දිනසේන රතුගමගේ –
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ගව ගාලකදී හිස් දෙකක් සහිත වසු පැටවෙකු බිහි වී තිබේ.
ගව හිමියා ප්‍රකාශ අක්ළේ හිස් දෙකක් සහිත වසු පැටවා හොද සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවය.
මේ පුදුම වසුපැටවා දැක බලා ගැනීම පිණිස විශාල පිරිසක් විශ්වමඩු ගම්මානයේ ගවගාල වෙත පැමිණෙන්නට පටන් ගෙන තිබේ.
මුලතිව් දිස්ත්‍රික්කයේ පශු වෛද්‍ය නිලධාරීවරයා ඇතුලු පිරිසක්ද මේ හිස් දෙකක් සහිත වසු පැටවා දැක බලා ගැනීමට පැමිණ ඇති අතර ඔහු ප්‍රකාශ කොට ඇත්තේ මෙවැනි අස්වාභාවික ලක්ෂණ සහිතව බිහිවන සතුන්ගේ ආයු කාලය එතරම් දීර්ග නොවන බවයි







