දිනසේන රතුගමගේ:
කිළිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුවන එස්.ශ්‍රීධරන්ගේ සහ එම්.සුමන්තිරන්ගේ අනුරූවලට ඊයේ (26 දා) සවස ගිනිතැබුවේය.
ගිනි තැබීමට පැමිණි තරුණයෝ මුහුණු ආවරණය කරගෙන පැමිණ සිටියහ.
මීට මාසයකට ඉහතදී ද මේ දෙදෙනාගේ අනුරූ දෙකක් තනා යාපනයේ වඩමරච්චි කෝවිල් පාරේ දී ගිනි තැබුවේය. ඔවුන් දෙදෙනාටම විශාල පිරිසකගෙන් චෝදනා එල්ල වී ඇත්තේ ඔවුන් මන්ත්‍රීවරු ලෙස කටයුතු කළ කාලයේදී දෙමළ ජනතාව පාවා දී දෙමළ ද්‍රෝහීන් ලෙස කටයුතු කළ බව කියමිනි.