පසුගිය 09 දා අරලියගහ මන්දිරයේ සිටි පිටත් වූ මැර කණ්ඩායම් ගෝල්ෆෙස් සාමකාමී උද්ඝෝෂණයට පහර දී කළහකාරී සිද්ධියක් ඇති වූ පසු රට පුරා මහා භීෂණයක් ක්‍රියාත්මක වූ බවත්, අද ඊට සම්බන්ධ ඇතැම් අය අත්අඩංගුවට ගත්ත ද එම ක්‍රියාවට නායකත්වය දුන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති බවත්, ඔවුන් වහාම අත්අඩංගුවට ගත යුතු බවත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පැවසීය.
මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් රැසක් මේ වනවිට අත්අඩංගුවට ගනිමින් සිටින බව පවසන ඔහු එම ක්‍රියාව දක්වා ඔවුන් පෙළඹවූ මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු , ඇතුළු කිසිවෙක් මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නැති බව සඳහන් කළේය.
කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේබව සඳහන් කළ අජිත් ප්‍රසන්න ඉල්ලා සිටියේ වහාම අරලියගහ මන්දිරයේ රැස් වී ප්‍රචන්ඩකාරී ක්‍රියාව සැලසුම්කළ සියලු දෙනා නීතියේ රැහැනට හසු කරගන්නා ලෙසය.
රට සමාජ ආර්ථික හා දේශපාලනික වශයෙන් ඛේදනීය තත්තවට පත්ව සිටිය දී කිසිම පාර්ශවයක් භාර නොගත් රටේ වගකීම භාරගනු ලැබූ රනිල් වික්‍රමසිංහට තමාගේ පූර්ණ සහයෝගය ලබා දෙන බව හෙතෙම කීය.
තමන් පොදුජන පෙරමුණේ දකුනු පලාත්සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරමින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමට කැප වී ක්‍රියාකළ අයෙක් බවත් අද තමන් රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා දෙන්නේ ඔහු රට අතරමං නොකර රට භාරගත් නිසා බව අවධාරණය කළේය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට මෙම දිගුවෙන් එළඹිය හැකිය. – https://www.youtube.com/watch?v=_4-UuOpsz-0







