමාගමේ හොංකොං එකවුන්ට් එකට බැරකළ මුදල එම සමාගම ඩොලර් විදිහට හොංකොංවල තියන ටෘත් ඉන්ටනැෂනල් සමාගමට යොමු කරනවා. ටෘත් ඉන්ටර්නැෂල්  සමාගම තිරු නඩේෂන්ගේ.

ඒ කම්පැනි එකේ කොල්ලුපිටියෙ තියන  ලංකා බැංකුවක් වෙත හොංකෙං ශාඛාවෙන් සල්ලි එවනවා. ඒ  ශ්‍රී ලංකා එකවුන්ට් එකේ සල්ලි වියදම් කරලා තියනවා මල්වානෙ ඉඩම ගන්න.   මේ එක් සිද්ධියක් පමණයි. එම ධනය තමයි පැන්ඩෝරාවලින් එළියට එන්නනෙ.

  • එයා බස් ගනුදෙනුව

එංගන්තය ප්‍රංසය ඇමරිකානු එක්සත් ජනපදය එක්වෙලා පරීක්ෂණයක් කළා ප්‍රංශ එයාබස් සමාගම ගැන.  එක් එක් රටවල්වලට එයාබස්  මිලදී ගැනීම සඳහා බලපෑම් කරමින්  වැඩිපුර මිලදී ගැනීම් කරනවා කියලා එම සමාගමට චෝදනා එල්ල වුනා. එය ජාත්‍යාන්තර පරීක්ෂණයක් . ලන්ඩන් මහාධිකරණයේ දි නඩුවක් ගොනුවුනා.

මේ එයාබස් සමාගමේ ගිවිසුම් අත්සන් කිරීමේ දි ශ්‍රී ලංකන්  අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වුනේ එවකට කතානායක වූ චමල්ගෙ නිල නිවසේ බත්තරමුල්ලෙ.   ඔහුගෙ පුතත් මෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්.    A330 යානා 06ක්. A  350 යානා හතරක් සහ A350 ගුවන් යානා 04ක් කල්බදු ක්‍රමයට මිලදී ගන්න එහිදී එකඟතාවයකට ආවා.

ගුවන් යානා 14ක්. සමස්ථ මිලදී ගැනීම ඩොලර් බිලියන 2.2යි. ලංකා ඉතිහාසයේ සිදුවී තිබෙන විශාලතම මිලදී  ගැනීම එයයි.  එය මෑතකදි සිදුවුන ලංකාවේ විශාලතම ඉදිකිරීම හම්බන්තොට වරායට වඩා විශාලයි.  හම්බන්තොට වරාය ගනුදෙණුව  ඩොලර් බිලියස 1.3යි.   .

A 330 යානාවක් සැපයීමට පසුව  ඩොලර් මිලියනය බැගින් ද  ඒ 350 යානයක් සැපයීමෙන් පසු ඩොලර් මිලියන 1.3 බැගින් ද කල්බදු ක්‍රමයට ගන්නා යානා 04ට  ඩොලර් ලක්ෂ 03 බැගින්ද කොමිස් ගෙවන්න එකඟ වෙනවා. කොමිස් මුදල ඩොලර් මිලියන 16.18ක්.  මේ සියලු තොරතුරු ලන්ඩන් මහාධිකරණයේ ඇසෙනවා.

එහෙත් ඒ ඩොල් මිලියන 16ම කොමිස් ලැබිලා නෑ.  ඩොලර් මිලියන 2ක් අත්තිකාරම් මුදලක් දීලා තිබුණා. එම මුදල ඒ වනවිට ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක  කපිල චන්ද්‍රසේනගේ බිරියගේ බෘනායිවල තිබුණ  ගිනුමට ගිහින් තිබෙනවා.

බෘනායිවල ඩොලර් මිලියන  2 ඔස්ට්‍රේලියානු එකවුන්ට් එකට යනවා. ඔස්ට්‍රේලියාවෙ එකවුන්ට් එකෙන්  යම් මුදල් ප්‍රමාණයක් ලංකාවෙ ගිනුම් තුනකට එනවා. ඉන් එක ගිනුමක් තමයි නිමල් පෙරේරාගෙ ගිනුම.

යහපාලන ආණ්ඩුව එනකොට කපිල චන්ද්‍රසේන විසිවෙලා. ඒත්  දින 52 ආණ්ඩුවක් හැදුවා මහින්ද මෛත්‍රී එකතුවෙලා.  මහින්ද රාජපක්ෂ  කපිල චන්ද්‍රසේනව නැවත ගෙනත් දින 52 ආණ්ඩුවෙදි ශ්‍රී ලංකන් ප්‍රධාන විධායක නිලධාරී කළා.

  • යහපාලනයේ එයා බස් කැන්සල් කිරිල්ල

නැවත විශාල උත්සාහයක් දැරුවා යහපාලන කියන ආණ්ඩුව එයාබස් ගිවිසුම කැන්සල් කරන්න. කැන්සල් කරන්න ඩොලර් මිලියන 115ක් ගෙව්වා. ආසන්න වශයෙන් අද  තෙල් නැව් හතරක් ගෙන්වන මුදල. මාසයකට තෙල්. ගිවිසුම අවලංගු කරන්න  කිසිම කැබිනට් අනුමැතියක් නෑ. එවකට ශ්‍රී ලංකන්  ප්‍රධාන විධායක  සුරේන් රත්වත්ත එයාබස් සමාගමත්  එක්ක සාකච්ඡා කරන ගමන් එස්එම්එස් පනිවිඩයක් යවනවා මෙන්න මේ කොන්දේසිවලට   එකඟතාවය ඇවිත් තියනවා මොකද කරන්නෙ කියලා.

“ඩූ ඉට්“ කියන පිලිතුර ලැබෙනවා. කැන්සල් කරනවා.  ඔන්න රටේ ගනුදෙනු සිදුවෙච්චි ආකාරය. එකේ සමස්ථ විස්තරයත් අප සතුව තිබෙනවා.

  • ක්‍රිස් ගනුදෙනුව

ඊයේ දිනයේ දී ස්ට්‍රේලියානු ඖෂධ සමාගමක් වෙත හම්බන්තොට මහරෝහලේ  යටිතල පහසුකම් සහ  වෛද්‍ය උපකරණ ලබාදීම වෙනුවෙන් ඩොලර් මිලියන 15ක් යොදවා තිබෙන බවත් නමුත් එම මුදල නිසි පිරිදි පරිහරණය කර නැති බව විදේශ මාධ්‍යවේදීන් හෙළිදරවු කළා.

ඊට පෙර අපේ වසන්ත සමරසිංහ සහෝදරයා එෆ්සීඅයිඩී එකට පැමිණිල්ලක් දැම්මා  කොටුව දුම්රියපල ඉදිපිට අක්කර හතර හමාරක භූමියක් ක්‍රිස් කියන සමාගමට හෝටල් සංකීර්ණයක් හදන්න පවරලා දුන්නා ආකාරය ගැන. ඒ කාලයේ මන්දනා  ස්මයිල් කියන මාධ්‍යවේදිනිය පැහැරගන්න ආවෙ එම ක්‍රිස් ගනුදෙනුවෙ තොරතුරු තියන නිසා කියලා රාවයක් ගියා මතක ඇති.

පැමිණිල්ලට අනුව විමර්ශනයක් ක්‍රියාත්මක වුනා. එම විමර්ශනයේ දි තමයි එම මුදල් සිංගප්පූරුවෙ තිබුණ එකවුන්ට් එකකට  සල්ලි මාරුවී තිබෙන බවත් ඊයේ හෙලිදරව් වුණ ඖෂධ සමාගමෙන් එතෙන්ට සල්ලි එවා ඇති බවත්, එම සල්ලිත්  නිමල් පෙරේරාගෙ එකවුන්ට් එකට ගොස් ඇති බවත්… ක්‍රිස් එකේ සල්ලිත් නිමල් පෙරේරාගෙ එකවුන්ට් එකට ගොස් ඇති  ආකාරය සම්බන්ධ  සම්පූර්ණ විස්තර තියනවා.

  • මිලදී ගැනීම් සහ ඉදිකිරීම්

මිලදී ගැනීම් සහ ඉදිකිරිම් සම්බන්ධව නියාමනයන් තිබුණා. ජාතික ප්‍රසම්පාදනය ආයතනයක් තිබුණා.  හැබැයි 2011 දි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉවත් කරලා    කැමැත්ත ප්‍රකාශ කරලා ව්‍යාපෘති යෝජනාවක් අරන් එන්න පුලුවන් ක්‍රමයක් ගොඩනැගුවා. ව්‍යාපෘතියක් හොයාගෙන සල්ලි හොයාගෙන ඇවිත් ආන්ඩුවට කියන්න පුලුවන් මෙන්න ව්‍යාපෘතිය. මේක කරමු මෙන්න සල්ලි කියලා. සංකල්පීය වශයෙන් හොඳයි.

මේ සම්බන්ධව අධ්‍යයනය කරන්න හත් දෙනෙකුගෙන් යුතු කැබිනට් අනුකමිටුවක් පත් කළා.

යෝජනා 298ක් ලැබිලා තිබුණා 62ක් පිළිගත්තා. ඉතිරි ටික ප්‍රතික්ෂේප කළා. එහෙත් ප්‍රතික්ෂේප කළ යෝජනා කැබිනට් මන්ඩල අනුමැතිය අරන් කරන්න ගත්තා.  කැබිනට් මණ්ඩලය අනුමැතිය  දෙන්න පුලුවන් හදිසි මිලදී ගැනීම සඳහා පමණයි.  මෙතන සිද්ධ වෙන මේ කිසිවක් හදිසි මිලදී ගැනීම් නොවේ.

මේ ආකාරයේ  ව්‍යාපෘති 51ක් තියනවා.    නැගෙනහිර දුම්රිය මාර්ගය යළි ගොඩනැන්වීම – ඔස්ට්‍රියාවේ යුනික්‍රෙඩිට් බැංකුව යුරෝ මිලියන 9.8යි.  දුම්රිය බලවේග කට්ටල 13ක් මිලදී ගැනීම – ඩොලර් මිලියන 102යි.  මාතර කතරගම දුම්රිය මාර්ගයේ මාතර බෙලිඅත්ත කොටස  ඉදිකිරීම –  ඩොලර් මිලියන 278යි.  කිරිදෙනුන් ආනයනය කිරීම –  ඩොලර් මිලියන 12.9යි . පුත්තලම ගල් අඟුරු බලාගාරය 1, 2, 3, අදියර – ඩොලර් මිලියන 1346යි. නිසි ක්‍රමවේද මගහැර කළ ව්‍යාපෘතිවල සමස්ථ එකතුව සමස්ත එකතුව ඩොලර් මිලියන  7918. යුරෝ මිලියන 455යි. පවුම් මිලියන 45යි.

  • කටුනායක අධිවේගී මාර්ගය –

විගණන දෙපාර්තමේන්තුව විසින් එක ගනුදෙනුවක් අධ්‍යයනය  කරලා තිබුණා.  ඒ කටුනායක අධිවේගී මාර්ගය. වර්ෂ 2003 දි එහි ඉංජිනේරු සැලසුම හැදුවා. අතරමග නතර වුනා. වර්ෂ 2008 දි  ඔවුන් ඒ සැලසුමට පිටින් ඉදිකිරීම ප්‍රදානය කළා. 2003 ඉංජිනේරු සැලැස්මේ වියදමට කළ ඇස්තමේන්තුවට වඩා  වර්ෂ 2008 දි කළ  වියදම සියයට 437යි.

  • සුබේරු

ඇමරිකානු එක්සත් ජනපදයේ සිඅයිඒ නියෝජිතයෙක් වූ සුබේරු නැවැත්තාගේ ඩොලර් මිලියන 12ක වත්කම් හෙළි කරගන්න බැරිව වසර 12කට සිරදඬුවම් ලබනවා. ඒ හෙළි කළ නොහැකි වත්කම්වලින් ඩොලර් මිලියන 6.5ක් දාලා තියෙන්නෙ අජිත් නිවාඩ් කබ්‍රාල්.  ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැන්වීම වෙනුවෙන් එක්සත් ජනපදයේ සී.අයි.ඒ නියෝජිතයාට  මේ මුදල ගෙවලා තියෙන්නෙ.

එම පරීක්ෂණයකින් හෙළිදරවු වුනා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් ඩොලර් මිලියන 6.5ක් සුබේරුට ගෙවා ඇති නමුත් එම මුදල ලංකාවෙ ප්‍රතිරූපය ගොඩනැන්වීම සඳහා ඔහු  යොදවා නැති බවත්. සුබේරු  හිරේ. හරිනම් කබ්‍රාල් හිරේ ඉන්න ඕන.   එහෙම වෙන්නෙ නෑ.

ජාත්‍යාන්තරයෙ කොතැනද හොරකමක්  හෙළිවෙන්නෙ… අපේ රටේ ඉහළ දේශපාලකයින් හා රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් හෙළිදරව් වෙනවා.

අපේ රටේ දූෂණය තනි මිනිහෙකුගේ තනි හිතුවක්කාරී වැඩක් නොවෙයි. රාජ්‍ය යාන්ත්‍රණයක ආශීර්වාදය සහිතව  රැකවරණය සහිතව දියත් කරන මහා පරිමාණ ක්‍රියාවලියක්.

දේශපාලන වළල්ලක් , ඩීල් කරන ව්‍යාපාරික වළල්ලක්,  2400ක් වන පරිපාලන නිලධාරීන් 50ක් විතර පිරිසක්,   විමර්ශන කණ්ඩාම්වල කොටසක්,    මාධ්‍ය හිමිකරුවන් කිහිපදෙනෙක්,     අධිකරණයට නඩු ගොනුකරන හා වග විභාගයට ලක්කරන කණ්ඩායමේ කොටසක්, මේ දූෂිත වළල්ල ඇතුළෙ ඉන්නවා.

ආණ්ඩුව මාරු වුනාම දූෂිත වළල්ල ටිකක් හෙල්ලෙනවා.  හිටපු අය ටිකක් පිටට යනවා. තව ටිකක් ඇතුළට එනවා. හිටපු අය එහෙමමත් ඉන්නවා.  මාසයක් දෙකක් යද්දි නැවත ශක්තිමත් වෙනවා.

ආණ්ඩු පෙරළියකින් පමණක් මේ දූෂිත වළල්ල සොලවන්න බෑ, වංචා දූෂණවලට එරෙහි ප්‍රලබ මහජන ව්‍යාපාරයක් හරහා පමණයි මේ දූෂිත වළල්ල පොඩිපට්ටම් කළ හැකි වන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩලස් අගමැති ‍වෙනවාට බැසිල් විරුද්ධ වෙයි !

Next Post

සිංහල සිනමාවේ පුරාවෘතයක් බඳු සටන් නළු වින්සන් කරූ දිවි සැරියෙන් සමු ගනී…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.