නැගෙනහිර තරංගාකාර කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වයට බලපෑමක් ඇතිකිරීමේ හැකියාවක් පවතින බවත් මෙම බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10වනදා දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ සමග දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වීම ද එම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.
ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත.
කෙසේ නමුත් සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.







