බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුද්ධයේ අවසන් අදියරේ දී එල්ටීටීඊ එක සමග ඩීල් දමා මහින්ද සිදුකළ පාවා දීමක් ගැන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විමර්ශනයක් ඉල්ලයි!

by editor
ඔක්තෝබර් 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මහින්ද රාජපක්ෂ අවසාන මොහොතේ ඊලාම් යුද්ධය නැවැත්වීමට උත්සාහ කළ බවත් ඒ වෙනුවෙන් ඒක පාර්ශවික සටන් විරාමයක් ප්‍රකාශ කර තමන් ද යුද බිමෙන් ඉවත් කිරීමට සැලසුම් කළ බවත් හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද පැවසුවේය.

2009 ජනවාරි 31 සහ පෙබරවාරි 01 වැනිදා ලබා දුන් එම සටන් විරාමයත් සමග 31 වැනිදා දැවැන්ත ප්‍රහාරයක් එල්ටීටීඊ සංවිධානයෙන් හමුදාවන්ට එල්ල වූ බව කී හිටපු හමුදාපතිවරයා එම ප්‍රහාරයෙන් හමුදාවට විශාල හානියක් සිදුවී පසුබැසීමට සිදු වූ නිසා යුද ජයග්‍රහණය මාස දෙක්ක ප්‍රමාද වූ අතර එ් වෙනුවෙන් යුද හමුදා සාමාජිකයින් විශාල ප්‍රමාණයකට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදූ බව සරත් ෆොන්සේකා පැවසුවේය. රුපියල් කෝටි ගණනක යුද අවි පමණක් නොව බිලියන ගණක ජාතික ධනය ව්‍යසනයට පත් කළ මේ ද්‍රෝහී ක්‍රියාව සිදුවන්නේ තමන්ගේ ජනාධිපතිවරණය වෙනුවෙන් කරන දේශපාලනයක් වෙනුවෙන් බව කී සරත් ෆොන්සේකා කීවේ 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනු ලබන්නේත් මහින්ද රාජපක්ෂ විසින් එල්ටීටීඊ සංවිධානයට ඩොලර් මිලියන විස්සක් ලබා දීමෙන් බවය.

මේ කතාව තමන් වෙත කීවේ බැසිල් රාජපක්ෂ බව පැවසූ යුද හමුදාපතිවරයා අනාවරණය කරන්නේ එම මුදල් මහින්ද රාජපක්ෂ විසින් වේලුපිල්ලේ ප්‍රභාකරන් වෙත ලබා දී තිබුණේ මැලේසියාවෙන් ආනයනය කරනු ලබන විශාල ප්‍රමාණයේ සන්නද්ධ බෝට්ටු මිලදී ගැනීමට බවය. කළු කොටින් සඳහා එම බෝට්ටු මිලදී ගැනීමට එල්ටීටීඊ ය වෙත මුදල් දී තිබුණේ මහින්ද රාජපක්ෂ විසින් බව පැවසු සරත් ෆොන්සේකා අවසාන මොහොතේ යුද්ධය අඩපණ කිරීමට මහින්ද රාජපක්ෂ කළ කුමන්ත්‍රණය ගැන රජයෙන් විමර්ශනයක් ද ඉල්ලා සිටියේය.

මාධ්‍ය හමුවේ දී ඔහු මෙසේ පැවසුවේය.

“2008 දි අපට චීනයෙන් පතොරොම් දෙන එක නැවතුනා. එතකොට ගෝඨාභය ඉතාම සැහැල්ලුවෙන් කතා කරලා කිව්වා ‘ සරත් ඔයා දන්නවනේ. අපි චීනයෙන් ණයටනේ පතොරොම් ගන්නේ. චීනය එවන්නේ නැතිනම් මට කරන්න දෙයක් නෑ’ කියලා.”

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“ඊට පස්සේ මම ගියා බැසිල් රාජපක්ෂගේ ඔෆිස් එකට. බැසිල් රාජපක්ෂට ගිහින් කීවාම බැසිල් ඒ වෙලාවෙම කෝල් එකක් අරන් කිව්වා මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී.ජයසුන්දරට යුද හමුදාපතිට ඩොලර් මිලියන 100ක් දෙන්න කියලා. විනාඩි පහෙන් ඒක කළා.”

“බැසිල් එක්ක ඒ වෙලාවෙදි පැයක් විතර කතා කරමින් හිටියා. එතනදි මට එයා කිව්වා ‘ඔය දෙදහස් පහේ දි එල්.ටී.ටී.ඊ එක අපට කිව්වා ද්‍රවිඩ ජනතාව ඡන්දය දෙන එක නවත්වන්නම් කියලා අපේ ඉල්ලීමට. එතකොට කිව්වා මුහුදු කොටින්ට පාවිච්චි සඳහා ඕඩ්ර් කරපු විශාල බෝට්ටු ඩෝරා වගේ බෝට්ටු මැලේසියාවෙන් ඔඩ්ර් කරලා තියනවා. එ්‍ සඳහා සල්ලි ගෙවන්න ඕන කියලා. ඒ සඳහා ඩොලර් මිලියන දෙකක් ඕන කියලා.
අපි කිව්වා කිසි ප්‍රශ්නයක් නෑ. අපි ඒක බාර දෙන්නම්’ කියලා. ”

“බැසිල් රාජපක්ෂ මට කිව්වේ අසල්වැසි රටකින් ඡන්දයට පාවිච්චි කරන්න ඩොලර් මිලියන 20ක් හම්බවුනා. ඒ මුදල් මල්ල පිටින්ම අරන් කිලිනොච්චියට ගිහින් ප්‍රභාකරන්ට දුන්නා කියලා තමයි බැසිල් මට කිව්වේ.
ඒ දෙනකොට උඩරට ද්‍රවිඩ දේශපාලකයෙකුත් එතන හිටියා කියලා ඔහු කිව්වා. ”

“ඒ බෝට්ටුවලින් ගහලා තමයි 4වැනි ඊලාම් යුද්ධ කාලෙ නාවික හමුදාවේ ඩෝර බෝට්ටු 10ක් ගිල්ලුවේ.
150ක් විතර නාවිකයින් මුහුදේ ගිලිලා මැරුවෙ.”

“2009 අපි යුද්ධය අවසානය පෙනි පෙනී හිටියේ. ගෝඨාභය මට ජනවාරි 27 වැනිදා කතා කරලා කියනවා සරත් ඔයා දැන් අවුරුදු දෙකක් විතර යුද්ධ කළා නේ. දැන් මහන්සි ඇතිනේ. අර ජගත් ජයසූරිය කියලා මිනිහෙක් ඉන්නේ. ඒ මිනිහට ඉතිරි ටික කරන්න බාර දිලා ඔයා පොඩි රෙස්ට් එකක් ගන්න කිව්වා. මම බෑ කිව්වා.”

“මේ සිද්ධිය වුනේ ජනවාරි 27. ජනවාරි 28 මහින්ද රාජපක්ෂ මට නියෝගයක් දෙනවා 2009 ජනවාරි 31 සහ පෙබරවාරි 01 වැනිදා සටන් විරාමයක් දෙන්න කියලා. මුලින් මම බෑ කිව්වා. ඊට පසසේ මට ජනවාරි 28 නියෝගයක් දෙනවා මහින්ද රාජපක්ෂ ජනවාරි 31 සහ පෙබරවාරි 01 වැනිදා සටන් විරාමයක් දෙන්න කියලා. මම නියෝග පිලිපදින්න ඕන.”

“එහෙම තියනකොට ජනවාරි 31 වැනිදා රෑ ත්‍රස්තවාදීන් කලපුව හරහා ඇවිල්ලා අපට විශාල ප්‍රහාරයක් එල්ල කළා. මාර්තු මාසය මැද වෙනකොට ඉවර වෙන්න තිබ්බ යුද්ධය මැයි මාසේ මැද වෙනකම් ඇදුනා. කෝටි ගාණක අවි ආයුධ අපට නැති වුනා. විශාල හමුදා සෙබලු ප්‍රමාණයකගේ ජිවිතය නැති වුනා. මේ සියලුම දේට වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ. ඒ ජිවිතවලට වෙච්චි හානියට, යුද්ධය දික් ගැහිලා වෙච්ච අනවශ්‍ය වියදම්වලට මහින්ද රාජපක්ෂ වගකියන්න ඕන.”

“දැන් සිංහයා සිංහයා කියලා ඉන්නවා සිංහ හමක් පොරෝගෙන. ඒත් නිවටයෙක් වගේ එක එකා ලව්වා කියනවා සටන් විරාමයක් තිබුණෙ නෑ කියලා. සේනාධි නායකයා කියන මිනිහා ආත්ම ගෞරවයක් තියනවා නම් තමන් දුන්න නියෝගයක් දුන්නේ නෑ කියලා කියන්න බෑ. ඒත් එහෙම නියෝගයක් දුන්නෙ නෑ කියලා මිනිස්සු ගාව කියවනවා නම් කොචච්ර නිවට වැඩක් ද ඒක.”

“මේ කරපු වරදට මම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා වෙනත් රටක නම් අනිවාර්යයෙන් එයාට චෝදනා පත්‍ර ගොනු කරලා නඩු දානවා. අනිවාර්යයෙන් එයාට මරණ දණ්ඩනය දෙනවා කියලා. වෙන රටක නම් මෙහෙම කරලා කියලා මම කිව්වේ.”

“නමුත් මම බලාපොරොත්තු වෙනවා මේ රජය දූෂණයට විරුද්ධයි. නීතියට ගරු කරනවා. නීතිය ක්‍රියාත්මක කරනවා. එහෙමනම් මේ සිද්ධියට අදාලව නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. ”

සරත් ෆොන්සේකා පැවසුවේ යුද්ධය අතරමග අඩපණ කිරීමට යුද්ධය අතරතුර මහින්ද රාජපක්ෂලා කටයුතු කළ බවය. ඔහු මෙසේ ද කීවේය.

” අවසාන අවස්ථාවේ දි ජගත් ඩයස් ඉවත් කළා යුද පිටියෙන්. යුද්ධය ඉවර වෙන්න මාස දෙක්ක තියලා මගේ මෙහෙයුම් අධ්‍යක්ෂ හිටියා ජෙනරල් උදය පෙරේරා. එයා අයින් කරලා ඇරියා මැලේසියාවට. මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරනව ද?. රටම ජාතියම බලන් ඉන්නවා යුද්ධය ඉවර වෙනකම්. 2010 ජනාධිපතිවරණයේ දී පේන දුර තියෙන්නේ. ඒක දිනාගන්න ප්‍රභාකරන්ලා ජීවත් වෙන්න ඕන. ප්‍රභාකරන්ලා බේරලා යුද්ධය අවසානයේ දී දෙමළ ජනතාව තරහා නොවන විදිහට, මේ ගොල්ල ( ප්‍රභාකරන් ඇතුළු නායකයින් ) විනාශ නොවෙන්න ඉතිරි කරලා දෙමළ ජනතාවගේ හිත් දිනාගන්න තමයි මහින්ද රාජපක්ෂට ඕන උනේ. ඒක තමයි එයාගේ තියන සැලැස්ම.” ඔහු පැවසුවේය.

පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ ප්‍රකාශය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහින්ද සහ මෛත්‍රී වෙඩි නොවදින වාහන නැවත ඉල්ලති!

Next Post

” මචං ප්‍රියන්ත…” විලි ලජ්ජයි හොඳේ….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.