බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ආණ්ඩුව කාලයේදීම නවක වදය නවත්වන්න නවකවද විරෝධී ජාතික කමිටුවක් පිහිටුවයි…

by editor
සැප්තැම්බර් 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නවක වදය මේ ජනාධිපතිවරයාගේ කාලය තුළම  නැවැත්වීමේ අභිලාෂය සහිතව නවක වධ විරෝධී ජාතික කමිටුවක් පිහිටුවීමට පියවර ගෙන ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්   පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

ගතවූ මාස 12ක කාලය තුළ නවක වධ සිදුවීම් 36ක් වාර්තා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සිසුන් 57දෙනෙකුගේ පන්ති තහනමට ලක්කර ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා ජාතියක් ලෙස විලි ලජ්ජාවට පත් විය යුතු නවකවද පිළිකාවේ උපරිමය සරසවිය තුළම රැඳී සිටිමින් සේවය කරන හිටපු උප කුලපතිවරයෙකුගේ නිවස කඩා පවුලේ අයට පහර දීමේ සිද්ධියෙන් ප්‍රකට වන බව පැහැදිලි කළේය.

එහිදී රාජ්‍ය ඇමතිවරයා මෙසේ ද කීවේය.

පසුගිය මාස 12 තුළ දී නවක වදය හෝ ඒ හා සමාන සිද්ධීන් 36ක් වාර්තා වෙල තියනවා. නවක වදය හෝ වෙනත් මෙවැනි වූ කාරණාවලට සම්බන්ධව පන්ති තහනමට ලක් වී ඉන්නවා මේ වෙනකොට 57 දෙනෙක්. මාස 08 ක පමණ කාලයක් තිස්සේ අපි කතා කර සමාජ ව්‍යුහාත්මක දේශපාලනික කළමනාකරණ යන කොණ කීපයකින් බලා නවකවද විරෝධී ජාතික කමිටුවක් පිහිටෙව්වා.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

රජයට පුලුවන් නීති සම්පාදනය කරන්න. රජයට පුලුවන් තියන සියලු සම්පත් පාවිච්චි කර ව්‍යුහාත්මක ආයතන පිහිටුවන්න.  නමුත් මෙහි වගකීම අවසාන වශයෙන් තිබෙන්නේ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් සහ විශේෂයෙන් උපකුලපති තුමාට.

නමුත් අපි දන්නවා මේ පිළිකාව වර්ධනය වි තිබෙන ප්‍රමාණය කොයිතරම් ද කියනවා නම් මේ වසරේ මුල හරියේ විශ්වවිද්‍යාලය තුළම සේවය කරන කලින් හිටපු උප කුලපතිවරයෙකුගේ ගේ කඩලා එතුමාට සහ එතුමාගේ පවුලේ අයට පහර දුන්නා.

දවල් ආහාරය ගන්න තවත් පීඨයකින් වෙනත් පීඨයකට අයිති ආපන ශාලාවකට පැමිණි ගැහැණු දරුවන් තුන් දෙනෙකුට පහර දීම් කළා.

අපි ජාතියක් ලෙස ලජ්ජා විය යුතුයි. බුද්ධිමය සමූහයක් විදිහට අපි ලජ්ජා විය යුතුයි.

ප්‍රචණ්ඩත්වය තමන්ගේ මූලධර්මය හැටියටත්, තමන්ගේ මතවාදය හැටියටත් පිළිගත්ත දේශපාලන පක්ෂ සහ ක්‍රියාධරයන් මේ නවක වදය දිගටම කරන බව දැනට ඕනෑවට වඩා සාක්ෂි තියනවා.

ජනාධිපති තුමාත්, කැබිනට් ඇමති සුසිල් ප්‍රේමජයන්තත්, අගමැති තුමාත් අපි සියලුම දෙනා කැප වී සිටිනවා මේ අබෞද්ධ අසිංහල ශිෂ්ඨාචාරයෙන් තොර වුන මේ ක්‍රියාවලිය නැවැත්විය යුතුයි. ඒ අපේ කාලයේ දී සිදුවිය යුතුයි කියලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හීනටියන මහේෂ් ගේ ප්‍රධානම වෙඩික්කරු අත් අඩංගුවට…

Next Post

තිලීපන් සැමරුමට පහර දුන් පුද්ගලයින් 06ක් අත් අඩංගුවට…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.