දිනසේන රතුගමගේ –
යාපනයේ මණ්ඩතීව් ප්‍රදේශයේ ඉදි කෙරෙන බවට ප්‍රකාශිත නව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ වැඩ ආරම්භ කිරීමට භූමිය සකස් කරද්දී ඊයේ (20) එහි එක් ස්ථානයකින් ටී-56 ගිනි අවි පතරොම් තුන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් සමග පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වී තිබේ.
වහාම එම ස්ථානයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු නවතා දමා සිද්ධිය සම්බන්ධයෙන් මණ්ඩතීව් පොලීසියට දැණුම් දී ඇත.
පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් පැමිණ අදාල පතරොම් හා පුපුරණ ද්‍රව්‍ය ගොඩ ගෙන පරීක්ෂා කිරීමේදී ඒවා යුද සමයේදී කිසියම් පාර්ශ්වයක් විසින් භාවිත කිරීම සඳහා රැගෙන එන ලද ඒවා බවට තොරතුරු සනථ වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය අධිකරණයට කරුණු වාර්තා කොට ඇති පොලීසිය එම පුපුරණ ද්‍රව්‍ය හා පතරොම් විනාශ කිරීම පිණිස අධිකරණ නියෝගයක් ඉල්ලා ඇත.







