බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට ඇවිස්සූ 20 හැදුව අය ගැන මන්ත්‍රී එරාන් කී කතාව

by Lanka Sara Editor
සැප්තැම්බර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කළේ කවුද යන්න පිළිබඳ ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකලාපය තුළ ප්‍රශ්නසහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මෙම සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුනිද? ජනාධිපතිවරයා හරහා ආවේද නැතහොත් අගමැතිවරයා හෝ මෙහි කරුණු පිළිබඳ නොදැන සිටියේද යන්න පිළිබඳ කමිටු පත්කිරීම ආදියෙන් සැක මතුවන බව හෙතෙම පෙන්වා දෙයි.

මාධ්‍ය අමතමින් ඒ පිළිබඳ හෙතෙම දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.

“හදිසි පනත් ගේන්න පුළුවන් වෙන්න, 20 වෙනි සංශෝධනයෙන් අවස්ථාව ලබා ගන්න රජය කටයුතු කරනවා. රටක නීති හදන්නේ පාර්ලිමේන්තුව. ලෝකෙ හැමතැනම එහෙමයි. සමහර රටවල මේ වැඩේට සභා දෙකක් තියෙනවා. පාර්ලිමේන්තුව හා සෙන්ට් සභාව විදියට. ඉන්දියාවේ ඇමරිකාවේ එහෙම තියෙනවා. පාර්ලිමේන්තුව අනුමත කරන අණ පනත්, සෙනට් සභාව අනුමත කරන්න ඕනේ නීතියක් වෙන්න. ජනතාවට මේවා ප්‍රශ්න කරන්න සමහර රටවල අවස්ථා දෙකක් තියෙනවා. නීතිය ගේන්න පෙර කෙටුම්පත් අවස්ථාවෙම, උසාවි ගිහින් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේම නීතියක් උනාට පස්සේත් උසාවි ගිහින් ප්‍රශ්න කරන්න පුළුවන්. අපේ රටේ එහෙම නැහැ. පනත සම්මත වෙච්ච ගමන් ඒක නීතිය. කෙටුම්පත් අවස්ථාවෙ විතරයි උසාවි ගිහින් ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් 20 හරහා ඒ අවස්ථාවත් අහිමි කරන්න හදනවා.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ලංකාවෙදි වෙන්නේ කෙටුම්පත ගැසට් කරනවා. ගැසට් කරපු කෙටුම්පත සති දෙකකට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ පලමු වර කියවීම. එතැන් සිට දින 14ක කාලයක් තියෙනවා උසාවියට ගිහිල්ලා ඒක ප්‍රශ්න කරන්න. නමුත් මේ හදිසි පනත් නීතිය යටතේ පනත ඉදිරිපත් කරන්න පුළුවන් ජනාධිපතිව විතරයි උසාවියට. ඔහු උසාවියට කියනවා පැය විසිහතරක් ඇතුළත මේ සම්බන්ධව තීන්දුව දෙන්න කියලා. ඊලඟ දවසෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා හැන්දෑවෙ පහ වෙනකොට සම්මත කරනවා. පුරවැසියාට ප්‍රශ්න කරන්න අවස්ථාවක් අයිතියක් නැති වෙනවා. ගව ඝාතන නීතියක් මේ විදිහට ඕන්නං ගේන්න පුළුවන්.

මට මතක් වෙනවා මුහුණු පොතේ තිබිච්ච ප්‍රකාශයක්. හරක් මැරුවොත් හිරගෙට මිනිස්සු මැරුවොත් පාර්ලිමේන්තුවට. නීතියක් වෙන්න තියෙන දෙයක් ුරවැසි යට ප්‍රශ්න කරන්න තියෙන අයිතිය අහෝසි කරලා අපි විස්සට විරුද්ධ වෙන්න ඕනේ. මේ විසිවෙනි සංශෝධනයෙන් විජලනයේ ස්වාධීනත්වය අහෝසි කරලා තියෙනවා.විගණනය කියලා කියන්නෙම ස්වාධීනව සිද්ධ වෙන්න ඕනේ කරුණක්. එය එහි අර්ථ දැක්වීමෙන් ම ස්වාධීන විය යුතුයි. ආයතනයක් ගන්නකෝ ම ආයතනයේ පඩි වැඩි ගෙවන්නේ වහන්ඩ මිලදී ගන්නේ අනිකුත් කාරණා කරන්නේ ප්‍රධාන විධායක නිලධාරියා. හැබැයි ප්‍රධාන විධායක නිළධාරියා කියන්නේ අයිතිකාරයා නෙමෙයි සමහර විට අයිතිකාරයෝ ඉන්නවා, කොටස්කාරයෝ ඉන්නවා.
එතකොට එයා ආයතනයේ මූල්‍ය කටයුතු විවරණය කරන එක තීන්දු කරන්නේ විධායක නිළධාරියා නෙමෙයි. ඒ කියන්නේ වියදම් කරන කෙනා නෙවෙයි. අයිතිකාරය හරි කොටස් කාරයෝ හරි තමයි විගනනය කරන්නේ කවුද කියලා තීන්දු කරන්නේ.

දැන් රටක ප්‍රධාන විධායක නිළධාරියා කියන්නේ ජනාධිපතිවරයා. දැන් එතකොට 20 පස්සේ වියදම් කරන්න තීන්දු කරන්නෙත් එයා. විගණනය කරන ආයතන ප්‍රධානින් පත් කරන්නෙත් එයා. එතකොට ස්වාධීනත්වයට මොකද වෙන්නේ විශ්වාසනීයත්වයට මොකද වෙන්නේ. ජාතික විගණන සේවා කොමිසම 20 පස්සේ එහි ස්වාධීනත්වය අහෝසි වෙනවා. රාජය සේවා කොමිසම නැති නිසා පත්කිරීම් කරන්නෙත් ජනාධිපති. රටක් පාලනයේ දී පුද්ගලයකුගේ හොඳ නරක බලල තීන්දු තීරණ ගත යුතු නැහැ. පුරවැසියාගේ ආරක්ෂාව සැලසෙන ලෙස ව්‍යුහය අනුව තමයි තීන්දු තීරණ ගත යුත්තේ.එදා ව්‍යවස්ථාදායක සභාවෙන් පත්කරපු විගණකාධිපතිවරයා 20 පස්සේ සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් බවට පත්වෙනවා ජනාධිපති විසින් පත් කරන. දැන් බලන්න රාජය මුදල් කටයුතු තීරණය කරනවා. ඒව ගැන හොයන්නේ ඒ අයම පත්කරන නිලධාරියෙක්.

සිංහල කියමනක් තියෙනවා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. රාජ්‍ය ආයතන ගණනාවක් විගණනය වෙන්නේ විගණන කොමිසම ඊට අමතරව කෝ පා සහ කෝප් කමිටු වලිනුත් විගණනය වෙනවා සොයා බලනවා. දැන් විගණන කටයුතු වලින් අගමැති කාර්යාලය ජනාධිපති කාර්යාලය ඉවත් කරලා. මේ අය නඩත්තු වෙන්නේ මේ කාර්යාල නඩත්තු වෙන්නෙ ජනතාවගෙ බදු මුදල්වලින්. මේකෙ කිසිම සාධාරණ තර්කයක් නෑ. ජනතාවට අයිතියක් නැද්ද ජනාධිපති අගමැති කාර්යාල වල වියදම ගැන දැනගන්න. කෝප් හා කෝපා කමිටුව දී අපි රාජ්‍ය ආයතන වලින් ප්‍රශ්න කරන්නේ විගණකාධිපතිගේ වාර්තාව බලලා. 20න් පස්සේ එහෙම සාධාරණ වාර්තා එයිද කියන සැකය දැන් අපිට තියෙනවා. මේ වගන්තිය විස්සට ආවෙ කොහොමද ඇයි ද කියලා අපි දන්නේ නෑ. කොහොම වුණත් මේකට විරුද්ධව උසාවි යන්න වෙනවා.

දැන් අගමැති කියනවා මේක ගැන හොයන්න එයා කමිටුවක් පත් කරනවා කියලා ඒකෙන් තේරෙන්නේ එයත් මේක දැකලා නැති බව තමයි. විගණන නිලධාරින් මේකට විරුද්ධ වීම සම්බන්ධයෙන් මං ඉතාම සන්තෝෂ වෙනවා. මොකද කොන්ද තියෙන රාජ්‍ය නිලධාරින් හරි අඩුයි.

ආර්ථිකය ගැන කතා කරනකොට රජය හැමවිටම කතා කරන්නේ පිටිපස්ස ඉස්සරහ ගැන නෙමේ. අමාරු ආර්ථිකයක් ලු හම්බවෙලා තියෙන්නේ. අපේ රටේ ආර්ථික වර්ධන වේගය ම්බන්ධයෙන් අපේ කාලෙ ප්‍රශ්න තිබුණා. ආර්ථික වර්ධන වේගය 6% ඉඳන් 3% වෙනකන් පහළ බැහැලා තිබුණේ. මේ රජය මේ අවුරුද්දේ පළමු කාර්තුවේ දී ඒ කියන්නේ මාර්තු වෙන්කොට -1.6% ක් දක්වා පල්ලෙහා ට ගිහිල්ලා තියෙන්නෙ. නොවැම්බර් වල දී අලුතෙන් බදු ප්‍රකාශයට පත් කරා. බදු අඩු කරා. රාජ්‍ය ආදායම 1/3 විතර පල්ලම් බැස්සා. සංඛ්‍යාලේඛන ඉදිරිපත් වෙලා නැති නිසා හරියටම කියන්න බෑ හැබැයි රුපියල් බිලියන 500 – 700 අතර අඩුවීම තියෙනවා. 2020 ජනවාරි ජුනි අතර රාජ්‍ය ආදායම සියයට 28 කින් 30 කින් පහලට ඇවිල්ල. පුනරාවර්තන වියදම් සියයට 10 කින් ඉහළ ගිහිල්ලා. අපේ කාලේ අපි අයවැය පරතරය අඩු කරා. රාජ්‍ය ආදායම වැඩි කරා. වර්ධනය එකම මට්ටමක පවත්වාගෙන ගියා. ජනවාරි ජුනි අතරෙ අයවැය පරතරය 41% කින් වැඩි වෙලා. ප්‍රාග්ධන සංවර්ධන වියදම 44% කින් පල්ලෙහාට ගිහිල්ලා. රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1000 කින් වැඩි වෙලා. ජනවාරි වෙද්දි රුපියල් බිලියන 13000 වෙච්ච ණය ජුනි වෙනකොට රුපියල් බිලියන දාහතර දහක් වෙලා.

අවුරුදු 35ක ට පස්සෙ විශාල ම අයවැය පරතරය 2020 දී දැක ගන්න පුළුවන් වෙයි. මේවට උත්තර විදිහට පාස්කු, කොවිඩ්, නියඟ, ජල ගැල්ම, හේතු කරගනී. නමුත් ඇත්තම ප්‍රශ්නය වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම. කොවිඩ් ප්‍රශ්නෙ තියෙයි වෙන රටවල් ආයතන වලට කිව්වේ අපි සේවක වැටුප් ගෙවන්නන් ඕගොල්ලෝ සේවකයෝ රඳවගන්න කියලා තමයි. අපිට එහෙම කරන්න පුළුවන් කමක් නෑ එහෙම කරන්න ආර්ථික ශක්තියක් නෑ. මම 2019 සැප්තැම්බර් වලයි 2020 සැප්තැම්බර් වලයි, භාණ්ඩ කිහිපයක මිල සංසන්දනය කරනවා. මා බැංකු වාර්තාවලින් තමයි ගත්තේ.
2019 වට්ටක කිලෝ එකක් රුපියල් සීයයි. අද රුපියල් 173. 73% කින් වැඩි වෙලා.
2019 කැරට් කිලෝ එක රුපියල් 114යි. අද රුපියල් එකසිය හැට හයයි. සියට 46 කින් වැඩි වෙලා.

2019 ගෝවා කිලෝ එකක් රුපියල් හැත්තක් දෙකයි අද රුපියල් 162 යි. සියයට 125 කින් වැඩි වෙලා.
2019 බෝංචි කිලෝ එකක් රුපියල් 230. අද රුපියල් 245 යි. 4% කින් වැඩි වෙලා.
2019 පොල් ගෙඩියක් රුපියල් තිස් අටයි. අද රුපියල් හැට හයයි. සියට 74 කින් වැඩි වෙලා.

2019 පරිප්පු කිලෝ එකක් රුපියල් එකසිය විස්සයි. අද රුපියල් එකසිය හතලිස් පහයි. 21% කින් වැඩි වෙලා. අර තිත්ත කරවිල සියයට 29 කින් වැඩි වෙලා. බදු අඩු කරහම වෙන්න ඕනේ කාරණාව තමයි ජනතාවට වාසි වෙන්න ඕනේ. ඒත් එහෙම වෙලා නෑ. අපේ කාලේ අපි ක්‍ර බදු අඩු කරලා සෘජු බදු වැඩි කරා. 88% ක් වෙලා තිබුණු වක්‍ර බදු අපි 75% දක්වා අඩු කරා. සියයට 12 ය තිබිච්ච සෘජු බදු අපේ 25% දක්වා වැඩි කළා. දැන් වෙන්නේ ඒකේ අනිත් පැත්ත. විදේශ ශේෂය ගැන කතා කළොත් 2019 ජූනි වෙනකොට විදේශ ශේෂය ඩොලර් බිලියන 8.9 යි. ඒක 2020 ජූනි වෙනකොට ඩොලර් බිලියන 7.6 යි. 2021, 2022, අවුරුද්දකට ඩොලර් බිලියන 4 ගහනේ ණය ගෙවන්න තියෙනවා. ආර්ථිකය භයානක අවස්ථාවකට පත් වෙනවා. අපනයන සීමා කරල තියෙනවා. එහෙම උනහම ආනයන සංවර්ධනය කරන්න බැරි වෙනවා. අපි කියන්නේ නැහැ ඉටිපන්දම සරුංගලය ගෙන්නන්න කියලා. නමුත් අපනයනයන්ට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන්න ආනයනය අවශ්‍යයි. පසුගිය කාලයේ අපනයන තත්ත්වය හොඳයි හැබැයි ඒ පෞද්ගලික අංශයට පින්සිද්ද වෙන්න. 1948 න් පස්සේ විශාලතම ආර්ථික පසුබැස්ම 2020දී බලාගන්න පුළුවන්. මුල් කාර්තුවේම දළ දේශීය නිෂ්පාදිතයෙන් පහළ යෑම -1.6ක්. ඊළඟ කාරණාව මේ අය දත්ත ඉදිරිපත් කරන්නේ නෑ. පහුගිය සතියේ පාර්ලිමේන්තුව තිබුණා මුකුත්ම දත්ත ඉදිරිපත් කළේ නෑ. මට දැනගන්න ඕනේ 2020 පලවෙනි මාස දහ අටවැනි මාසෙ වෙනකං රජයේ ආදායම කොච්චරද රජයේ වියදම කොච්චරද කොච්චර ණය අරන් තියෙනවද කියලා.

ඒ වගේම දැන ගන්න ඕනේ පහුගිය ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම ඉවරවෙච්ච ඇප්‍රේල් 30 පස්සේ අගෝස්තු විසි වෙනි දා වෙනකන්. ආදායම් මොනවද වියදම් මොනවද ගත්ත ණය කීයද ඒවට අනුමැතිය දුන්නේ කවුද මේ කිසි දෙයක් ඉදිරිපත් කරලා නෑ ව්‍යවස්ථා විරෝධීව වැඩ කටයුතු කලේ කවුද කියලා අපි දැනගන්න ඕනේ. දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරලා නැහැ ඒක සීයට -5 ද ඊට වැඩිද අපි දැනගන්න ඕන.සත්‍ය දැන ගැනීමෙන් පමණයි ආර්ථිකය සංවර්ධනය කරා ගෙනියන්න පුළුවන්.

මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නේ මෙසේයි.

මාධ්‍ය :- විසිවෙනි සංශෝධනය ගෙනැවිත් තියෙන්නෙ කවුද?

පිළිතුර :- ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ නම් රජය. හැබැයි දැන් අගමැතිතුමා කමිටුවක් පත් කරලා තියෙනවා ඒක ගැන හොයන්න. ඒ කාරණාවෙන් පේන්නේ වෙන දෙයක්. ජනාධිපති හරහා ඇවිල්ලා කැබිනට් එකේ සාකච්ඡා කරල ද කියලා කොතනකවත් හරියටම සඳහන් වෙලා නෑ. ගම්මන්පිල කියන කමිටුවත් රැස්වෙලා නෑ. ඒකෙන් පේන්නේ මේක රජයේ කීපදෙනෙක් එකතුවෙලා කරපු වැඩක් වගේ.

මාධ්‍ය :- විපක්ෂ නායකතුමා කියලා තිබුණා තුනෙන් දෙක හදාගන්න විවිධ තැන්වලින් පිරිස් බිලී බා ගන්න උත්සාහ කරනවා කියලා සමගි ජන බලවේගය අයත් යනවද?

පිළිතුර :- අපේ අය කවුරුත් යන්න ලෑස්ති නෑ බිලි බාගන්න කතන්දරේ ගැන හිතන්න වෙනවා. මොකද විස්සෙන් පස්සේ කැබිනට් මණ්ඩලයට සීමාවක් නෑ. අපි 19 සීමාවක් දැම්මා. ගැටයකුත් ගැහුවා. ජාතික ආණ්ඩුවක් නං කැබිනට් එක ලොකු කරන්න පුළුවන් විදිහට. විස්සෙන් පස්සේ එහෙම සීමාවක් නෑ ජනාධිපති අභමත විදිහට කැබිනට් එක හදන්න පුළුවන්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාර අවහිර කර වාහන නවත්වා දියේ ගිලී මිය යන තරුණිය වීඩියෝ කළ රියදුරන් 15කට දඩ

Next Post

නිරෝධායනයෙන් පලා ගිය පුද්ගලයා නිසා මන්නාරම දුම්රිය ස්ථානය දින 14ක් වැසේ….

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.