බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට විවෘත වුණා… දැන් වගකීම ඔබේ අතේ

by editor
මැයි 14, 2020
in පුවත්, සමාජ
Samantha ananda

වෛද්‍ය සමන්ත ආනන්ද

Share on FacebookShare on Twitter

අනුෂා රණසිංහ

දින 52කට ආසන්න කාලයක් සිය නිවෙස්වල සිටි බහුතරයක් ජනතාවට මේ වෙද්දී රැකියාවන් සඳහා යාමට අවස්ථාව ලැබිලා තියෙනවා . ඒ කියන්නේ රට යම් ආකාරයකට විවෘතව පවතින්නේ.  නැවතත් මග තොට මිනිසුන් ගැවසෙන නිසා කොරෝනා හෙවත් කොවිඩ් 19 අවදානම ගැන දෙපාරක් හිතන්න ඕනේ. ඒ නිසා අපි මේ කතා බහ සිදු කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද සමඟ..

රට මේ වෙද්දී යම් ආකාරයකට විවෘත කරලා තියෙන්නේ… මේ මොහොතේ සමාජයට කියන්න තියෙන්නේ මොකක් ද?

සමාජයට දෙන්න ඕනේ පණිවිඩය තමයි මෙතෙක් කල් රජය විසින් අනුගමනය කළේ සමාජ දුරස්ථභාවය රැක ගනිමින් මේ තත්වය පාලනය කිරීම සහ ඒ සඳහා රජයට තියෙන නීති රීති මගින් ඒක ආරක්ෂා කරන්නේ කොහොම ද කියන එක. නමුත් දැන් සමාජය තේරුම් ගත යුතුයි රටේ පොලිස් ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ සමාජයට ජනතාවට පැහැදිලි වගකීම එනවා මේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම. මොකද මෙතෙක්  ඒ වගකීම රජය දැරුව නමුත් දැන් එහි වැඩි වගකීමක් සමජයට දීලා තියෙන නිසා.

සමාජයේ පුරවැසියන් කොහොමද මේ සමාජ වගකීම හරි හැටි ඉටු කරන්නේ

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙතැනදී ප්‍රධාන කරුණු හතරක් ඔස්සේ මේ සමාජ වගකීම ඉටු කළයුතුයි.

  1. යම් හෙයකින් නිවසින් පිටවන විට අනුගමනය කලයුතු කාරනා- මෙතනදී නිවසින් පිටවීමේ කාරණය හරි හැටි හඳුනා ගෙන මොකටද යන්නේ, කොතනටද යන්න ඕනේ කියන එක නිශ්චිතවම දැනගෙන ඒ අදාල ස්ථානයට යාමෙන් අනවශ්‍ය කාලයක් මග නොරැදී අදාල කටයුත්ත සිදු කර ගත හැ කියි.
  2. ගමනා ගමනයේදී අනුගමනය කළයුතු කාරනා – මෙය ගොඩක්ම සැලකිලිමත් විය යුතු කාරණාවක්. මොකද යම් ලෙසකින් ඔබ පොදු ප්‍රවහනයක් නම් භාවිතා කරන්නේ. සෞඛ්‍ය අංශ ලබා දී තිබෙන උපදෙස් පිළිපැදීම අනිවාර්යයි.
  3. සේවා ස්ථානයේ අනුගමනය කළයුතු කාරනා – රට මේ විදියට විවෘත කලේම සේවා සඳහා යම් ඉඩක් දෙන්නනේ. හැබැයි කොහොමද ඔබ ඔබව ආරක්ෂා කරගනිමින් සේවා කටයුතු කරන්නනේ කොහොමද කියන එක ඔබ තරයේ සිහි තබා ගත යුතුයි.
  4. නිවසට පැමිණීමේදී නිවසට ඇතුළු වීමට පෙර අනුගමනය කලයුතු කාරණා – මේ කාරණාව ඉතාම වැදගත් වෙනවා. මොකද මෙහි වැඩි අවදානමක් තියෙන්නේ වයසක අයට. ඉතින් ඔබේ දෙමාපියන් නිවස තුළ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා කොහේ ගිහින් ආවත් නිවසට ඇතුළු වෙන්න පෙර පාවහන් යුගලයේ සිට පිරිසිදු කර විෂබීජ හරණය කර නිවසට ඇතුළුවෙන්න වග බලා ගන්න.

මේ කාලය තුල පුද්ගල ප්‍රතිශක්තිකරණය ඉතා වැදගත් නේ. කොහොමද ප්‍රතිශක්තිකරණය වැඩි කර ගන්නේ

අපි දන්නවා මේක වෛරස් රෝගයක්. විශේෂයෙන් ලෝකයේ වෛරස් රෝග වලට ප්‍රතිකාර ක්‍රම විරලයි.  එතකොට මේ කොවිඩ් 19 වෛරස් එකට තාම තාම නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් හොයාගෙන නැහැ. නමුත් අපිට තියෙනවා ප්‍රධාන ශක්තිමත් ක්‍රමවේදයක් මේකෙන් බේරෙන්න.  ඒ තමයි අපි තුළ තියෙන්නාවූ ප්‍රතිශක්තිකරණය. ඒ නිසා අපේ මේ ශරීරය තුළ තියෙන්නා වූ මේ වෛරසයට විරුද්ධව වැඩ කිරීමේ හැකියාව වැඩි කර ගැනීම අවශ්‍යයි.

ඒ සඳහා

  • අපි හොඳින් කන්න ඕනේ. විශේෂයෙන්ම වස විසෙන් තොර දේශීය ආහාර අපිට ඇතිතරම් තියෙනවා. මේවා සමබලව ලබාගැනීමෙන් හොඳින් අපේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගන්න පුළුවන්.
  • * අනික් දේ තමයි හොඳින් වතුර බොන්න ඕනේ.  දිනකට කෙනෙකු පිරිසිදු වතුර ලීටර් 2ක් බීම ඉතා වැදගත්.  ඒ වගේම තැඹිලි වතුර, කුරුම්බා වතුර සහ පොල් වතුරත් ඉතා යෝග්‍යයි මේ ප්‍රතිශක්තිකරණය වැඩි කර ගන්න.
  • දේශීයව හදන කැඳ වර්ගත් පාවිච්චි කරන්න පුළුවන්.
  •  ඒ වගේම තමා හොඳ නින්දක් ලබා ගැනීම ඉතාම වැදගත්. ඒ හරහා අත්‍යවශ්‍ය සෛල වර්ග නිපදවීම, අහිතකර විෂ රසායන ද්‍රව්‍ය  ශරීරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය,  ප්‍රති ඔක්සිකරණය ආදී කරුණු රාශියක් නින්දේදී ශරීරයට සිදු කරනවා. ඒ නිසා හොඳ නින්දක් විවේකයක් මේ කාලය තුළ ශරීරයට අවශ්‍යයි.

විටමින් වර්ග භාවිතා කරන්න ඕනේ ද?

ගොඩක් අයගේ මතයක් තමා ෆාමසි එකෙන් අරන් විටමින් වර්ග භාවිතා කරන්න ඕනේ කියන එක. නමුත් ඇත්තටම එහෙම අවශ්‍යතාවක් නැහැ.  සමබල ආහාර වේලක් ගන්නවා නම් සහ එළවලු පලතුරු වර්ග හොඳින් ආහාරයට ගන්නවා නම් අමතර විටමින් වර්ග ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් යම් හෙයකින් යම් පුද්ගලයෙකුට වෛද්‍යවරයෙක් විසින් නිර්දේශ කරලා තියෙනවා නම් විටමින් වර්ගයක් ගන්න එය ලබා ගත යුතු වෙනවා. එහෙම නැති අයට ෆාමසි වලින් අරන් විටමින් බිමේ අවශ්‍යතාවක් නැහැ.

මේ දවස් වල රැකියාවට යන අය අඳින පලඳින එක ගැනත් හිතන්න ඕනේ නේද?

තමුන්ගේ රාජකාරියට ගැලපෙන ඉතාමත්ම සරල සැහැල්ලු ඇඳුමක් ඇඳීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ වෙලාවේ මෝස්‌තර වල‍ට යාම අනවශ්‍ය සංකීර්ණ ඇඳුම් වලට යන එක අවම කරගන්න එක හොඳයි.  ඉන් අනවශ්‍ය විදියට දාහදිය දැමීම අවම වීම සහ තමන්ගේ අනු දැනුමකින් තොරව විවධ ස්ථාන වල මේ ඇඳුම් ස්පර්ශ වීම සහ ඒ හරහා මේ විෂබීජය ශරීර ගත විය හැකි නිසා පහසු සරල ඇඳුමක් මේ කාලය තුළ  සුදුසුයි කියන එක අපි මතක් කරනවා.

AC යන්ත්‍ර භාවිතය නුසුදුසුද?

මේ රෝගය වාතය මඟින් බෝ වෙන්නේ නැහැ කියන එක තමා කියන්නේ. නමුත් යම් ලෙසකින් කෙනෙකු කිවිසුමක් හෝ කැස්සක් පිට කළහොත් ඒ කෙල බිඳිති යම් තාක් දුරකට මේ හරහා පැතිරෙයි කියන මතයේ තමා ඔය වගේ AC යන්ත්‍ර භාවිතය සුදුසු නැහැ කියන එක.   නමුත් මෙහි සත්‍යතාවක් තහවුරු වෙලා නැහැ. ඒ නිසා AC  ඇතත් නැතත් තමන් භාවිතා කරන දේ ඉතා පිරිසිදුව විෂබීජ හරණය කර භාවිතා කිරීම තමා ඉතාමත් වැදගත් වෙන්නේ.

තව කොච්චර කාලයක් මේ අවදානම තියෙයි ද?

ඒකට අපිට කියන්න තියෙන්නේ මේක ලෝක වසංගත තත්වයක්.  ඉක්මනින් ලොව පුරා පැතිරෙන වෛරස් තත්වයක්. ඒ වගේම යම් යම් ප්‍රතිකාර අත්හදා බැලුවත් තවම නිසි ප්‍රතිකර්මයක් නැහැ. ඉතින් ප්‍රතිකර්මයක් හොයා ගත්තොත් නම් කාලයක් කියන්න පුළුවන් නැත්නම් ඉතින් ලෝක මට්ටමින්ම මේක පාලනය වන තාක් කල් මේ සම්බන්ධයෙන් අවධානය දැඩිව යොමු කරලා පාලනය කර ගන්න සිදු වේවි. ඒක මාස ගණනාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු ගණනාවක් වුණත් විය හැකියි. ඒනිසා අපි හැකි උපරිම ආකාරයෙන් මේ පාලන ක්‍රමවේදයන් සහ හොඳ සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කරගෙන හොඳ ආහාර රටාවකට පුරුදු වුණොත් අපි බලාපොරොත්තු වෙනවා රටක් වශයෙන් අපිට මේ කොවිඩ් 19 බලපෑම අඩු කරගෙන රටක් වශයෙන් සාමාන්‍ය ජිවන රටාව පවත්වා ගන්න පුළුවන් කියන එක.

ජනතාවට කියන්න තියෙන්නේ මොකක්ද?

විශේෂයෙන්ම කියන්න ඕනේ කොරෝනා රෝගයට අනිසි ලෙස බිය වියයුතු හෝ  ලැජ්ජා විය යුතු වන්නේ නැහැ. මේක සාමාන්‍ය වෛරස් උණ තත්වයක් .  ගැටළුලුවක් වෙලා තියෙන්නේ ඉතා වේගයෙන් මේ වෛරස් එක පැතිරීම. ඒ නිසා යම් රෝගී ලක්ෂණයක් පෙන්නුම් කරනවා නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

 

Share69Tweet43
Previous Post

කොවිඩ් එක්ක  නිරෝධායනය වෙන වැලිකඩ හිරගෙදර

Next Post

කොරෝනා කාලයේ ජිම් ගියේ මැතිව්ස් සහ තිසර විතරද

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.