අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යමක් ඉල්ලනකොට පරිස්සමින් ඉල්ලන්න… පනතක් ගෙනත් ප්‍රජා අයිතිය අහෝසි කරනවා…

පාස්කු කොමිසමෙන් හිටපු ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය වරදකරුවො කරලා තියෙන්නෙ... ජනපති කියයි...

by editor
නොවැම්බර් 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

යමක් ඉල්ලනවිට ප්‍රවේශමෙන් ඉල්ලන්නැයි ජනාධිපතිවරයා අද විපක්ෂයට අනතුරු ඇඟවූයේය. ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම   සිදුකළේ අද සවස කල්‍යාණීපුර රන් පිවිසුම විවෘත කළ අවස්ථාවේ රටේ ජනතාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් කතා කළ ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව හිටපු රජය විසින් පත් කළ ජනාධිපති කොමිසමේම එහි වැරදිකරුවන් ලෙස හිටපු ජනාධිපති, අගමැති, සහ ඇමතිමණ්ඩලය නම් කර ඇති බවත්, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් නොකර එම අධිකරණ ක්‍රියාවලිය පවත්වාගැනීමට උත්සාහ කිරීමේ දී    කඩිනම් විසඳුමක් ඉල්ලන්නේ නම් පාර්ලිමේන්තු පනතක් ගෙනැවිත් මීට වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසිකර දමන බවත්   කීවේය.

මේ අයට ඒ කරපු  වැරදි  තවත් මේ රටේ කරන්නට නොදෙන මට්ටමට  ක්‍රියා කිරීමට අවශ්‍යනම් හැකි බවත් ඔහු පැවසුවේය.

“ඒකනම් ඉල්ලන්නෙ අපි ලෑස්තියි ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියනවා.“ කී ජනාධිපතිවරයා මෙසේත් පැවසුවේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“තව අපි ඇවිත් අවුරුදු දෙකයි. නමුත් ඒ අය පාර්ලිමේන්තුවෙදි කතා කරන්නෙ ජීවිතේට රට පාලනය කළ කට්ටියක් නොවන හැටියට.  කිසිම ඇමතිකමක් දරපු අය නොවන හැටියට. ඒ ඇමති මණ්ඩලය…

පාස්කු ඉරිදා ප්‍රහාරය වෙනකොට කවුද මේ රට පාලනය කළේ. එදා අපි ශක්තිමත් ආරක්ෂක සේවාවක් ඇති කරලා තිබුණා. ඒකයි අපට යුද්ධය දිනන් පුලුවන් වුනේ. එදා අපි ශක්තිමත් බුද්ධි සේවාවක් ඇති කරලා තිබුණා. යුද්ධයෙන් පස්සේ කිසිම සිද්ධියක් ඇති නොවුනෙ ඒ හින්දා.

නමුත් ඒ අය බලයට ඇවිල්ලා බුද්ධි සේවවා නැතිකරලා, රණ විරුවන්ව නැති කරලා, ඔවුන්ගේ මානසිකත්වය කඩා දාලා   මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී  මේ රට පාලනය කරන්න ගිහින් පාස්කු ඉරිදා සිද්ධිය සිදුවුනේ.

ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්.  ඒ කොමිසමේ පැහැදිලිව කියලා තියනවා වැරදි කාරයො කවුද කියලා. ජනාධිපතිවරයා එවකට හිටිය, අගමැතිවරයා, ඇමති මණ්ඩලය, වගකියන්න ඕන කියලා පැහැදිලිවම කියලා තියනවා.

අපි ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා, නීතිපතිට ලබා දීලා තියනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දීලා තියනවා ඒ ගැන පරීක්ෂා කරලා නිසි දඬුවම් ලබා දෙන්න.

හැබැයි අර ගිය ආණ්ඩුව වගේ අපි දේශපාලන පලිගැනීම් කරන්න අපි ඇඟිලි ගහන්නෙ නෑ. ඇයි අපි කිව්වෙ නීතිය,…  ස්වධීනත්වය තියන්න අධිකරණයෙ. එක පැත්තකින්  අධිකරණය ස්වාධීනත්වය ගැන කියද්දි තව පැත්තකින් කියන්න බෑ අහවලා ගෙන්න අහවලාට දඬුවම් කරන්න කියලා. ඒක අධිකරණය කරයි. මගෙ විශ්වාසයක් තියනවා.

හැබැයි කඩිනමින්ම කරන්න ඕන නම් අපට පුලුවන් පාර්ලිමේන්තුවෙ පනතක් ගෙනල්ලා, එහෙම කරලා තියනවා මීට ඉස්සෙල්ලා,  වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසි කරලා දාන්න. තවත් ඒ කරපු  වැරදි  තවත් මේ රටේ කරන්න නොදෙන මට්ටමට  ක්‍රියා කරන්න පුලුවන් අවශ්‍යනම්.  ඒකනම් ඉල්ලන්නෙ අපි ලෑස්තියි ඒක කරන්න. අපිට තුනෙන් දෙකක බලයක් තියනවා.

එක එක ඒව ඉල්ලනකොට ටිකක් ප්‍රවේසමෙන් ඉල්ලන්න. ඒකටත් අපි ලෑස්තියි.

ජනතාව රැවටෙන්නට එපා. මම හොඳ නැතිනම් මේ ආණ්ඩුව හොඳ නැතිනම් විකල්පය ඔය විපක්ෂය ද?. අවුරුදු දෙකකට කලින් අවුරුදු පහක් පාලනය කළ හැටි අපි දැක්ක. ඒක නිසා තමයි තමුන්නාසෙල දන්නවා. එදා කිව්වා ගෝඨාභය රාජපක්ෂට දින්න බෑ, සුලු ජාතීන්ගෙ ඡන්ද එයාට ලැබෙන්නෙ නෑ කියලා.

අපි දිනුවෙ නැද්ද?

ඒ වගේම අපි මේ රටේ යුද්ධය අවසාන කළාටත් වඩා ආසන සංඛ්‍යාවක් ජනතාව ලබා දුන්නා. මාව ඉතා විශාල සංඛ්‍යාවකින් ජයග්‍රහණය කළෙත් පාර්ලිමේන්තුවෙ අපට තුනෙන් දෙකක ඉතා විශාල බලයක් ලබාදුන්නෙත් ඔය කියන කණ්ඩායම ඒ අයගෙ අසාර්ථකත්වය, දුර්වල පාලනය, පලිගැනීම් ජනතාව පිළිකුල් කළ නිසා.

ඉතින් ඒ අයව නැවත බලයට ගේන්න මේ රටේ ජනතාව සූදානම් නැති බව මා හොඳ හැටියට දන්නවා.  .

Share69Tweet43
Previous Post

කොවිඩ් රෝග ලක්ෂණවලට නොව, රෝගයට ප්‍රතිකාර කරන්න…  රජය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලයි!

Next Post

දැනගනින්…. තොපි මරණවා… හොරෙන් විදුලිය ගත් මහරගම නගර සභා සභාපති පොලිසියට තර්ජනය කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.