නතාෂා නෙත්මිණි –
-
රට වහන්නෙ නෑ – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
-
වහනවද නැද්ද තීරණය කරන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් පස්සෙ – ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා
-
ක්ෂේත්රයේ තත්වය භයානකයි.. වැහුවෙ නැතිනම් රට අනතුරේ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ
දිවයිනේ ප්‍රදේශ කීපයක මේ වන විට පැතිර යන නව කොරෝනා ප්‍රභේදය ඉදිරි සති දෙක තුළදී රටපුරා තවත් ප්‍රදේශ වෙත පැතිර යා හැකි බැවින් රටම හුදකලා කර වෛරසය මර්දනය කිරීමට කටයුතු නොකළහොත් දැඩි අවදානමකට මුහුණ පෑමට රටට සිදුවනු ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.
බ්‍රිතාන්‍ය තුළ මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිර ගිය බැවින් අසාමාන්‍ය ලෙස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගිය බවත් අප රට තුළ මෙම වෛරසය කෙසේ හැසිරෙන්නේද යන්න පිළිබදව තවමත් විශේෂඥයින් සඳහන් කර නොමැති බව සංගමයේ සභාපති උපුල් රෝහණ පෙන්වා දුන්නේය.
දැනට පවතින තත්වය තුළත් අර්බුදයකට පත් වී සිටින රට මේ නව කොවිඩ් ප්‍රභේදය දැනට පෙන්වා ඇති හැසිරීම් රටාව අනුව ඉතා අවදානම් තැනකට ඇද වැටෙන්නට ඇති ඉඩකඩ ඉහළ බව තවදුරටත් ඔහු පැවසුවේය.
දැනට වර්තාවන ආකාරයට මෙම වෛරස් ප්‍රභේදයේ පැතිරී යෑම සාමාන්‍ය කොවිඩ් වෛරයසට වඩා සියයට 50ක් වේගවත් බවත්, සාමාන්‍ය කොවිඩ් වෛරසයෙන් මරණයට පත්වන ප්‍රමාණයට වඩා මරණ ප්‍රමාණය සියයට 30කින් වැඩි බවත්ය.
නමුත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබුණේ රට වසා දැමීමට අදහසක් නැති බවය.
කෙසේවෙතත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා පසුගිය දා අදහස් දක්වමින් පැවසුවේ මේ කොවිඩ් රෝගය යනු ඉතාමත් භයානක රෝගයක් බවත් ඒ රෝගයේ හරි භයානකකම ලංකාව තවම දැක නැති බවත්ය. පවතින තත්ත්වය යටතේ රට වසා දමන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ විශේෂඥයින්ගේ මතය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බව හෙතෙම කීවේය.
ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොරෝනා නව ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බවද ඔහු කියා සිටියේය.






