බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටක් විනාශ කර ජාතියක් ඔත්පල කරන තමන් ගැන වගකීමක් නැති මිනිස්සු!

by editor
මැයි 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සාකච්ඡා කළේ ශ්‍රියානි විජේසිංහ –

මීට සති කිපයකට පෙර බරපතල සෞඛ්‍ය සමික්ෂණ වාර්තාවක් නිකුත් විය.  කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය , සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය, කොළඹ රුහුණ රජරට විශ්වවිද්‍යාල එක්ව ආසියාවේ අන් රටවල් අභිබවමින් ශ්‍රී ලංකාව වාර්තාවක් පිහිටුවේය. ඒ දියවැඩියා සම්බන්ධයෙනි. මෙහිදී සදහන් වුයේ ලංකාව දකුණු ආසියාවේ වැඩිම දියවැඩියා රෝගීන් සිටින රට ලෙසය. මෙම   සමීක්ෂණයේදී ලංකාවේ වැඩිහිටියන් අතර  දියවැඩියා රෝගීන්  ලක්ෂ 14ක් පමණ සිටිය හැකි බවට  වසර 2021දී ඇස්තමේන්තු කර ඇත.  මෙම සංඛ්‍යාව වර්ෂිකව වැඩිවන බවද පෙන්වාදී තිබේ. මෙම ලක්ෂ 14ම දෙවන කාණ්ඩයේ දියවැඩියාවට ගොදුරු වූවන්ය.

මේ සිදුවන්නේ කුමක් ද?. මේ පිළිබඳව අප විමසා සිටියේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධනය. අප ඇසූ ප්‍රශ්නවලට විශේෂඥවරයි ලබා දුන් පිළිතුරු මෙසේය

විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන

මොකක්ද මේ දෙවන කාණ්ඩය කියලා කියන්නේ?

අප ගන්නා ආහාරයේ සීනි ප්‍රමාණය වැඩිවන විට එය පාලනය කිරීමට අග්න්‍යාශයෙන් නිපදවන ඉන්සියුලින් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම දෙවන කාණ්ඩයේ දියවැඩියාව ලෙස හඳුන්වනවා.  එය සිදුවන්නේ මෙහෙමයි.

අප දිනපතා ගන්නා   ආහාරය තුළ පවතින සීනි මට්ටම ඉහළයාම පාලනය කිරිමට අග්න්‍යාශය වැඩි වැඩියෙන් ඉන්සියුලින් නිපදවීමට සිදු වෙනවා. . මුල් අවදියේදී ඉන්සියුලින් නිපදවුවද දිනපතාම රුධිරයේ වැඩිවන සීනි මට්ටම පාලනය කිරීම සදහා අග්න්‍යාශයට  වැඩි  වැඩි වැඩියෙන් ඉන්සියුලින් නිපදවා ගැනීමට බැරි වෙනවා. දෙවන මට්ටමේ දියවැඩියා තත්ත්වය ඇති වන්නේ ඒ නිසා. 

වසර කීපයකට පෙර වැඩිහිටියන් තුළ දක්නට ලැබුණු දෙවන ගණයේ දියවැඩියාව මේ වන විට  දරුවන් අතර  දක්නට ලැබෙන තත්ත්වයක් පෙනෙනවා. එය යහපත් තත්ත්වයක් නොවේ… කුඩා කාලයේදී දරුවන් ක්ෂණික ආහාරවලට සහ පැණිරස අධික ආහාරවලට පුරුදු වීම හේතුවෙන් අග්න්‍යාශයට වැඩි වැඩියෙන් ඉන්සියුලින් නිපදවීම සිදුවෙනවා. ඉන් ක්‍රියාකාරිත්වය මන්දගාමී වෙනවා.  මෙහි ප්‍රතිපලය වන්නේ දරුවන් බොහෝ අඩු වයසින් සීනි පාලනය අඩාල වී දියවැඩියා රෝගීන් බවට පත්වීමය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දියවැඩියා රෝගීන් රට තුළ වැඩිවීම සම්බන්ධව නිරීක්ෂනය වන්නේ කොහොම ද?

බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා  සෑම වසර 05කට වරක් රජයේ සෞඛ්‍ය අංශ සහ ලෝක සෞඛ්‍ය සංවිධාන එකතුවෙලා සමික්ෂණයක් කරනවා.  එම සමීක්ෂණයේ දී  වයස අවුරුදු 18 –  69 අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් ගේ නියැදිවල රුධිරර පරීක්ෂාවක් කලා     2015දී.    රුධිරයේ සීනි මට්ටම පරික්ෂා කරන විට දියවැඩියා තත්ත්වය පැවතියේ  සියයට 7ක පමණයි. නමුත් වර්ෂ  2021දී මෙම පරීක්ෂණය කරන විට පෙනුනා එය සියයට  14.9ක් දක්වා  වැඩි වෙලා කියලා. ඒ කියන්නේ දෙගුණයක් වැඩි වෙලා.  රුධිරයේ සිනි ට්ටම ඉහළ ගිය හෝ දියවැඩියාවට ප්‍රතිකාර ගන්නා කාණ්ඩය සියයට 38ක්  සිටියා.  මෙය ඉතා බැරෑරුම් තත්ත්වයක් 

දියවැඩියා තිබෙන විට ඇතිවිය හැකි බරෑරුම් තත්තවයන් මොනව ද?  

හෘදයාබධා ඇතිවීමේ ප්‍රවණතාව වැඩිවෙනවා.  අඝාතය, වකුගඩු හානි සිදුවීම, ඇස්වන පෙනීම, ස්නායුපද්ධතයේ ගැටලු මතුවීම සුව නොවන තුවාල අතිවීම ,පාද ඉවත්කිරිමට සිදුවීම  රුධිරයේ සීනි මට්ටම වෙනස් වීම සිරුරේ සෑම ඉන්ද්‍රයකටම සෑජුවම බලපෑම් ඇති කිරීම සිදුවෙනවා.

මෙව රෝගය කලමණාකරණය කර ගැනීමට යාමේදී ඇතිවන ගැටලු මොනවාද?

රුධිරයේ සීනි මට්ටම මිලි ලීටර් 100ට මිලිග්රෑම් 126ට වඩා වැඩිවීම දියවැඩියා ලෙස හඳුන්වනවා. ආහාරපාලනය, ජීවන රාටව හා ඖෂධ භාවිතය යන කොටස් තුනම මෙහිදී වැදගත් වෙනවා. 

රුධිරය මිලිලීටර් 100  මිලිග්රෑම් 100 – 125 අතර පවතින්නේ නම් මේය පූර්ව  දියවැඩියා තත්ත්ව  ලෙස හදුන්වනවා. පූර්ව දියවැඩියා තත්වයේ පසුවන පුද්ගලයෙකු ආහාරපාලනය නොකළහොත්, ව්‍යායාම‌ නොකළහොතක් . තරබාරුනම් බරවැඩිනම් එවැනි පුද්ගලයෙකු ඔිනෑම විටක දියවැඩියා රෝගය වැළඳිය හැකියි. 

 පූර්ව  දියවැඩියාවදී ආහාරපාලනය නොකළහොත් පිටි සීනි තෙල් අධික ආහාර වැඩිවශයෙන් ගතහොත් දියවැඩියා රෝගියෙකු වීමේ හැකියාව පවතිනවා. මෙම ආහාර පාලනය කිරිම සිරුරේ බර අඩුකර ගැනීමටද හේතුවක්. එමෙන්ම පුද්ගලයෙක් ක්‍රියාශී වීම වැදගත්. 

2021 අවදානම් සාධක සමීක්ෂණයට අනුව පුරුෂයින් සියයට 25ක් ක්‍රියාශීලි නැහැ.  ඒ කියන්නේ ඇඟ වෙහෙසා වැඩ කරන්නේ නෑ. මෙම සමීක්ෂණයට අනුව කාන්තාවන් සියයට 43ක් ක්‍රියාශිලී නෑ…2015දී සමීක්ෂණයට අනුව පිරිමින්ගෙන් සියයට 22ක් තරබාරු බරවැඩි ගණයට අයත් වුනා. 2021දි මෙය සියයට 30ක් දක්වා වැඩි වෙලා.

වර්ෂ 2015 සමීක්ෂණයේ දි කියැවුනේ  කාන්තාවන් සියයට 36ක් බරවැඩි තරබාරු අය වූ බවයි.  වසර 2021දී එම ප්‍රතිශතය  සියයට 47.6 දක්වා වැඩිවෙලා. මේ පෙනෙන්නෙ අනාගත දියවැඩියා අවදානමක පෙරනිමිති.

රෝග පාලනයට රජයෙන් වැඩසටහන් කරනවා. ඒත්  ඇයි රෝගීන් වැඩිවන්නේ?

බෝනොවන රෝග වැලැක්වීම සදහා බිම්මට්ටමේ වෛද්‍ය නිලධාරීන් සිටිනවා. මාස්පතාම දැනුම්වත් කිරම් කරනවා . අපි බිම්මට්ටමේ සුව දිවි මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.   රුධිරයේ සීනි මට්ටම, රුධිර පීඩනය, ශරීර ස්කන්ධ දර්ශකය, බර මැනීම, මුඛ පරික්ෂාවන්, ඇස් පරික්ෂා කිරීම ,පෝෂණ උපදෙස් ව්‍යායාම කිරිම ආදිය පිලිබඳව දැනුවත් කිරිම් කරනවා . 

මේවැනි සායන 1000ක් පමණ දිවයින පුරා පවත්වාගෙන යනවා. අපි දැනුවත් කළත් නොමිලේ සියලුම සේවාවන් සැපයුවත් මේ සඳහා යොමුවන පිරිස බොහෝ අඩුයි. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහෙල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් ක්‍රීඩා ඇමති තුට්ටුවට දමා ඇමති කමිටුවේ සනත්ලා පච කර එවයි!

Next Post

ඩෙංගු රතු ඉර පැනීමේ අවදානමක ! වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් අනතුරු ඇඟවීමක්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.