මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව සිදුකල මෙහෙයුම්වලින් දැනට උණ්ඩ 2110ක් සොයාගෙන ඇති බව විමර්ශන අංශ පවසයි..
ඊයේ දිනයේ සෝදිසි මෙහෙයුම්වලින් T56 උණ්ඩ 860ක් ,ගුවන්යානා නාශක උණ්ඩ 4ක් සහ බර අවි සඳහා භාවිතා කරණ උණ්ඩ 93ක් සොයා ගෙන තිබිණි.
මීට පෙර සිදුකළ මෙහෙයුම්වලින් සොයාගත් උණ්ඩ ප්‍රමාණය, 1163 කි.
ටී 56 උණ්ඩ 895 ක්, මිලි මීටර් 71 වර්ගයේ උණ්ඩ 116 ක් සහ මිලිමීටර් 41 වර්ගයේ උණ්ඩ 10 ක් ද, ඒ අතරට ඇතුළත් වේ.
මොරගහකන්ද ජලාශයේ නැරඹුම් මධ්‍යස්ථානය ආශ්‍රිතව තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකය.







