දිනසේන රතුගමගේ –
යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයේ පලමු වතාවට වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ප්රදානය කෙරෙන රන් පදක්කම් අටම දිනා ගැනීමට යාපනයේ නාගදීප ප්‍රදේශයේ සිසුවියක් සමත් වී තිබේ.

අබිරාමී නාගරත්නම් නැමති ඇය යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දීප්තිමත් ශිෂ්‍යාවක් ලෙස වැජඹී ඇති අතර මේ දිනවල එම විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන හතළිස් වෙනි උපාධි ප්රදානෝත්සාවයේදී වෛද්‍ය විද්‍යාව වෙණුවෙන් විවිධ විෂයන් යටතේ පිරිනමනු ලබන රන් පදක්කම් අටම දිනා ගැනීමට ඇය සමත් වී තිබේ.
මේ අතර යාපනය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා කළමනාකරණ පීඨයේ තංගරාසා ජෙස්මින් යුලීරා ශිෂ්‍යාව එම විෂය ක්ෂේත්රය සඳහා පිරිනමු ලබන රන් පදක්කම් හතම දිනා ගැනීමට සමත් වි ඇත.








