බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ සංගිලි රජ පෙළපතේ 28 වැනි රජ තුමා නෙදර්ලන්තයෙන් මතුවෙයි…

යුරෝපයම ඔහු ගේ රාජ්‍යත්වය පිළිගන්නවලු... ටී.එන්.ඒ නායකයන්ගේ හිස් ගසා දමන්න ඕනලු...

by editor
පෙබරවාරි 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට නෙදර්ලන්තයේ පදිංචිව සිටින නෙදරලන්ත පුරවැසි භාවය ලැබ ජීවත් වෙමින් සිටින ශ්‍රී ලාංකිකයෙක් තමන් යාපනය රජ පෙළපතේ 28වැනි රජතුමා බවත්, තමන් ජීවමානව සිටින එම රජ පෙළපතේ අවසන් පුරුක බවත් පවසමින් පසුගිය දා ආන්දෝලනාත්මක සංවාදයක නිරත වුණේය.

යාපනයේ  අවසන් රජතුමා ලෙස රජ ඇඳුමින් සැරසී  නෙදර්ලන්තයේ සිට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග ටෘත් විත් චමුදිත යූ ටියුබ්  චැනලය වෙනුවෙන් සංවාදයක නිරත වුණු ඔහු පැවසුවේ තමන් 1991 දී ලංකාව හැර එන්නේ ඔහුට තිබුණු මරණ තර්ජන නිසා බවය.

තමන් යාපනයේ අවසන් රජ තුමා වශයෙන් යුරෝපීය රජ පවුල් සමග සම්බන්ධතා පවත්වාගෙන යන බවත්, ඔවුන්ගේ රාජකීය උත්සව වලට ලංකාවේ රාජ වංශය නියෝජනය කරමින් සහභාගී වන බවත්  ජාත්‍යාන්තරයේ තමන්ට පිළිගැනීමක් ඇති බවත්  ඔහු පවසන්නේය.

“ශ්‍රී ලංකාවේ යාපනය  රාජධානියේ රාජකීය පෙළපතේ වර්තමාන රජතුමා මමයි. ආර්ය චක්‍රවර්තී පරම්පරාවේ අවසාන සක්‍රීය යාපනය රජු වූ සංගිලිගෙන් පැවත එන රාජ වංශයෙ 28 වැනි පුරුක මම.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

යාපනයේ රජ පෙළපත නියෝජනය කරමින් සම්මන්ත්‍රණයක් අමතන අයුරු

යාපනයෙ රජ පෙළපතේ රජු ලෙස මාව නෙදර්ලන්තය, පෘතුගාලය, එංගලන්තය රාජකීය පවුල් හැම එකක්ම පිළිගන්නවා. යාපනයේ  කච්චේරියෙ තියන අපේ ඉඩම්වල ඔප්පු පරීක්ෂා කරන කෙනෙකුට මේ පෙළපත ගැන අවබෝධයක් ගන්න පුලුවන්. යාපනයේ මෙන්ම කොළඹත් මගේ ඥාති සමූහය ඉන්නවා. ලක්ෂ්මන් කදිරගාමර් මගේ මාමා කෙනෙක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාගනාදන් අපේ පරම්පාරවෙ. ගෝල්ෆේස් හෝටලය හිමි සංජීව් ගාර්ඩනර් ඒ පරම්පාරවෙ. “

ඔහු පවසන්නේය.  තමන්ගේ පාරම්පරික මාලිගාව කඩා පෘතුගීසි කොටුව ඉදි කර ඇති බවත්, ඉන්දීය සාම සාධක හමුදාව සිටි කාලයේ දී සම්බන්ධීකරණ නිලධාරියෙක් ලෙස වසර තුනක් යාපනයේ වැඩ කරන අවධියේ මාලිගාවේ සුන් බුන් කොටස්වලට පහන් පත්තු කරන්නට යෑම නිසා තමන් සම්බන්ධව පුද්ගලයන් සැක කළ බවත් ඔහු කියන්නේය. ඒ සමග ඇති වූ තර්ජන නිසා නෙදර්ලන්තයට ගිය ඔහු එහි පුරවැසි බව ලබාගෙන ජීවත් වන බවත් තමන්ට නිසි ආරක්ෂාව ලැබෙනවා නම් යළි මව් රටට පැමිණ යාපනය එක්සත් කර සාමකාමී රටක් හදන කටයුත්තේ වගකීම භාර ගන්නා බවත් පවසන්නේය.

“ මම ඉපදුනේ නාවලපිටියෙ. සංගිලි රජුගෙ පුතා වීරබාහු  යුද්ධ කරන අතරවාරෙ සැඟවිලා හිටිය තැන තමයි නාවලපිටිය. එහෙ රජ පවුලේ උදවිය ඉන්නවා.  තාත්තට තේ වතු තිබුණා. ඔහු  වතු හිමියෙක්. රජ පවුලෙ අප අතරෙ විශාල නීති රීති සහ සිරිත් විරිත් ප්‍රමාණයක් තිබුණා. ඒ එකකින්වත් අපට නිදහස් වෙන්න බෑ. අපේ කුල පරම්පරාව ඇතුළෙ පමණයි විවාහ සිදුවුණේ. සිදුවන්නේ. “

තමන්ගේ රජ ඇඳුම ඇඳීමත් චාරිත්‍ර ගොන්නකට යටත්ව පේවී කළ යුතු දෙයක් බවත්, කහ දියෙන් නාගෙන, පළතුරු යුෂ සම්බාහනය කර වත් පිළිවෙත් ගණනාවකින් පසු තමන් එය පළඳින බව ඔහු කියන්නේය.

තමන්ගේ කොඩිය නන්දි කොඩිය බවත් යාපනයේ දෙමළ මිනිස්සුන්ට  අවශ්‍ය සතුටින් ජීවත් වීම මිස එල්.ටී.ටී.ඊ මිනීමරු සංවිධානයේ තාලයට නැටූ ටී.එන්.ඒ   සංවිධානයේ  විගඩම් නොවන බවත් කියන ඔහු ඒ වෙනුවෙන් තමන් කටයුතු කරන බව පවසන්නේය.

“මම රජ වෙලා හිටියනම් ඔය ටි.එන්.ඒ. කට්ටයගේම හිස ගසා දාන්න කියලා අණ කරනවා. මම ජත්‍යාන්තරය පිළිගත්තර රජෙක් මට   හොඳ කොන්දක් තියනවා. මට ලෝකයට උත්තර  දෙන්න පුලුවන්.“

ඔහු කියන්නේ එසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් සිරුරු භූමදාන කපුකම ඉම්රාන්ගෙන් –

Next Post

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනින් ගම්පහ පී.එච්.අයි මහත්වරු ඉවත්වෙති…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.