අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුහුදු මහාවිහාරයේ අක්කර 72 ගැන අගමැතිගේ කතාවට විහාරාධිපති හිමියෝ විරෝධය පාති

by Lanka Sara Editor
ජූලි 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

වීරකැටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොතුවිල් මුහුදු මහාවිහාරයේ ස්වාමීන් වහන්සේලා එම විහාරයට අයත් යයි කියන කොහේවත් නැති අක්කර 70ක් ඉල්ලාසිටින බව ප්‍රකාශකිරීම මුහුදු මහාවිහාරාධිපති නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක වරකාපොළ ඉන්ද්‍රසිරි නාහිමියෝ දැඩි සේ හෙළාදකිති.

මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපානන ජීවිතය සරුසාර කිරීම සඳහා කැපවුණු භික්ෂුවක ලෙස, අග්‍රමාත්‍යවරයා මුහුදු මහා විහාරයට අයත් ඉඩක් අක්කර 72ක පිළිබඳව කළ කතාව පිළිබඳව තමන් කණගාටුවට පත් වූ බවත් තමන් වහන්සේලා ඉල්ලා සිටින්නේ කොහේවත් නැති අක්කර 72ක් නොව 1952 -01-26 වැනිදා මහාචාර්ය සෙනරත් පරණවිතාන මැතිතුමා විසින් මතුපිට පුරාවිද්‍යා නටඹුන් සහිත ප්‍රදේශයක් ලෙස ගැසට් කරන ලද අක්කර 72 රූඩ් 3 පර්චස් 13ක් පිළිබඳව බව එම නාහිමියෝ අවධාරණය කරති.

උන්වහන්සේගේ ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.

“අගමැතිතුමා වීරකැටිය ප්‍රදේශයට ගිහිල්ලා මුහුදු මහා විහාරයේ අක්කර 30ක් ගැන කතා කරනවා. එහිදී එතුමා කියනවා මුහුදු මහා විහාරයේ හාමුදුරුවෝ කොහේදෝ නැති අක්කර 70ක් ඉල්ලනවා කියල එතුමාගේ දේශපාලන ජීවිතය සරුසාර කිරීමට කැපවූ නැගෙනහිර පළාතේ ශික්ෂූන් වහන්සේ නමක වශයෙන් මට මේ කතාව පිළිබඳව ලොකු කලකිරීමක් ඇති වුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇත්තටම මම ඉල්ලන්නේ කොහේවත් නැති එකක් නෙවෙයි. මෙම අක්කර 72ක මුහුදු මහා විහාරයට අයිති එකක්. කරුණාවෙන් ඉල්ලන්නේ එම ඉඩම් අපට ලබා දෙන්න කටයුතු කරන්න මේ මැතිවරණෙන් ඉස්සරලා.

මම කියන්නේ නෑ මේ අක්කර 72 තුළ ඉන්න ජනතාව ඉවත් කරන්න කියල. අපි කියන්නේ ඒ අක්කර 72 දෙන්න ඒවායේ මායිම් ගල් යොදල සලකුණු කරල ඉවර වුණාට පසුව මැතිවරණය අවසන් වුණාම අදියරෙන් අදියර මේ ජනතාව ඉවත් කිරීමට කටයුතු කරන්න පුළුවන්. එය රජයට මුදල් තිබෙන විහිදදට කළාට කමක් නෑ. අපට මේ සඳහා ගත වන කාලය අවුරුද්දක් හෝ දෙකක් තුනක් වුණාට කමක් නැහැ. අපට කාලවකවානු වැදගත් නෑ. නමුත් මේ අක්කර 72 පිළිබඳ අයිතිය තහවුරු කර දෙන්න.

මම නැවතත් ඉල්ලා සිටිනවා ගරු ජනාධිපතිතුමාගේ උතුම් සංකල්පයට හමදෙනාම ඉඩ දෙන්න. මම නැගෙනහිර මුස්ලිම් ජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා මේ වැඩපිලිවෙළට සහය දෙන්න කියල. ඔවුන්ගේත් සාක්කු ලාච්චු පිරෙන්නේ මේ දේපළ ආරක්ෂා වුණොත් විතරයි කියල මම සඳහන් කරන්න කැමැතියි.

උන්වහන්සේට අමතරව මෙම විහාරයේ වැඩ වසන ස්වාමීන් වහන්සේ නමක් ද ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා මෙම විහාරස්ථානයේ වැඩිදියුණුවට විශාල වැඩකොටසක් කළ පුද්ගලයකු බවයි. එසේ වුවද ඔහු අපකොහේවත් නැති අක්කර 72ක් ඉල්ලනවා යයි කියන කතාව පිලිබඳව කණගාටු වන බවයි.

මෙම අක්කර 72 අක්කර 30ක් බවට පත් වුණේ 1965 වසරේදී මෙම ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් පුද්ගලයන්ට වාසි වන අයුරින් ප්‍රකාශයට පත් කරන ලද ගැමට් පත්‍රයක් නිසා බවට උන්වහන්සේ පැවසූහ. එය ග්‍රාම සේවක සහ එවකට සිටි ප්‍රාදේශිය උපදිසාපති වරයා එකතු වී බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගත් අයට කුමන්ත්‍රණ්කාරී ලෙස ඉඩම් ලබා දීමේ වැඩක්.

එසේ වුවත් මෙම ඉඩම් අල්ලාගත් පුද්ගලයන්ටත් ජීවත් විමේ අයිතියි තිබෙනවා. බෞද්ධ භික්ෂූන් වහන්සේලා හැටියට අප එය පිළිගන්නවා. ඔවුන් එළවා දමා ගෙවල් ඩෝසර් කර මෙම ඉඩම් අක්කර 72ක් ලබා ගැනීමට අපට අවශ්‍ය නැහැ. නමුත් මේ භූමිය සකල ශ්‍රි ලංකාවාසීන්ගේම උරුමයක් බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

Tags: නවතම
Share88Tweet43
Previous Post

“මෙවර පොහොට්ටුවෙන් ‘බූරුවන් සහ අශ්වයන්’ දෙගොල්ලම ඉදිරිපත් කරලා තියෙනවා”

Next Post

රාජාංගනයේ කොරෝනා මෙහෙයුමෙන් පාසල් දරුවන් 70ක් – ප්‍රදේශවාසීන් 300ක් නිරෝධායනයට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.