දිනසේන රතුගමගේ –
යාපනයේ ප්‍රධාන නිදහස් උළෙල යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ලේකම් අම්බලවානර් සෝමසුන්දරම් ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ජාතික ධජය එසවීමේ අවස්ථවට හා ආශිර්වාද කිරීමේ අවස්ථාවට සියලු ආගම්වලට අයත් පූජ්‍ය පක්ෂයේ පිරිසක් සහභාගී වූ අතර ආරක්ෂක අංශ ප්‍රධානීන්ද රාජ්‍ය සේවකයින්ද පාසල් සිසුන්ද සහභාගී වී සිටියහ.
ආරක්ෂක අංශ සාමාජිකයින් හා පාසල් සිසුන් විසින් 77 වෙනි ජාතික නිදහස් දින උළෙල නිමිත්තෙන් ආචාර පෙළපාළි, සරඹ සංදර්ශන හා තූර්ය වාදන ඉදිරිපත් කරණු ලැබීය.








