කිර්ති ප්රනාන්දු –
බොර තෙල් නොමැතිව මාසයක් තිස්සේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා තිබෙද්දි පිරිපහදුව වෙනුවෙන් බොර තෙල් රැගෙන පැමිණි බොරතෙල් නැව දැනට මාස එක හමාරක කාලයක් ප්රමාද ගාස්තු ගෙවමින් මුහුදේ නැංගුරම් ලා තිබේ.
තෙල් පිරිපහදුවේ වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ මාස එක හමාරක් තිස්සේ නවත්වා ඇති මෙම බොරතෙල් නැව වෙනුවෙන් තවත් බොරතෙල් නැවක වටිනාකමට ප්රමාද ගාස්තු ගෙවීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවය.
“ ගොඩබාන දවසක් ගැන තවම නිශ්ඡිත දිනයක් නෑ. මූලිකම හේතුව මුදල් ගෙවා ගැනීමට නොහැකි වීම. මේ නැව යන්නෙත් නෑ. පිරිපහදුවට බොරතෙල් ගන්නෙත් නෑ…. ගන්න සල්ලිත් නෑ.. සල්ලි දෙනකම් ඔවුන් ඉන්ධන ගොඩබාන්නෙත් නෑ“
වෘත්තීය සමිති ප්රකාශකයෙක් ලංකාසරට පැවසීය.







