අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඇඟිලි ගැසීම් නිසා රෝහල් රැසක පරිපාලනය අවුල්!

සුදුසු අයට ඉඩ දෙන්නැයි වෛද්‍ය පරිපාලකයන්ගේ සංසදය ඉල්ලයි

by Lanka Sara Editor
මාර්තු 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රෝහල්වල අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිදු කරනු ලබන අනවශ්‍ය අතපෙවීම් හේතුවෙන් මේ වනවිට ප්‍රධාන පෙළේ රෝහල් ගණනාවක අධ්‍යක්ෂවරුන් නොමැතිව පරිපාලන කටයුතු සිදුවන බව වාර්තා වෙයි. මහනුවර, කරාපිටිය, අනුරාධපුර, ගම්පහ සහ කුරුණෑගල වැනි ප්‍රධාන පෙළේ රෝහල් ඇතුළු රෝහල් රැසක පරිපාලනමය ගැටලු නිර්මාණය වී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේම ශාඛා සංගමයක් වන ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංසදය අවධාරණය කරන්නේ මෙම බලපෑම හේතුවෙන් රෝහල් පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධිය හදාරා මේ පිළිබඳව සුදුසුකම් සම්පූර්ණ කළ වෛද්‍ය පරිපාලකයන්ට රෝහල්වල පරිපාලන තනතුරුවලට පත්වීම අපහසුව පවතින බවයි.

මේ වෙනුවට දැනුම සහ සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් වෙත රෝහල් පරිපාලන කටයුතු පැවරී ඇති බවත් මේ නිසා විවිධ අවුල්සහගත තත්ත්ව නිර්මාණය වී ඇති බව ත් ඔවුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් එම සංසදය විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වන විට අපේ රටේ රෝහල් පරිපාලනය බරපතළ අභියෝගයකට මුහුණ දී ඇත්තේ එය විවිධ කණ්ඩායම් අතර සිදුවන කඹ ඇදීමේ තත්ත්වයකට පත්වීම නිසාය. සාමාන්‍යයෙන් ශල්‍ය වෛද්‍ය විෂය පථ සම්බන්ධව විශේෂඥ වෛද්‍ය උපාධියක් ලත් වෛද්‍යවරයකු ළමා විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත් වන්නේ නැත. නමුත් රෝහල් පරිපාලනය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට උදාවී ඇත්තේ කණගාටුදායක තත්ත්වයකි. ‍

සැකෙවින් පවසනවා නම් වෙනත් විෂය පථයන් පිළිබඳව අධ්‍යාපනය ලත් වෛද්‍යවරුන් රෝහල් පරිපාලනයට ඇතුළත් කිරීමත් මෙහි අවසාන ප්‍රතිඵලයය ලෙස වසර පහකට ආසන්න කාලයක් ඉතා දුෂ්කර වූ අධ්‍යාපන කටයුත්තක නිරත වන රෝහල් පරිපාලකයන් බොහෝ විටදී රෝහල් පරිපාලනයය පිළිබඳ හැදෑරීමක් සිදු නොකරන ලද වෛද්‍යවරුන් යටතේ සේවය කිරීමට සිදුවීමෙහි කණගාටුදායක තත්ත්වයටත් පත්වීමයි.

වෛද්‍ය සේවා ව්‍යවස්ථාවව කාලීනව සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීමක් වන අතර 1952 වර්ෂයේදී පමණ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහිටුවීමත් වෛද්‍ය් සේවාවේ ප්‍රමුඛතම අංශයක් බවට පත් වීමත් විශේෂඥ වෛද්‍ය සේවය ආරම්භ වීම ඇකුලු නව සේවාවන් සෞඛ්‍ය සේවයට එක් වීමත් සමඟ 1969 වර්ෂයේ පෙබරවාරි 17 දින වෛද්‍ය සේවා ව්‍යවස්ථාවක් ප්‍රකාශයට පත් විය.

එහි සෞඛ්‍ය ආයතන පාලනය සඳහා වෛද්‍ය සේවාව පිළිබඳ තාක්ෂණික හා පරිපානය හැකියාවක් ඇති වෛද්‍ය පරිපාලන සේවය හඳුනාගෙන තිබිණි. 1996 වර්ෂයේ සිට පරිපාලන පශ්චාත් උපාධිධාරීන් බිහි වුවද ඔවුන්ට හිමි තනතුරු නොලැබීම නිසා වරින්වර ව්‍යවස්ථා සංශෝධනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින ලද නමුත් එය ඉටුවූයේ නැත.

එහෙත් වෛද්‍ය පරිපාලකයන් පිරිසක් 2014 වර්ෂයේ දී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගත් අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සේවා ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වීම මත එය සමථයට පත් විය. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය වරින් වර කමිටු පිහිටුවමින් වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශවයන්ට කරුණු දැක්වීම්ට අවස්ථාවක් ලබා දෙන ලදී. 2014 වර්ෂයේදී සීතා විතානාරච්චි කමිටුව පත්කළ අතර වෛද්‍ය සංගමයෙහි නිරීක්ෂණ සාමාජිකයන් විය.

2016 වර්ෂයේ දී ආරියරත්න හේවගේ කමිටුව පත්කළ අතර වෛද්‍ය සංගමයට ලිඛිතව හා හා වාචිකව කරුණු දැක්වීම්ට අවස්ථාවක් ලබා දෙන ලදී.

ඒ අනුව වෛද්‍ය සංගමය අවස්ථාවක් ලබා නොදුන් බවට කරන ලද චෝදනා සාමාජිකයන් නොමග යැවීමකි.

අවසාන කමිටු නිර්දේශ මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා විසින් කැබිනට් සංදේශ ඉදිරිපත් කළ අතර වෛද්‍ය සංගමය විසින් හිටපු ජනාධිපති තුමාට කරුණු දැක්වීම නිසා අමාත්‍ය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුව පත් කරන ලදී. එවකට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම ප්‍රධාන කමිටුව පත් කරන ලදී.

එහි ලබාගන්නා නිර්දේශ මත ඉන් පසුව හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් ඇමැති අනුකමිටුවක් පත් කළ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 55 වගන්ති ප්‍රකාරවව පැවතෙන බලතල පරිදි වෛද්‍ය පරිපාලන උපාධිධාරීන්ට ප්‍රමුඛතාවයක් ලබා දෙන ලෙස ප්‍රතිපත්ති ව නිර්දේශ වී ඇත.

එහෙත් තවදුරටත් කරන ලද අනවශ්‍ය බලපෑම් නිසා නැවත වරක් හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් තවත් අමාත්‍ය අනුකමිටුව පත්කළ අතර එහි නිර්දේශයන් 2018 අගෝස්තු ලබා දී ඇත.

එම අමාත්‍ය මණ්ඩලයේ සේවාවන් ද සෞඛ්‍ය ලේකම්ගේ අනුමැතිය මත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ඇති අතර මෙම නව සංශෝධන ගැසට්ටුව ප්‍රකාශයට පත් කරන ලෙසට රාජ සේවා කොමිෂන් සභා මගින් දන්වා තිබුණේ 2019 පළවෙනි මස 27 වන දිනය.

එහෙත් සිදුවන ප්‍රමාදයන් නිරීක්ෂණය කළ වෛද්‍ය පරිපාලනය කිලධාරීන් පිරිසක් අධිකරණය වෙත ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස නව ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාශ කිරීම්ට අමාත්‍යාංශයට සිදුවිය.

මේ අනුව ඉතා දීර්ඝ කාලයක් සාධාරණ ක්‍රමවේදයක් යටතේ නව වෛද්‍ය සංශෝධනය සිදු කොට ඇති අතර එසේ තිබියදීත් තම පටු අරමුණු ඉටුකර ගැනීමේ අභිලාෂයෙන් සත්‍ය කරුණු වසංකොට සාමාජිකයන්ගේ නොමග යැවීම පිළිබඳව කනගාටුව ප්‍රකාශ කළ යුතුව ඇත.

තවද තම සංගමයේ සාමාජිකයන් පිරිසක් සාමාජිකත්වය දරන වෛද්‍ය පරිපාලන වෛද්‍ය නිලධාරීන්ට සාධාරණය ඉෂ්ඨ කිරීමට එරෙහිව මව් සංගමය කටයුතු කිරීම කෙතරම් නම් අසාධාරණයක් ද යන්න විමසිය යුතුව ඇත.

තවද ඩිප්ලෝමා පශ්චාත් උපාධි ඇති පරිපාලනය කිරීමට කැමති වෛද්‍ය නිලධාරී සඳහා විශාල ප්‍රමාණය එනම් ඇඳන් සීයකට වැඩි දිස්ත්‍රික් රෝහල්වල ප්‍රධාන වෛද්‍ය නිලධාරි තනතුරු හා විශාල ජන ඝනත්වයක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රධාන වෛද්‍ය නිලධාරී තනතුරු නියෝජ්‍ය වෛද්‍ය පරිපාලන තනතුරු ලෙස ප්‍රතිව්‍යුහගත කරන ලෙස දැනටමත් අවස්ථා ගණනාවකදීම සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කොට ඇත.

මේ අනුව තම සංගමය සාමාජිකයන්ගෙන් අදහස් නොවිමසා නව ව්‍යවස්ථා සංශෝධනය සිදු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන ප්‍රකාශ පදනම් විරහිත වන අතර සෞඛ්‍ය සේවාව වඩාත් ගුණාත්මක සහ ඉහළ තත්ත්වයක පවත්වාගෙන යාම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු නව සේවා ව්‍යවස්ථාවට සහයෝගය ලබාදෙනවා වෙනුවට අහිංසක රෝගී ජීවිත බිලිගන්නා වෛද්‍ය වැඩ වර්ජනවලට යොමු නොවන ලෙස රෝහල් පරිපාලකයෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ගෙන් ඉල්ලා සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති තුමනි… ක්‍රිකට්වලට කළ විනාශය ගැන හොයන්න කොමිසමක් පත් කරන්න

Next Post

සුවසැරිය ගෙනාවාට සුදර්ශනී හර්ෂට තුති පුදයි – සුවසැරිය නැති නොකළාට හර්ෂ ආණ්ඩුවට තුති පුදයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

Comments 1

  1. මහාචාර්ය එඩ්වර්ඩ් එම් පෙරේරා says:
    වසර 5ක් ago

    බුර්කාව පලඳින්නේ ඉස්ලාම් භක්තික කාන්තාවන්.. එය ඉස්ලාම් සංස්කෘතියෙ අංගයක්.

    ත්‍රස්තවාදී ප්‍රශ්නය නිසා ශ්‍රී ලංකාව හොඳට බැට කා තිබෙනවා.

    ලංකාවට දැන් අවශ්‍ය ය ආගම්වල ඉගැන්වීම් නොව ජාතික ආරක්ෂාව තර කිරීමයි.

    කොරෝනා වෛරස් ඒ නිසා මුඛවාඩම් පලඳින්නේ ජීවිත කාලයකට නොව වෛරසය පරාජය කරන තුරුයි.

    නමුත් ඉස්ලාම් කාන්තාව එය ජීවිත කාලයක් පළඳියි. ඉස්ලාම් අන්තවාදීන් කාන්තාවන් මෙන් හැඳ පැළඳ බුර්කාව දමා ගෙන යුදෙව් ජන සමුහයන් මැද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ හැටි දැනගන්න ශ්‍රී ලංකා රජයට හෝ ආරක්ෂක අංශ වලට අවශ්‍යතාවයක් නැති බව දැන් සිදුවෙන දේවල් වලින් පැහැදිලි වෙනවා

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.