මනම්පිටිය නිමල් ජයරත්න –
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය කරමින් තිබූ මීනගයා දුම්රියට ගල්ඔය සහ හබරණ අතර අද ( 20 ) අලුයම හතරට පමණ හබරණ ප්රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් දුම්රිය පීලි පැන්නේය.

මෙම අනතුරින් වන අලියා බරපතල තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි,
තුවාල ලැබූ වන අලියාට ප්රතිකාර කිරීම කටයුතු 0 අද උදෑසන ආරම්භ කළ බව හබරණ වනජීවී කාර්යාලය සඳහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් දුම්රිය පිළිගත කිරීමේ කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරමින් ඇත







