අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටටම විදුලිය ඇණහිටියේ කොහොමද?

by Lanka Sara Editor
අගෝස්තු 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල

මුලු රටම එසැනින් ක්‍රියාවිරහිත කරමින් ඊයේ (17 වැනිදා) සිදු වූ විදුලිය බිදවැටීම කාටත් මහත් කුතුහලය දනවන්නකි. මෙය යමෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් වන්නට බැරි නැතැයි ද නොයෙක් කතා පැතිරෙන්නට විය. කාගේ හෝ නොසැලකිල්ලක්දැයි ඇතැම්හු ප්‍රශ්න කළහ. ඇත්තටම සිදුවූයේ කුමක්ද යන්න තවමත් නිශ්චිත නැත. ඒ පිළිබද සොයා බැලීමට කමිටුවක් ද පත් කර ඇත. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා මහතා අප සමග කරුණු පැහැදිලි කළේ ය.

විදුලි පද්ධතියේ යම් කිසි දෝෂයක් සිදු වූ බව පැහැදිලි නමුත් ඒ දෝෂය පිළිබද ව ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බවත්, විසන්ධි වී ගිය විදුලිය පද්ධතිය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීම පමණක් ඊයේ සිදු කළ බවත් ආචාර්ය සුසන්ත මහතා කීවේ ය.

විදුලිය සැපයුම අනෙකුත් සැපයීම්වලට වඩා වෙනස් වන්නේ ඒවා කල් ඇති ව ගබඩා කර තබාගෙන සිට ඉල්ලන අවස්ථාවලදී බෙදා හැරීමට හැකි දෙයක් නොවීම ය. පාරිභෝගිකයා විදුලිය ඉල්ලීම් කරන ප්‍රමාණයන් සෑම තත්පරයකදී ම වෙනස් වන අතර ඔවුන් ඉල්ලන සැනින් එම විදුලිය පාරිභෝගිකයා වෙත සැපයීම විදුලි බල මණ්ලයේ කාර්යය වේ. ගෙදර හෝ කර්මාන්ත ශාලාවක හෝ එවැනි ඕනෑ ම තැනක විදුලි ස්විචය පණ ගන්වන සැනින් ඔවුන් වෙත විදුලිය ලබා දිය යුතුය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එය සිදු වන්නේ ජල හෝ සුළං හෝ සූර්ය හෝ වෙනත් කුමන ආකාරයකින් හෝ ප්‍රධාන විදුලි පද්ධතියට එසැනින් විදුලිය ලබා ගෙන එතැනින් විදුලිය උප පොළකට එකී විදුලියේ වෝල්ටීයතාවය අඩු කරමින් මුදා හැරීම සිදු කෙරේ. එතැන් සිට පියවර වශයෙන් සම්ප්‍රේෂණාගාර හරහා සාමාන්‍ය ගෘහය දක්වා විදුලිය බෙදා හැරෙනු ඇත. මෙම ක්‍රියාවලියේදී විදුලිය ඉල්ලුමට සමගාමීව සැපයීම සිදු කළයුතු අතර ම විදුලිය පද්ධතිය ස්ථාවර ව පවත්වාගෙන යාමත් අඛණ්ඩව සිදුවිය යුතුයි.

ඉල්ලුමට සමාන්තර ව සැපයීම හෝ ඉල්ලුම අභිබවා සැපයීම හෝ මගින් විදුලිය පද්ධතියේ ස්ථාවරතාව බිද වැටෙනු ඇත. විවිධ ක්‍රම ඔස්සේ කෙරවලපිටියට ලබා ගන්නා ප්‍රධාන විදුලිය ධාරීව එතැනින් කොටුගොඩට මුදා හරින අතර රට පුරා බෙදා හැරීම එතැන් සිට සිදු වේ.

ගෘහයන් වෙත විදුලිය බෙදා හැරෙන්නේ කොටුගොඩින් ට්‍රාන්ස්ෆෝමර් හරහා වෝල්ටීයතාව අඩු කිරීමක් සිදු කිරීමෙනි.

ට්‍රාන්ස්ෆෝමරයක සිට නිවසකට විදුලිය ගමන් කරන විදුලි රැහැනක් මතට ගසක් කඩා වැටීමකින් පවා නිවසත්, ට්‍රාන්ස්ෆෝමරයත් අතර විදුලි සම්බන්ධතාවය බිද වැටෙන්නා සේ ම ප්‍රධාන විදුලි පද්ධතියේත් දෝෂ ඇති වීම ස්වභාවිකයි.

නමුත් එවැනි ප්‍රධාන තත්ත්වයේ දෝෂ හැකිතාක් අවම කිරීම වෙනුවෙන් ම කැප වුණු කාර්ය මණ්ඩලයක් සහ විෂයය පිළිබද දැනුමැත්තන් දිවා රාත්‍රී සේවයේ යෙදී සිටීම නිසා මෙවැනි මහා පරිමාණයේ දෝෂ අවම කර ගැනීමට හැකි වී ඇති බව ආචාර්ය සුසන්ත මහතා කීවේ ය.

ඊයේ සවස සිදු වූයේ විශාලතම බලාගාරවලින් විදුලිය සම්ප්‍රේෂණය කෙරෙන රැහැනක දෝෂයක් හට ගැනීම යි. එය ට්‍රාන්ස්ෆෝමරයකින් නිවසකට ලැබෙන විදුලිය බිද වැටීමක් මෙන් එක් ප්‍රදේශයකට පමණක් විදුලිය විසන්ධි වීමක් නොවේ.

සමස්ථ පද්ධතිය ම තාවකාලික ව විසන්ධි වීමක් එයින් සිදු වේ. දෝෂය සැනින් හදුනාගෙන ඊට පිළියම් කරන තුරු අදුරේ සිටීමට අපට සිදු වූයේ එබැවිනි. මෙවැනි දේ සිදු වන්නේ ඉතා ම කලාතුරකින් වන අතර 2016 මාර්තු මාසයේ දී ද මේ හා සමාන බිද වැටීමක් සිදු වූ බව ආචාර්ය සුසන්ත මහතා සිහි කළේ ය.

දවසේ සෑම මොහොතකම පාරිභෝගිකයන් විසින් සිදුකරන විදුලිය ඉල්ලුම එකම ප්‍රමාණයක නොපවතී. උදේ කාලයේ ගෘහස්ථ විදුලිය පරිභෝජනය ඉහළ මට්ටමක පවතින අතර නිවෙස්වලින් බොහෝ අය පිටතට යන අවස්ථාවේ සිට පැයක දෙකක පමණ කාලයක් විදුලිය ඉල්ලුම පහත වැටේ. යළිත් කාර්යයාල හා කර්මාන්ත ශාලාවල වැඩ ආරම්භ කිරීමත් සමග ඵීදුලිය ඉල්ලීම යළි ඉහළ යනු ඇත. එම ඉල්ලුම කාර්යාලවල රාජකාරි නිම වන කාලය දක්වා ඒකාකාරී ඉල්ලුම් ප්‍රමාණයක පවතී. නැවත කාර්යාලවලින් පිරිස පිට ව යාමත් සමග ඵැය දෙක තුනක කාලයක් විදුලිය ඉල්ලුම අඩු වන නමුත් සවස 6.30 පමණ සිට රාත්‍රී 10.00 පමණ දක්වා අධික විදුලිය පරිභෝජනයක් පවතී. එය දළ වශයෙන් මෙගා වොට් 2300-2400 පමණ අතර තත්ත්වයකි.

මෙය ශ්‍රී ලංකාවේ විදුලිය පද්ධතියේ උපරිම විදුලිය ඉල්ලුම ලෙස දැනට ගණනය කර ඇත. මේ අවස්ථාවේදී ප්‍රධාන විදුලිය පද්ධතියට ඒ තරම් ප්‍රමාණයක් විදුලිය ලබා ගැනීමත්, එම ප්‍රමාණය ම ඒ මොහොතේ ම සියල්ලන් වෙත මුදා හැරීමත් සමාන්තර ව ඉටු කළ යුතු ය. එම ක්‍රියාවලියේ අඛණ්ඩතාවය ඉතා ම සුලුවෙන් හෝ එහා මෙහා වුවහොත් විදුලිය බිද වැටීමක් විය හැකියි. මෙය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව පැහැදිලි යි.

ලෝකයේ වෙනත් රටවල් තමන්ගේ රටේ ප්‍රධාන විදුලිය පද්ධතිය සමග වෙනත් රටවල විදුලිය පද්ධතීන් එකිනෙකට සම්බන්ධ කර ගෙන කටයුතු කරගෙන යන අතර මෙවැනි ප්‍රධාන පද්ධතියේ දෝෂයක් ඇති වූ සැනින් යාබද රටේ විදුලිය පද්ධතියෙන් රටේ අවශ්‍යතාව එසැනින් සපුරා ගැනීම සිදු කරනු ලැබේ. එහෙත් අපේ රට දූපතක් වීම නිසා වෙනත් රටවල් සමග සම්බන්ධ වීමේ හැකියාවක් නොමැත. අපේ දෝෂ අපි ම නිවැරදි කර ගෙන ඉදිරියට යායුතු බව හෙතෙම පැවසීය.

මෙවැනි හෝ විරල දෝෂයක් සිදු නොවන්නට ද විදුලිය පද්ධතිය තව දුරටත් ඔසවා තැබීය හැකි වුවත් ඒ සදහා දැරීමට සිදුවන ආයෝජන වියදම අප වැනි රටකට ඔරොත්තු නොදෙන බව ආචාර්ය සුසන්ත මහතාගේ අදහසයි. මේ තත්ත්වයෙන් පවා මේ රටේ විදුලිය පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමේ ගැටලු පවතින බව ඔහු කීවේ ය.

විශේෂයෙන් ම විදුලිය රැහැන්වල කම්බියේ සිට සියයට අනූවකටත් වඩා විදුලිය නඩත්තු කිරීම්වලට අදාළ සියලු ම අමුද්‍රව්‍ය විදේශ රටවලින් ගෙන්වන බැවින් ඩොලරය හා අනෙකුත් රටවල මුදල් ඒකකවල වටිනාකම රුපියලට සාපේක්ෂ ව ඉහළ යාම නිසා නවීකරණ කටයුතු මෙන් ම ප්‍රතිසංස්කරණයන් පවා ඉතා අපහසුතා මධ්‍යයේ පවත්වාගෙන යන බව හෙතෙම පැවසීය.

ලංකා විදුලි බල පනත අනුව විදුලිය බිල සංශෝධනය විය යුතු වුවත් 2014 වර්ෂයේ සිට මේ දක්වා විදුලිය බිල සංශෝධනය වී නොමැති බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

මහජන උපයෝගිතා කොමිසම විසින් සෑම මාස හයකට වරක් විදුලිය ගාස්තු සංශෝධනය කළයුතු වේ. මේ අතර විදුලිය ලබා ගැනීම සදහා මිලක් නියම කළ නොහැකි බවට නීතිපතිගෙන් විදුලි බල මණ්ඩලයට උපදෙස් ද ලැබී ඇත. දැනටමත් සුළං බලාගාරවලින් මෙගා වොට් 60ක් සහ සූර්ය බලාගාරවලින් මෙගා වොට් 150 ක් විදුලිය ප්‍රධාන විදුලිය ධාරාවට එකතු කර ගැනීම සදහා ලංසු කැදවා අවසන් කර ඇති බවත් ඒ මහතා කීවේ ය. මේවායේ ප්‍රතිලාභ පාරිභෝගික ජනයාට ඉදිරියේදී අත්වනු ඇත.

 

විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) ආචාර්ය සුසන්ත පෙරේරා මහතා
Tags: විශේෂ
Share69Tweet43
Previous Post

න්‍යෂ්ටික බලශක්තියට අපේ ඇත්තන් බය ද?

Next Post

දවල් පැයයි විනාඩි 45ක සහ රෑට පැයක විදුලි කප්පාදුවක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.