බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණ නීති උල්ලංඝනය කළ රාජ්‍ය සේවකයින් 09ට සිදුවන්නේ කුමක් ද?

by editor
සැප්තැම්බර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී – 

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වූයේ යැයි පැමිණිලි ලැබී තිබූ රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකු මැතිවරණ රාජකාරීවලින් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු කර තිබේ.

හම්බන්තොට මැතිවරණ දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙලෙස මැතිවරණ රාජකාරීවලින් ඉවත් කර තිබෙන අතර, තවත් නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.පී. සුමනසේකර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

එලෙස රාජකාරීවලින් ඉවත් කළ නිලධාරීන් අතර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද සිටින බව ඔහු සඳහන් කර තිබේ.

‘මැතිවරණ කොමිසමට කළ හැකි කුමක් ද?’

මෙලෙස මැතිවරණ රාජකාරීවලින් ඉවත් කෙරුණු නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවා දැයි දැන ගැනීමට බීබීසී සිංහල සේවය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්.ඒ. රත්නායකගෙන් විමසීමක් කළේ ය.

එහිදී සභාපතිවරයා පැවසුවේ, මැතිවරණ කොමිසමට කළ හැකි වන්නේ ඔවුන් මැතිවරණ රාජකාරිවලින් ඉවත් කිරීම පමණක් බව ය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“මේ අයට පරීක්ෂණ හෝ ක්‍රියාමාර්ග ගැනීමක් මැතිවරණ කොමිසම හරහා සිදුවන්නේ නෑ. මේ අය සේවය කරන ආයතන හරහා තමයි පරීක්ෂණයක් කරනවා නම් කරලා ක්‍රියාමාර්ග ගැනීමක් සිදු කරන්නේ.”

‘පරීක්ෂණ සිදුවන්නේ ආයතන සංග්‍රහයෙන්’

එම නිලධාරීන්ට අදාළව පරීක්ෂණ පැවැත්වීම සිදු කෙරෙන්නේ, ආයතන සංග්‍රහයේ ඇති සීමාවන් අනුව බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

“ආයතන සංග්‍රහයේ වෙන ම පරිච්ඡේදයක් තියෙනවා රාජ්‍ය නිලධාරීන්ගේ දේශපාලන අයිතිවාසිකම් සම්බන්ධයෙන්. මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් නෑ. මාණ්ඩලික නොවන නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් තිබුණත් ඒවා රාජකාරී වේලාවේදී කරන්න බෑ. රාජකාරියට මුල් තැන දෙන්න ඕනෑ,” ඔහු පැවසුවේ ය.

එම සීමාවන්ට අනුව ඔවුන් සේවය කරන රජයේ ආයතන පරීක්ෂණ පවත්වා නිසි ක්‍රියාමාර්ග ගැනීමක් සිදු කරනු ඇතැයි ඔහු පැවසුවේ ය.

ආයතන සංග්‍රහයේ සඳහන් වන්නේ කුමක් ද?

ආයතන සංග්‍රහයේ 32 වන පරිච්ඡේදයේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම සම්බන්ධයෙන් සීමාවන් දක්වා තිබේ.

එම සීමාවන්ට අනුව “ජනාධිපති තේරීමකදී, පාර්ලිමේන්තු මැතිවරණයකදී, ජනමත විමසුමකදී, පළාත් සභා මැතිවරණයකදී, හෝ පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන කටයුත්තක යෙදීම” තහනම් වන නිලධාරීන් මෙසේ ය.

  • අධිකරණ නිලධාරීන්
    සන්නද්ධ සේවා නිලධාරීන්
    පොලිස් නිලධාරීන්
    අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පොලිස් කටයුතු ඉටු කරන වෙනත් සාම නිලධාරීන් (උදා: ග්‍රාම නිලධාරීන්)
    බන්ධනාගාර නිලධාරීන්
    රජයේ සේවයේ නියුක්ත මාණ්ඩලික හෝ අධීක්ෂණ නිලධාරීන්
    මැතිවරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, (එහි සේවය කරන තෙක්)

මෙම නිලධාරීන් හැර අනෙක් නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමේ අවස්ථාව හිමි අතර, දේශපාලන පක්ෂවලට සම්බන්ධ වීම හෝ රැස්වීම් ඇමතීම් ආදිය හුදෙක් රජයේ සේවයේ ඔහු කරන වැඩකටයුතුවලට හානියක් නොවන පරිදි ඒවායෙහි නිරත විය හැකි බව ද ආයතන සංග්‍රහයේ සඳහන් කර තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් 8000ක් සක්‍රීයව ඡන්දය නිරීක්ෂණයේ…

Next Post

මිනිස්සුන්ට ඡන්දේ දීම එපා වෙලා ද?… ගම්පහ දිස්ත්‍රික්කය තුළ උදේ වරුවේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කැපී පෙනෙන අඩුවක්…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.