බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යෝජිත විදුලි බිල සංශෝධනයෙන් දුප්පතුන් මත ඇතිකරන පීඩනයේ තරම චම්පික කියයි !

by editor
ජනවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රජය මේ වනවිට ඉදිරිපත් කර ඇති විදුලි බිල සංශෝධනය තුළින් මාසිකව ඒකක 60කට වඩා අඩුවෙන් වැය කරන දිළිඳු ම කොට්ඨාසයට මාසික විදුලි ගාස්තු සියයට 220කට වඩා වැඩියෙන් වැඩි වෙද්දී මාසිකව ඒකක 1000කට වඩා වැඩියෙන් භාවිත කරන මහා පරිමාණ විදුලි පාරිභෝගිකයනගෙ  විදුලි බිල වැඩිවන්නේ සියයට 4කින් පමණ බව හිටපු විදුලි බල අමාත්‍යවරයකු වන පාර්ලිමෙන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක  පවසයි.

පසුගිය අගොස්තු මාසයේ සිදුකළ විදුලි සංශෝධන හේතුවෙන් මේ වනවිට විදුලි බල මණ්ඩලයේ විදුලි ජනන , නඩත්තු සහ පඩි නඩි ඇතුළු සමස්ත වියදම ඉක්මවමින් ආදායම් ලැබෙමින් පවතින බවත් එවැනි තත්ත්වයක් පවතිද්දී අසාධාරණ ලෙස තවත් රුපියල් බිලියන 55ක් 60ක් පමණ ආදායම් ඉලක්කයක් වෙනුවෙන් මෙලෙස විදුලි ගාස්තු සංශෝධනයට සූදානම් බව බවත් හෙකෙම පෙන්වා දුන්නේය.

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ චම්පික රණවක  මෙසේ කීවේය.

“ ජූලි මාසයේ විදුලි බල මණ්ඩලයේ ආදායම රුපියල්  මිලියන 19285 යි. එය අගොස්තු වදුලි ගාස්තු වැඩි කිරීමත් සමඟ ඔක්තෝම්බර් මාසය වනවිට රුපියල්  මිලියන 34573 දක්වා වැඩි වී තිබෙනවා.  ඒ අනුව ජූලි මාසයේ සමස්ත ආදායම රුපියල්  බිලියන 20 ක් වන අතර, එය ඔක්තෝබර් මාසයේ රුපියල් බිලියන 34 දක්වා වැඩි වී තිබෙනවා.

ජනන වියදම් සහ විදුලිබල මණ්ඩල සේවක වැටුප්, නඩත්තු කටයුතු ජූලි මාසය වන විට රු. බිලියන 41 ක් වන අතර, අගෝස්තු මාසය වනවිට රු. බි. 32 දක්වා අඩු වී තිබෙනවා. ඔක්තෝම්බර් වනවිට වියදම රු. බිලියන . 26 දක්වා අඩු වී තිබෙන අතර, නොවැම්බර් මාසයේ එය රුපියල් බිලියන 29 ක්. ඒ අනුව මෙම ගාස්තු වැඩිවීම විදුලිබල මණ්ඩලයේ ඉන්ධන වියදම්, වැටුප් සහ අනෙකුත් නඩත්තු කටයුතු යන වියදම් ආවරණය කරගැනීමට ප්‍රමාණවත් බව සංඛ්‍යාලේඛන මගින් පැහැදිලි වෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

උදාහරණයක් හැටියට ඔක්තෝම්බර් මාසයේ මූල්‍ය වියදම රුපියල්  මිලියන 3600 ක්. එය නොවැම්බර් මාසයේ එය රුපියල්  මිලියන 6442 ක්. එබැවින් එය වෙනම කාරණයක් හැටියට ගත්තත් , අගෝස්තු මාසයේ වැඩි කළ විදුලි බිල මගින් කිසියම් දුරකට ලංකා විදුලිබල මණ්ඩලයේ බලශක්ති වියදමත්, නඩත්තු වියදමත් ආවරණය වී ඇති බව පැහැදිලි යි.

මෙම මූල්‍ය වියදම් සහ සෙසු  ක්ෂය වීමේ වියදම් සියල්ල බැලුවත් සියයට 60 කින් විදුලි ගාස්තු ඉහළ නැංවීම කිසිසේත් අනුමත කළ නොහැකියි. ගාස්තු වැඩිකිරීමට පෙර මසක ආදායම රු. බි. 20 ක් වූ අතර එය රු. බි. 35 දක්වා වැඩි කරලා. දැන් ආදායම රු.බි. 55-60 දක්වා එනම් තුන් ගුණයකින් වැඩි කිරීමට යනවා. මේ වැඩි කිරීම යුක්ති සහගතද?

මෙම විදුලි මිල වැඩි කිරීමේ ක්‍රමවේදය සළකා බැලුවහොත්, දැනට ඒකක 30 ක් භාවිත කරන ඉතාම දුප්පත් ගණයේ අය සම්බන්ධයෙන් විදුලි බිල රු. 360 සිට රු. 1300 දක්වා වැඩිවන බව පෙනී යනවා. . එය 261% ක වැඩි වීමක්. මේ මිලියන 1.1 ක් සිටින රටේ දුප්පත්ම ජන කණ්ඩායමයි. ඒකක 60 ක් භාවිත කරන අයගේ විදුලි බිල රු. 780 සිට රු. 2560 දක්වා ඉහළ යන අතර, එහි ප්රතිශතය 228% ක්. ඒ ලක්ෂ 14 ක් වන රටේ දුප්පත් ජනතාවයි.

ඒකක 90 ක් භාවිත කරන අයගේ විදුලිය බිල රු. 1800 සිට රු. 4430 දක්වා වැඩිවද්දී, ඒකක 1000 ක් භාවිතා කරන අයගේ විදුලිය බිල වැඩි වන්නේ රු. 69,000 සිට රු. 71,000 දක්වා 4% කින්.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂෆ්ටර් සිය දිවි නසා ගත් බව විමර්ශනවලින් කිසිම අවස්ථාවක ප්‍රකාශ වී නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Next Post

සේපාල කළ දේශපාලන ව්‍යාපෘතිය ගැන ගල්කන්දේ ධම්මානන්ද හිමියෝ බීබීසියට කියති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.