අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් අද සවස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. විනිසුරු ටී.එන්.එල් මහවත්ත මහත්මිය විසින් නියෝග කරනු ලැබ ඇත්තේ ඔවුන් සම්බන්ධයෙන් නීති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
මුදලිගේ සහ සිරිධම්ම හිමියන් රැඳවුම් නියෝග මත දින 90ක් මුළුල්ලේ තංගල්ලේ රඳවා සිටි අතර අද සවස 5.00ට පමණ සම්පූර්ණයෙන් ආවරණය කොට අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් ඔවුන් මෙසේ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.