ජයකාන්ත ලියනගේ – බළපිටිය –
මුහුදු රළ ගොඩට ගලා ඒම හේතුවෙන් ගාල්ල – කොළඹ මාර්ගයේ අම්බලන්ගොඩ, උස්මුදුලාව හන්දියේ සිට හික්කඩුව, කුමාරකන්ද හන්දිය දක්වා වූ කොටස තව දුරටත් වසා තැබීමට රජය අද (03) තීරණය කළේය.
පෙරේදා (01), ඊයේ (02) සහ අද (03) පැවති අධික සුලං හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල වරාය ආසන්න ප්‍රදේශය, උණවටුන, හික්කඩුව, කහව, තෙල්වත්ත, මාදම්පාගම, පැරෑලිය ආදී ප්‍රදේශයන්හි මුහුදු රළ ගොඩට ගලා ඒමෙන් විශාල වශයෙන් මාර්ග ගමනාගමනයට බාධා එල්ල විය.
මේ හේතුවෙන් ගාල්ලේ සිට අම්බලන්ගොඩ දක්වා මාර්ගය තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කල අතර එයින් කොටසක් අද (03) දිනයේදී යලි විවෘත කර තිබේ.
නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී තිබෙන බවත් පුත්තලම සිට කොළඔ, ගාල්ල, හම්බන්තොට සිට පොතුවිල් දක්වා අධික සුලං පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මුහුදු රළ ගොඩ ගැලීම හේතුවෙන් වසා දමා තිබෙන මාර්ග වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.