බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළි කොළඹ යට නොවේ…! කොළඹ වැසිජලයෙන් යටවීම වළක්වන ව්‍යාපෘති 05ක වැඩ අවසන්…

by editor
ජූලි 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ අගනගරය ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැස්ස හේතුවෙන් එකතුවන ජලය නිසා ඇතිවන ජල ගැලීමෙන් යටවෙන කොළඹ නගරය මුදාගැනීම සඳහා ක්‍රියාත්මක කෙරුණු මරදානේ සාන්ත සෙබස්තියන් දකුණු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය, සාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය, කොළොන්නාව කළු පාලම ඇළ මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය, ගොතටුව ඇළ මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය සහ අඹතලේ ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය යන උප ව්‍යාපෘති පහේ වැඩ අවසන් වී ඇති බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

වසර ගණනාවක් තිස්සේ පැවති වැසි ජලයෙන් කොළඹ යටවීම පිළිබඳව සිදුකළ සාර්ථක ප්‍රායෝගික පර්යේෂණවලින් පසුව ක්‍රියාත්මක කළ මෙම උප ව්‍යාපෘති පහ මඟින්, වැසි ජලයෙන් සිදුවන ජල ගැලීම් ඉතා සාර්ථක ලෙස පාලනය වූ බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඒ. ඩබ්ලිව්. තුෂාරි පවසයි.

වැසි ජලය පාලනය කෙරෙන මෙම පොම්පාගාර, අති නවීන විද්‍යාත්මක තාක්ෂණයෙන් සමන්විත වන බව පෙන්වා දෙන ව්‍යාපෘති අධ්‍යක්ෂවරිය, සෑම පොම්පාගාරයක් ම පාලන මැදිරියකින්, පැනල් රූම් එකකින්, පම්පින් රූම් එකකින්, ඉන්ලෙට් හා අවුට්ලෙට් කාමර දෙකකින් සමන්විත බව ද වැඩිදුරටත් ප්‍රකාශ කරයි.


කොළඹ අග නගර ප්‍රදේශවලට ඇතිවන අධික වැසි හේතුවෙන් හටහන්නා ජල ගැලීම් මත සිදුවන පාරිසරික මෙන්ම සමාජයීය බලපෑම් අවම කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, එම සේවා පහසුකම් සැපයීම සහ පළාත් පාලන ආයතනවල සේවාවන් දියුණු කිරීමට සහාය වීම මෙහි ප්‍රධාන අරමුණු ලෙස දක්වා තිබේ.
ඉතා කඩිනමින් සහ ක්‍රමවත් ලෙස ක්‍රියාත්මක කෙරුණු මෙහි වැඩ කටයුතු, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ අයහපත් කාලගුණ තත්ත්වයන් මත යම් තරමකින් ප්‍රමාද වී තිබිණ.

ඒ අනුව 2018 ජුනි මාසයේ වැඩ නිමවීමට තිබූ ඇතැම් ව්‍යාපෘති 2021 වසරේ අවසානය දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ.
කොළඹ අගනගර වැසි ජලය පාලනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා සමස්ත ආයෝජනය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 321 ක් වෙන්කර ඇති අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 213 ක් ලෝක බැංකු සහනදායි ණය පදනම මත ලබා දී තිබේ. එයට අමතරව ශ්‍රී ලංකා රජය ද ඇමරිකානු ඩොලර් මිලියන 108 ක් ආයෝජනය කර ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් මාත්‍රා දෙකම ගත් ජයරුවන් බණ්ඩාරට කොවිඩ්… විමල්ගේ අමාත්‍යාංශයත් වසා දමයි….

Next Post

වැළලූ ඉෂාලිනී  හෙට  යළි ගොඩගනී… දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයට  මිනිය  පේරාදෙණියට

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.