ශ්‍රියානි විජේසිංහ –
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව කැඳවීමේ බලය ඇත්තේ සන්ධානයේ මහලේකම්වරයා ලෙස තමාට පමණක් බවත් වෙනත් කෙනෙකු විධායක සභාව කැඳවන්නේ නම් එයට එරහිව අධිකරණයට යන බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව විධායක සභාව කැඳවීය හැක්කේ පක්ෂනායකයාගේ උපදෙස් මත පක්ෂයේ මහලේකම්වරයාට පමණක් යැයිද මෛත්‍රිපාල සිරිසේන විධායක සභාව කැඳවිමට තීරණය කර ඇත්තේ කාගේ හෝ වුවමනාවක් මත යැයිද ඇමතිවරයා පෙන්වාදේ.
මෙය නිති විරෝධි වැඩක් කටයුත්තක් බැවින් මෙය වහාම නතර කරන්නැයි තමා මෛත්‍රිපාල සිරිසේනට ලිඛිතව දැනුම් දුන් බවද අමරවීර පවසයි.