ඇමරිකානු රජයට ඔත්තුකරුවකු ලෙස ක්‍රියා කළ බවට හෙළිවූයේ යැයි කියන මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ජාතික සංවිධාන එකමුතුව විසින් පාර්ලිමේන්තුවේ උසස් බලතල සම්බන්ධයෙන් වූ කාරක සභාව වෙත ලිපියක් යොමුකර තිබේ.
ඔවුන් සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ 2002 වසරේ සිට ඇමෙරිකානු ඇමෙරිකානු තානාපතිවරුන් එකසිය 150කගේ කේබල් පණිවිඩ විශ්ලේෂණය මගින් මිලින්ද මොරගොඩ මහතා ඇමරිකානු රජයට කොත්තුකරුවකු ලෙස ක්‍රියා කළ බවට හෙළිදරව් වී ඇති බවයි.
එමෙන්ම ඒ සම්බන්ධයෙන් විකිලීක්ස් හෙළිදරව් මගින් ද අනාවරණය කර තිබූ බව ඔවුන් පෙන්වා දෙයි.
එමෙන්ම මිලින්ද මොරගොඩ මහතා මෙරට අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ රජයේ දේපල අවතක්සේරු කොට තම හිතවත් ව්‍යාපාරිකයින් වෙත අලෙවි කිරීමට ද ඇමති බලතල අයුතු ලෙස යොදා ගත් බවට නඩු තීන්දු දෙකකින් ප්‍රකාශයට පත්වූ බවත් ජාතික සංවිධාන එකමුතුව සිහිපත් කර තිබේ.
එවැනි පුද්ගලයකු රටේ ජාතික ආරක්ෂාවට ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පදවියට පත්කිරීම සම්බන්ධයෙන් යළි සලකා බලන්නැයි එම සංවිධානය සිය ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.