මේ සති අන්තයේ කිසිදු අන්දමකින් සංචරණ සිමා පැනවීමක් සිදුනොකරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වුණ විශේෂ මාධ්‍ය හමුවේ දීය.
එහෙත් ජනතාව වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව යුදහමුදාපතිවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් කොවිඩ් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වුවහොත් එම ප්‍රදේශය හුදෙකලා කිරිමක් කරන බව යුද හමුදාපතිවරයා කීවේය.







