ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල්වරයා වශයෙන් එන්.කේ.යූ.රෝහණ වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජෙනරාල් වශයෙන් කටයුතු කළ වයි.ජී.ඥානතිලක 2025-10-01 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවේය.
ඒ අනුව, පුරප්පාඩු වී ඇති සර්වේයර් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සර්වේයර් ජනරාල්වරයා වන එන්.කේ.යූ.රෝහණ මෙලෙස පත් කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා අද කීවේය.







