සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොහොමඩ් නබී ගේ X සටහන හා එක් වී දුනිත් වෙනුවෙන් හඬා වැටෙන ඇෆ්ගන් මිනිස්සු!

by editor
සැප්තැම්බර් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩා පිටියේ දී මුහුණ දුන් පීඩනය ඔහුගේ පියාගේ මරණයෙන් කෙළවරවීම පිළිබඳ වූ සංවේගාත්මක  සිද්ධිය මේ වනවිට ක්‍රිකට් ලෝකය තුළම මහා වේදනාවක් උපදවා තිබේ. ඇෆ්ගනිස්තානය තුළ මේ සම්බන්ධව ඇති වී තිබෙන සංවාදය අතිශය මානුෂික කම්පනයක් ඇති කර තිබෙන අයුරු දකිමු. ඒ මොහොමඩ නබී විසින් තැබූ කෙටි X සටහනත් සමගිනි.

මේ සිදුවීම දැනගත් වහාම තමන් කම්පනයට පත් වූ ආකාරය මොහොමඩ් නබී පෙන්වයි. දුනිත් වෙල්ලාලගේ සහ පවුලේ අය වෙනුවෙන් හදවතින්ම නැගෙන ශෝකය පළකරමින් නබී මෙසේ කියයි…
ශක්තිමත්ව ඉන්න සහෝදරයා…

නබීගේ සටහනත් සමගම ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ලොලීන්ට මෙය අදහාගත නොහැකි ප්‍රවෘත්තියක් වනු පෙනේ. අයෙක් ප්‍රකාශ කරන්නේ මෙය බොරු ප්‍රවෘත්තියක් විය හැකි බවය.   දුනිත් වෙල්ලාලගේ සමග වේදනාව බෙදා ගැනීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ලොලීන් නබී ගේ X සටහන හා එක් වී සිටින ආකාරය අතිශයින්ම සංවේදීය.

සම්ටි නස්රාට් නැමැති ක්‍රිකට් ලෝලියෙක් කියන්නේ මේ වේදනාත්මක සිද්ධිය සැලවීමත් සමග තමන්ට තරගය පැදීමේ වේදනාව අමතක වුන බවය. “ඇෆ්ගන් ජාතිකයෙක් විදිහට මාව විශ්වාස කරන්න, අපි තරගය පැරදුනා කියලා මට සම්පූර්ණයෙන්ම අමතක වුණා… තාත්තා නැති නැතිවීම ගැන ආරංචිය මහා වේදනාවක්. ශක්තිමත්ව ඉන්න වෙල්ලාලගේ…”

ෆසාල් ඇෆ්ගන් තවත් ඇෆ්ගන් ක්‍රිකට් ලෝලියෙකි. ඔහු මෙසේ සටහන් කර ඇත. ” ඒ ආරංචිය මගේ හදවත කැබලිවලට බිඳ දැම්මා… අපි ඔබේ පවුල වෙනුවෙන් යාඥා කරනවා….”

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

මෙහ්‍රබන් ඇෆ්ගන් සටහනක් තබමින් අමතන්නේ දුනිත්ගේ මිය ගිය පියා ය. ඔහු මෙසේ කියයි. ” සාමයෙන් සැතපෙන්න සොයුර… ඔබේ පුතා වීරයෙක්.”

ආරංචියෙන් කම්පනය වූ හයිකා ඛාන් දුනිත්ව අමතයි. ” දුනිත්.. එබට සහ පවුලේ අයට මගේ බලවත් ශෝකය… ආදරණීය තරුණයා… ශක්තිමත්ව මේ මොහොතට මුහුණ දෙන්න. ඔබ සමග මුළු ඇෆ්ගන් ජාතියම ඉන්නවා…”

පක්ටින් නම් ඇෆ්ගන් ක්‍රිකට් ලෝලියා ද පවසන්නේ මේ ආරංචියෙන් බලවත් කම්පනයට පත් වූ බවත් මේ අසීරු මොහොතේ මුළු ඇෆ්ගන් ජාතියම දුනිත් සමග සිටින බවත්ය.

නකීබ් ක්වාඩ්‍රි තබන සටහනත් බෙහෙවින්ම සංවේදී එකකි. “ඇත්තටම හදවත බිඳුනා… ශක්තිමත්ව ඉන්න පුංචි ශූරයා…” ඔහු සිය කෙටි සටහනෙන් කියයි.

දුනිත්ගේ පියා මිය යන්නේ ඔහු ක්‍රිකට් ජීවිතය කරගෙන සිටි නිසාය. මේ ක්‍රීඩා ලෝලීන් ජාති ආගම් සීමා භේදයකින් තොරව මේ සංවේදීව හදවතින් හඬා වැටෙන්නේ ක්‍රිකට් ඔවුන්ගේ ජීවිත වී ඇති නිසාය. ක්‍රිකට් ගහන උන්ට අපට කියන්නට ඇත්තේ මෙය උඹලා කරන රස්සාවක් නොව, ජීවිත සමග කරන සංවේදී මානුෂික ගනුදෙනුවක් බවය.

දුනිත්ගේ තාත්තා මතක් කර ගියේ ඒ පාඩම බව විශ්වාස කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සියල්ලම පෙළ ගැසුනේ දුනිත්ගේ ක්‍රිකට් ඉරණම තීන්දු කරන්නට ද?

Next Post

එල්.ටී.ටී.ඊ ය ගෝනගල සමූහ ඝාතනය සිදුකර අවුරුදු 26යි… මිය ගිය අය වෙනුවෙන් පින්කමක්!

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.