බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව බන්ධනාගාරයේ සුරසැප දෙන්න ලක්ෂ ගණන් කළ ගනුදෙනු හෙළිවෙයි

by Lanka Sara Editor
අගෝස්තු 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ විසින් සිරකරුවන්ට සුඛෝපභෝගී සිර මැදිරිය වෙන් කිරීම වෙනුවෙන් රුපියල් 10,000 සිට රුපියල් ලක්ෂ 2 දක්වා වූ මුදල් අයකළ බව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පසුගියදා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඔහු මේ බව පවසා ඇත්තේ, අත්අඩංගුවට ගෙන සිටින, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ සෙසු නිලධාරීන් 4 දෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනරාල් දිලීප පීරිස් මහතා පවසා ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ ඇතැම් සිරමැදිරි හෝටල් කාමර ආකාරයෙන් සකස් කර ඇති බවයි.

එමෙන්ම ඒවා මත් ජාවාරම්කරුවන් හා වෙනත් අපරාධකරුවන් වෙනුවෙන් මුදල් අය කර ගනිමින් වෙන් කර ඇති බවට ද බවටද දිලීප පිරිස් මහතා අධිකරණයේදී පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සුඛෝපභෝගී සිර මැදිරිවල මුදල් අයකිරීමේ ගනුදෙනු බන්ධනාගාරයේ ආපනශාලාව හරහා සිදුවී ඇති බවද දිලීප පිරිස් මහතා අධිකරණයේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මෙම කරුණු හෙළි වී ඇත්තේ මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කරන ලද විමර්ශනවලින් බවද දිලීප පීරිස් මහතා සඳහන් කර ඇත.

එමෙන්ම අනුරුද්ධ සම්පායෝගේ සෘජු අධීක්ෂණය යටතේ L මැදිරියේ රඳවා සිටින සිරකරුවන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සහ බෙදා හැරීම හැරීම ද සිදු වී ඇති බව විමර්ශන මගින් හෙළි වී ඇතැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.

විමර්ශන සිදු කිරීමේ දී හමුවූ විද්‍යුත් තරාදිය එම කටයුතු සදහා යොදා ගෙන ඇති බවටද හෙළිවී ඇත.

මීගමුව බන්ධනාගාරයෙන් හමුවූ රයිස් කුකර් එක සහ ශිතකරණය භාවිතයට ලබා දී ඇත්තේ ග්‍රෑම් 200ක හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් රඳවා සිටින සිරකරුවෙකු වෙනුවෙන් බවට ද හෙළිවී ඇතැයි දිලීප පිරිස් මහතා අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.

ශීතකරණය අදාල සිරකරුගේ දෛනික ඉන්සියුලින් ගබඩා කර තැබීම සඳහා යොදාගත් බව කීවද වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ එම සිරකරුට ඉන්සියුලින් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

අනුරුද්ධ සම්පායෝ බන්ධනාගාරයේ රැඳවියන්ට ජංගම දුරකථන භාවිත කිරීමට ඉඩදීම වෙනුවෙන් මසකට එක් ලක්ෂ පනස් දහසක මුදලක් අය කරගෙන ඇතැයිද විමර්ශනවලදී හෙළිවී ඇතැයි පැවසේ.

පීරිස් මහතා අධිකරණයට වැඩිදුරටත් පවසා ඇත්තේ අනුරුද්ධ සම්පත් අත්අඩංගුවට ගැනීම, මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ ඔහුගේ සමීප පාසල් මිතුරා වූ සම්පායෝ අතර සිදු වූ ‘ඩීල්’ එකක් බවයි.

මේ නිසාම සම්පායෝට ඇප නොදෙන ලෙස ද ලෙස රජයේ අතිරේක සොලිසිටර්ද ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ අනුව මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේ අගෝස්තු 31 වැනි දා තෙක් අනුරුද්ධ සම්පායෝ සහ සෙසු නිලධාරීන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙල්ෆ්ට් කාන්තාවන් දෙදෙනෙක් තරුණියක් මරා මුහුදට දාලා…

Next Post

තුනෙන් දෙක අවිනිශ්චිතයි – 20 වැනි සංශෝධනයක

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.