අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාස 7ක් තුළ බිළිඳුන් 43ක් විකිණූ ‘මානව හිතවාදියා’ගේ පැටිකිරිය එළියට

by Lanka Sara Editor
දෙසැම්බර් 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

යූටියුබ්, ෆේස් බුක් අතුළු සමාජ මාධ්‍ය ජලා ඔස්සේ දැවැන්ත ප්‍රචාරයක් ගෙන යමින් අලුත උපන් දරුවන් විවිධ පුද්ගලයන් වෙත විකිණූ බව කියන සී.එස්.එන් නේෂන් ලංකා නැමැති ආයතනයක චරිත් උක්වත්ත නැමැති පුද්ගලයෙක් මාතලේ උකුවෙල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එරෙහිව සාපරාධී අපරධායක් කිරීමේ චෝදනා යටතේ නඩු පරවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.

අතවරයට පත් වී ගැබ් ගත් තරුණ මවුවරුන් ගෙන්වා ඔවුන් තමන් භාරයේ රඳවා ගෙන දරුවා බිහි වූ පසු එම දරුවන් විකිණීම මොහු විසින් කර ඇත්තේ පසුගිය මැයි මස සිට ය.

මේ දක්වා දරුවන් 43 දෙනෙක් එක් දරුවෙක් ලක්ෂ 2ත් ලක්ෂ 1.5ත් අතර මුදලකට විකුණා ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශ ආරංචි මාර්ග හෙළිදරවු කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම මුදලට අමතරව නීතිඥ ගාස්තු ලෙස රුපියල් පනස් හත් දහස් පන්සියයක මුදලක් ද ඔහු විසින් අය කෙරගෙන තිබේ.

තමන් මානුෂික ක්‍රියාන්විතයක නිරතවන බව පවසමින් මෙම තැනැත්තා මෙම දරුවන් දෙවන පාරශවයක් වෙත විකුණා ඇත්තේ දරුවන් හදා වඩා ගැනීමේ පනතේ සියලුම නීති රීති උල්ලංඝණය කරමින් දිවුරුම් පෙත්සමක් මගින් පමණක් තුන්වන පාර්ශවයට දරුවා පවරා දීමෙනි.

මේ තැනැත්තා මෙම ව්‍යාපාරය කරගෙන යෑම සඳහා මොරටුව කල්දමුල්ල හා දමහම් මාවතේ නිවාස දෙකක් පවත්වාගෙන ගොස් ඇත.

එම නිවාස තුළ ගැබිනි මවුවරුන් 12ක් මේ වනවිටත් සිට ඇත.

එක් නිවසක් සඳහා රුපියල් 45000ක් පමණ මුදලකුත් තවත් නිවසක් සඳහා රුපියල් 38000 මුදලකුත් මාසිකව ගෙවා ඇත්තේ දරුවන් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින අනෙක් පාර්ශවයේ පුද්ගලයන්ගෙනි.

මේ තැනැත්තා හෝ ඔහුගේ බිරිය රැකියාවක් නොකරන බවත් නිවාස දෙක බලා ගැනීම සඳහා අධ්‍යක්ෂවරියක් ලෙස රුපියල් පනස් දහසක වැටුපකට කාන්තාවක් බඳවාගෙන ඇති බවත් පොලිසිය කියයි.

මේ තැනැත්තා පවත්වාගෙන යන සී.එස්.එන් නේෂන් ලංකා නැමැති සමාගමට ව්‍යාපාර ලියාපදිංචියක් පමණක් ඇති බව පොලිසිය කියයි.

එය ලියාපදිංචි කර ඇත්තේ 2014 දී යැයි පොලිස් ආරංචි මාරග හෙළි කරගෙන ඇත.

ඒ කාලය අතර තුර විවිධ ව්‍යාපාර කරමින් පැමිණි මේ තැනැත්තා අලුත උපන් දරුවන් විකිණීමේ ජාවාරමට ආරම්භ කර ඇත්තේ පසුගිය මැයි මාසයේ දී ය.

මේ දරුවන් ලබා ගත් පිරිස අතර නීතිඥවරු පොලිස් නිලධාරීන් පවා සිටින බව හෙළි වී තිබේ.

පසුගිය මස මුල සිට පරීක්ෂණ ආරම්භ කර මේ අට වැනිදා ආයතන පරීක්ෂාවක් සඳහා ඔහුව කැඳවා තිබේ. එදා සිට මේ තැනැත්තා අතුරුදන්ව ඇත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරනු ලැබු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ජාවාරම මෙහෙයවු චරිත් උක්කවත්ත නැමැති 47 හැවිරිදි පුද්ගලයා ඊයේ (21) රාත්‍රියේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු කොමිසමේ කාලය දීර්ඝ වෙයි

Next Post

අලුත් කොරෝනා ප්‍රභේදය හමුවේ විදේශවල සිට මගින් ගෙන්වා ගැනීම පිළිබඳ රජයේ තීරණය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.