බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට බංකොලොත් කිරීමේ අපරාධයට ගෝඨාභය වගඋත්තර කරුවෙක් කෙරේ!

by editor
ජූලි 28, 2022
in පුවත්
GOTA
Share on FacebookShare on Twitter

බීබීසී –

රට සහ මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වගඋත්තරකරුවෙකු ලෙස නම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අගෝස්තු 01 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස අද (ජූලි 27) ඔහුට නොතීසි නිකුත් කරනු ලැබීය.

ඒ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස පුද්ගලිකව නම් කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කිරීමෙන් අනතුරුවයි.

ඒ අනුව 2022 අගෝස්තු මස 01 වැනිදා අධිකරණයේ කරුණු දක්වන ලෙස දන්වා වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ ට ඔහු අවසානයට පදිංචිව සිටි ලිපිනයට නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියම කර සිටියේය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව කරුණු විභාග කිරීම අත්හිටුවීමට හා එම පෙත්සම් විභාගයෙන් ඔහු සම්පූර්ණයෙන් නිදහස් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.

අග්‍රාමාත්‍යවරයාව සිටියදී එම පෙත්සම් වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි රනිල් වික්‍රමසිංහ, ජනාධිපති ධුරයට පත් වීම මත ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 විධිවිධානය මඟින් සහතික කර ඇති නඩු පැවරීමේ මුක්තිය හිමිව සිටින බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය එම තීරණය ගනු ලැබීය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

තමා මෙම පෙත්සම් විභාගයෙන් ඉවත් කිරීමට අවසර ඉල්ලා ගොනු කළ මෝසමක් සලකා බැලූ අධිකරණය ඔහුට එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් අද කැඳවනු ලැබීය.

මේ අතර හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට අධිකරණයේ අවසරයකින් තොරව රටින් පිටවීම තහනම් කරමින් පනවා ඇති අතුරු තහනම් නියෝගය අගෝස්තු මස 02වැනිදා දක්වා දීර්ඝ කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගය කළේය.

එසේම තමන් විදේශ ගත නොවන බවට මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල සහ හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සිය නීතිඥවරු මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් පොරොන්දුව ද අගෝස්තු මස 02වැනිදා දක්වා දීර්ඝ කෙරිණි.

ෙඅදූරදර්ශී ආර්ථික ක්‍රියාමාර්ග අනුගමනය කරමින් නිසි කළමනාකරණයකින් තොරව කටයුතු කරමින් ආර්ථිකය බංකොලොත් කිරීමට එරෙහිව ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේ මෙම නියෝගයන් නිකුත් කළේය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූර ජුලියන් බෝලිං, ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ ගුවන් යානය තුළදී අත්අඩංගුවට ගත් අරගලකරු ධානිස් අලි රිමාන්ඩ්…

Next Post

බූලි 39ක ඩීසල් ලීටර 1800ක් ප්‍රවාහනයට සැරසුනු සැකකරුවන් 07ක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.