බස්නාහිර, වයඹ, සහ සබරගමු පළාත්වලත්, නුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළිත් නිවේදනය කරයි.
බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරවී පවතින බවත්, විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බවත් එම නිවේදනයේ දැක්වේ.
ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානයන්හිත් මාතලේ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලි මීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව දක්වන එම නිවේදනය පහතින් දැක්වේ.







