දිනසේන රතුගමගේ –
යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ තුන් වන වසරේ සිසුන් 17 දෙනෙකු විවිධ මත්ද්‍රව්‍ය හා මත්පෙති සමග යාපනය පොලීසිය විසින් ඊයේ ( 10 ) අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගේ නේවාසිකාගාර පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හා මත්පෙති විශාල ප්‍රමාණයක් හමු වීමත් සමගය.
යාපනය නගරයේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වෙළෙන්දෙකුගෙන් ලැබුණු තොරතුරක් මත ඔවුන්ගේ නේවාසිකාගාර පරීක්ෂා කළ පොලීසිය මෙම සිසුන් 17 දෙනා අත් අඩංගුවට ගෙන ඇත.
මේ දිනවල යාපනය විශ්ව විද්‍යාලයේ තුන් වන වසරේ සිසුන්ට විභාගය පැවැත්වෙන නිසා සිසුන්ව යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් මූත්‍රා සාම්පල් පරීක්ෂාවකින් පසුව උපකුලපතිවරයාගේ මැදිහත්වීම හා වගකීමක් මත එම සිසුන්ව පොලිස් ඇපයක් මත නිදහස් කොට තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨාධිපති මහාචාර්යය රවිරාජන් පැවසුවේ විභාග කටයුතුවලින් පසුව මෙම සිසුන් 17 දෙනා වෙනුවෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඔවුන්ව පුනරුත්ථාපනය කරවීමට දැනට තීරණය කොට ඇති බවයි.







